ශශී

ඉන්ටර්නෙට් එකේ මේ දවස් වල මාලිංගය ව පීචං කරන කෙරිල්ල දැක්කොත් ඒකා ආයෙ සිලෝන් ටීම් එකට ගහයිද කියලා සැකයි...පව් 
පව් කිව්වෙ මාලිංගයට හෙම නෙමේ.. මට නම් ගොඩාක් පව් කියලා හිතුනෙ ජනතාව... ඉන්ටනෙට් පාවිච්චි කරන ජනතාවගෙන් 95% ක් විතර හිතාගෙන ඉඳලා තියෙන්නෙ ටීම් එකේ උන් සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් කියලා .....උන්ට පව්.. ටීම් එකේ උන් රටට ආදරෙන් උන්ගෙ රස්සාව කරන එක ඇත්ත.. රට දිනවන්න ෆුල් ට්‍රයි එක දෙන එකත් ඇත්ත..... ඒත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්නෙ නෑ....
                           මිනිස්සුන්ගෙ ගොඩාක් හිත රිදෙන්න හේතුවක් තමයි ඔය විදිහට හිතාගෙන ඉඳල තියෙන එක. 
    මේ මාර්තු මාසෙ .. 1996 මාර්තු මාසෙ ලංකාව වල්ඩ් කප් එක දිනලා අවුරුදු 17 ක් වෙන්න ඇවිත්.....මට මතකයි ඒ දවස අද වගේ... මම 6 වසරෙ . කවදාවත් ගෙදර සුරුවම් කූඩුවට පහනක් පත්තු නොකරපු අපේ තාත්තා පළවෙනි වතාවට මේ මැච් එක කොහොම හරි දිනන්න කියලා දෙයියො ඉස්සරහ පහනක් පත්තු කළා. අද මාලිංගයට බනින මිනිස්සුයි, එදා අපේ තාත්තයි දෙගොල්ලොම අහිංසක ක්‍රිකට් ලෝලියො.... මැච් එකක් දින්නොත්  ෆේස්බුක් ඇවිත් දේශ්ප්‍රේමී සටන් පාඨ කිය කිය ෆොටෝ ශෙයා කරන්න, ලෝකෙට පේන්න උන්ට චියර් කරන්න තරම් හැකියාවක් නැති අපේ තාත්තලා වගේ මිනිස්සු , කුලී වැඩ කරන මිනිස්සු, මාළු අල්ලන මිනිස්සු, කළු ගල් තලන මිනිස්සු ඒ ගොල්ලන්ගෙ සතුට සමරන්නෙ රතිඤ්ඤයක් පත්තු කරලා, ගෙදරට චයිනීස් බත් එකක් ගෙනල්ලා....ඒ දුප්පත් මිනිස්සු දන්නෙ මාලිංගයලා මාසෙට ලක්ශ 40 ක් නැතුව රිකට් ගහන්න බෑ කියනවා කියලා විතරයි...දවසකට රුපියල් 400 ක් අමාරුවෙන් හම්බ කරන ගොඩක් දුප්පත් එවුන් ලක්ශ 40 ට ඊරිශියා නොකරන එවුන් බව මම අත්දැකීමන් දන්නවා.... 
       මාලිංගයට පක්ශව කථා කරම එවුන්ගෙ විරෝදය කෙලින්ම එල්ලෙ වෙන්නෙ මාධ්‍යයට ...... දේශපාලකයො ජඩ වැඩ කරන කොට මෙවුන් හිටියෙ කොහේද ?... උන් හොරකන් කරන කොට කට වහගෙන හිටිය උන් දැන් මාලිංගයගෙ වචනයක් අල්ලගෙන ඌව පට්ට ගහනවා කියනවා.... ඇත්ත තමයි බං..... ඔය දේශපාලනේ හින්දම තමා මාලිංගයගෙ වචන වලින් අපේ උන් නැට්ටටම හිත් රිද්දගන්නෙ... ඒ කියන්නෙ අද වෙනකොට රටේ මිනිස්සුන්ගෙන 100% කටම දේශපාලනය තිත්ත වෙලා... රටේ තියෙන ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා, මිරිකිලා උන් සතුටක් හොයා ගෙන, රට වෙනුවෙන් කියලා සතුටු වෙන එකම දේ තමා ක්‍රිකට්.. දේශපාලකයා සහ ක්‍රිකට් ක්‍රිඩකයා කියන්නෙ ජනතාවගෙ පැත්තෙන් බැලුවහම යකෙකුයි දෙවියෙකුයි වගේ... ඉතින් දේශපාලකයා කියන එකා කරන කියන කිසිම දෙයකින් ජනතාව තමන්ගෙ හිත රිද්දගන්නෙ නැති තරමට ජනතාව හිත් ගල් කරගෙන..... ඒත් මේ වගේ ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙහෙම  දෙයක් කිව්වොත් මිනිස්සු පුදුම විදිහට කඩා වැටෙනවා... ඒකයි බං දේශපාලකයන් කරන වැරදි වලත් වැඩිය මේ වැරැද්ද මිනිස්සුන්ට පේන්නෙ......
ගමෙන් ඇවිල්ලා වැඩ පෙන්නලා, මිනිස්සු හිතාගෙන උන්නු ඒ දුප්පත් පන්තියෙ ක්‍රීඩකයා සුණු විසුණු වෙලා ගිය එක මිනිස්සුන්ට මාර හිතට අමාරුයි
මිනිස්සු හිතාගෙන උන්නු පීඩිත පන්තියෙ ක්‍රීඩකයෙක් වෙනුවට ධනවාදී ක්‍රීඩකයෙක් නිර්මාණය වෙනවා...
අර බඩ මහත , රට කන , තමන් ගැන විතරක්ම හිතන දේශ්පාලකයොයි මුන්ගෙයි වෙනසක් නෑ කියලා මිනිස්සු බය වෙනවා.. ඒ බයටයි මිනිස්සු මෙච්චර කෑ ගහන්නෙ  ...මිනිස්සුන්ට ඕනෙ , මිනිස්සු බලාපොරොත්ටු වෙන්නෙ හැමදාම අර පීඩිත පන්තියෙ ක්‍රීඩකයා... එතකොට පොඩි හැඟීමක් ත්යෙනවා මූ අපේ එකෙක් කියන එක...
සති දෙකක් යනකන් උන්ගෙ ෆෑන් පේජ් වල කුණුහරුපෙන් බනිනවා, ලයික්, කොමෙන්ටු දාන්නෙ නෑ.. මැච් බලන්න යන කට්ටිය අඩු වෙනවා.....
 ඊට පස්සෙ ආයෙත් ටිකෙන් ටික අපේ මිනිස්සුන්ට මේ දේවල් අමතක වෙලා යනවා... මාලිංගයලා හොඳට ක්‍රිකට් ගහයි.අපේ උන් චීයර් දායි.. ෆේස් බුක්වල "ප්‍රවුඩ් ටු බී අ ශ්‍රී ලාංකන්" කියලා ෆොටෝස් ශෙයා කරයි, මැච් බලන්න සෙනඟත් ඉඳීයී, දුප්පත් මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයි.....චයිනීස් බත් කයි......බලද්දි දෙපැත්ත තුන් පැත්තම සාධාරණයි........හොඳම දේ බං රට වෙනුවෙන් තමන් කරන දේ කරනවා මිසක් , අනුන් රට වෙනුවෙන් මොනද කරන්නෙ කියලා හොයන එක නෙමේ.
3 Responses

  1. 96 දී ලෝක කුසලානය ගෙනාපු ටීම් එකයි අද ටීම් එකයි අතර වෙනස හැමෝටම හොඳින් පේනවා ශශී. සමහර විට මේකට පලවෙනි හේතුව ඉන්දියාව වෙන්නත් පුළුවන්. ඉන්දියාවට විසි කරන්න සල්ලි ඕනෑ තරම් තියෙන නිසා ICC එක තියෙන්නෙත් ඉන්දියාව අතේ. මුලින්ම සල්ලි විසිකර කර ක්‍රීඩකයින්ව සල්ලි උඩ ඉන්දලා ක්‍රිකට් ගහන්න වාතාවරණයක් ඇති කලෙත් ඉන්දියාව. අයි පී එල් එකෙන් පස්සෙ හුඟාක් දේවල් වෙනස් උනා. මාලිංග වගේ අය මේ තරම් දඟලන්නෙ ඒ හින්දයි.

    සල්ලි ඕනෑ. සල්ලි නැතුව මොකුත් කරන්නත් බෑ. ඒත් සල්ලි කියන්නෙයි මනුස්සකම් කියන්නෙත් දෙකක්. මාලිංග දිහා මුළු ලෝකයම බලාගෙන ඉන්නේ. මොකද මාලිංග මුළු ලෝකයේම අවධාණය දිනා ගත්තු කෙනෙක්.ඒ වගේ කෙනෙක් හැසිරෙන්න ඕනෙ විලාසයක් තියෙනවා. මාධ්‍ය කියන්නෙ මිනිසුන්ව නියෝජනය කරන කොටසක්. මාලිංගලා කර උඩින් තියාගෙන..කොහොමද කින්ද මන්ද ඔක්කෝම මිනිස්සු අතරට අරන් යන්නෙ මධ්‍ය..මාධ්‍ය නැත්තම් කොහොමද මිනිස්සු මැච් එකක්වත් බලන්නේ ? හැම මනුස්සයාටම ග්‍රවුන්ඩ් එකට යන්න බෑනේ..

    පීඩණය කියන එක හැමෝටම තියෙනවා. ක්‍රීඩාව කියන්නෙ මිනිස්සුන්ගේ හික්මීම ඇති කරන දෙයක්. නැත්තම් ඉතින් මැච් එකක් පැරදුනාම දිනන ටීම් එකට ගහන්න එපායෑ. තමන්ගෙ හික්මීම තියාගෙන " හොඳ මහත්තයෙක් වගේ " මාධ්‍ය අහවල් දේ ඇහුවත් " දැන් ඒ ගැන කතා කරන්න බෑ. අපි පස්සෙ කතා කරමු " කිව්ව නම් කොච්චර හොඳද..මිනිස්සු වැඩියෙන් දකින්නෙ වැරදි..ඇයි මාලිංගලා වගේ අය වැරදි දකින්න අවස්ථාවක් දෙන්නෙ ?

    ඩයනා කියන්නේ මධ්‍ය කරදරයෙන් ජීවිතයෙන් වන්දි ගෙවාපු කෙනෙක්. ඒත් ඒ තරම් කරදර කර කර පස්සෙන් පන්නද්දිත් ඩයනා මාධ්‍යකාරයින්ට හිනාවක් රැඳුන මූනක් පෙන්නුව මිසක් රවන්න ගොරවන්න ගියේ නෑ. ලෝකයේම අවධාණය දිනා ගත්තු මිනිස්සු හැසිරෙන්න ඕනේ ඒ විදියටයි...


  2. ශශී Says:

    @ <3 ලිහිණි <3ඔච්චර සංවේදී වෙන්න එපා ලිහිණි
    අනිත් එක ක්‍රිකට් වලට ආදරය කරන්න, රටේ ක්‍රිකට් වලට ආදරය කරන්න ක්‍රීඩකයන්ට ඔච්චර ආදරේ කරන්න යන්න හොඳ නෑ


Post a Comment