ශශී

මගේ මිතුරෙක් ක්‍රිකට් වලට තදින් ඇබ්බැහි වී සිටියේය.ලසිත් මාලිංග යනු ඔහුගේ ප්‍රියතම ක්‍රීඩයා විය. මැච් තිබෙන දවසට පාසල් ද නො එන තරමට ඔහු ක්‍රිකට් උන්මත්තකයෙක් විය....ඔහුගේ පියාද මැච් තිබෙන දවසට ඔෆිස් නොයයි. දින තුනකට පමණ කලින් ඔහු තදබල ලෙස අසනීප වී ඇත. ඔෆිස් නොයා ගෙදරට වී සිටි ඔහු හරි හැටි කෑමක් බීමක් පවා නොගත් බව ඔහුගේ මව මට පැවසුවාය. දැන් ඔහුගේ තත්වය ටිකක් යහපත් අතට හැරී ඇති බැවින් මට ඔහු හා සමඟ කතා කිරීමට ලැබුනි. 
      ඔහුට අසනීප වී ඇත්තේ ලසිත් මාලිංග මාධ්යයට බණ වැදීමෙන් අනතුරුවය. ඔහුට ක්‍රිකට් එපා වී ගොස් ඇත. තම පියාට 2011 ලෝක කුසලානය අවසානයේ හාර්ට් ඇටෑක් සෑදෙන තරමටම අමාරු වූ බවද, තමා ද  එම තත්වයටම කලින් ක්‍රිකට් බැලීම නතර කරන බවද ඔහු මා සමඟ පැවසීය. කිසිම ක්‍රීඩකයෙක් මින් පසු තමන්ගෙ ප්‍රියතම ක්‍රීඩකයන් බවට පත් කර නොගන්නා බවද , මැච් බැලීමට නොයන වගද, කීයයි කිව්වත් චියර් නොකරන බවද මා සමඟ පැවසෙය. තව සති දෙක තුනක් ඉවසමු යැයි මම යෝජනා කළත් ඔහුගේ දැඩි ස්ථාවරය වෙනස් කිරීමට මට නොහැකි විය.....ලසිත් මාලිංගට තමන් වයිර නොකරන බවද, මාලිංගට වයිර කරන අයට වයිර නොකරන බවද ඔහු මට පැවසීය. අවසාන වශයෙන් තමන් ලෙඩ ඇඳට වී සිටියදී  ලියන ලද ගීතයක් මට එවන ලදි...ඔහුට උපහාර පිණිස මෙය මෙහි පළ කරමි.


සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
නුඹ අයි පී එල් හා සුව විඳිනා
ක්‍රිකට් ලොවේ.... දොර කවුළු වැසේ
සිත ඉකි ගසමින් හඬන හැටී
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා.....

1) සිත ඉවසන්නෑ අත්සන් කෙරුවත්
දුක අඩුවී නෑ කොච්චර බිව්වත්
දැන් යෝ...කර් නෑ
වැඩියෙන් ගෙව්වත් 
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා....

සිත ඔබට මුවාවී ....

2) ටෙස් මැච් නුඹ නෑ කන්ට්‍රැක් ගැහුවත්
වැඩ පෙන්නන්නෑ හතළිහ දුන්නත්
නුඹ ඉන්...ජඩ් නෑ
පී එල් තිබුනොත් 
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා......

සිත ඔබට මුවාවී
3 Responses

  1. Blue Lotus Says:

    මම නම් මාලින්ගට කැමති නැ. මාරයගෙ හෝරාවෙ චීස් ගැන දැම්මෙ ඇත්තටමද?


  2. ශශී Says:

    @ Blue Lotus :- ඇත්තටමයි


Post a Comment