ශශී

නින්ද එන්නෙත් නෑ....මුළු රෑම.... හිත හැදෙන එක එක දේවල් ෆේස්බුක් ස්ටේටස් වලට දාලා හිත හදා ගන්න හැදුවත් හිත හදා ගන්න බෑ...ඒවා දැකලා මම ඉන්නෙ ෆිට් එකේ කියලා කට්ටිය හිතුවට හදවත පිච්චෙන තරම දන්නෙ මම විතරයි...
         ඇයි දෙයියනේ මෙහෙම උනේ?
                අපි ලෝක කුසලානය ගන්න කොච්චර කට්ටක් කෑවද? අන්තිම මොහොත වෙනකන් තියාගෙන උන්නු බලාපොරොත්තු ගොන්න......කොහොම උනත් කප් එක අපිට අහිමි උනා.
ඒ දැනෙන හිත් වේදනාව හරියටම ආදරයක් නැති උනා වගේ.
              මතුපිටින් කොච්චර ෆිට් එකේ ඉන්නවා කියල පෙන්නන්න හැදුවට බෑ. හදවත වාවන්නෙ නෑ..අමතක කරන්න බෑ. තනි වෙච්චි ගමන්ම ඒ වේදනාව ආයෙත් උඩට එනවා. හිත හයිය කරගෙන නිදා ගන්න හැදුවත් නින්ද යන්නෙත් නෑ. ඒක ගැනම එක එක දේවල් ලිය ලිය ස්ටේටස් අප්ඩේට් කර කර හිත රවට්ට ගන්නවා.. හරියටම ආදරේ වගේමයි.
                    ආදරේ කරද්දි අපිට මූණ දෙන්න වෙන අභියෝග, බාධක වගේ, ක්වාට(ර්‍) ෆයිනල් වලින් එතකොට සෙමි ෆයිනල් වලින් දිනලා (ඒවා දිනන්නෙ නැතුව මුලින්ම කැපුනා නම් හිතේ මෙච්චර දුකක් නෑ) බලාපොරොත්තුව ලඟටම ඇවිල්ලා එකපාරටම ඒක සුන් වෙන එක පුදුමාකාර වේදනයි.
          පරණ සුන්දර මතක සටහන් ඒ කියන්නෙ අපි ඉන්දියාවට මීට කලින් ගහපුවා බල බල හිත හදා ගන්නවා.
   ඔන්ලයින් හිටියත් ඕෆ්ලයින් දාගෙනම ඉන්නවා මිසක් කා එක්කවත් කතා කරන්නවත් හිතේ හයියක් නෑ. වෙන වැඩක් කරන්න හිත දෙන්නෙත් නෑ....ඒ විතරක් නෙමේ ඒ ගැන කවිත් ලියවෙනවා....
         සමහර වෙලාවට මෙදාපාර එක නැති උනේ හොඳකට වෙන්නැති. ඊලඟ එක නම් කොහොම හරි හිමි කරගන්නවා,  කරගන්නවාමයි..ඒත් වැඩියෙන්ම හිතට දුක ගව් ගානක් දුර ඉන්න වෙන එකෙකුට මේක හිමිවෙන්නෙ නැතුව ලඟම ඉන්න එකාට මගෙන් අහිමි වෙච්චි එක ලැබුනු එකයි.
                      ''පාළු මඳ නළට ළං වෙලා නින්ද මා කරා එන්නෙ නෑ
                       හදවතින් දැවි දැවී රැය පුරා නිදි දෙව් ලොවට  ළං වෙන්න බෑ
                       නුඹ මතකයෙන් ගිලිහෙනා තත්පරයක් ඇත්තෙ නෑ
                       නුඹව මට නොලැබෙනා ලොවක ජීවත් වෙන්න බෑ''