Aug
20
ජනප්‍රිය වෙන්න ඕනෙ උනත්, ජනප්‍රිය වෙලා නැති සැඟවුණු සිංදු කීපයක් ගැනයි මේ. මුලින්ම මෙන්න මේ සිංදුව මට හම්බුනේ "හමු වෙන්නට සමු ගන්නට " ගීතය යූටියුබ් එකේ සර්ච් කරන කොට. පේරාදෙණිය සරසවිය සම්බන්ධ සිංදුවක් ... අනිවාර්‍යයෙන්ම ලස්සන වෙන්න එපැයි නේ. අහල බලන්නකො. මේ සිංදුව කියන්නෙ කවුද කියලා මට හොයා ගන්න බෑ. සමහරු කියනව ක්ලැරන්ස් මහත්තයා කියලා. ලස්සන මියුසික්. ඒ වගේම සිංදුවට ගැලපෙන්නෙ ලස්සනට ෆොටෝ එහෙම දාල වීඩියෝ එක එඩිට් කරලා තියෙනවා. පාළු හැඟීමක් හිත පුරා විඳ ගන්න පුළුවන් ගීතයක්.
"සරසවි උයනේ
මේ තුරු සෙවණේ
අපේ සොඳුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ
නිසසල අරණේ
නැඟූ සිහින ලොව බිඳී ගියේ"........
මේ තියෙන්නෙ තවත් ලස්සන සිංදුවක්.
"අතීතයෙන් සැඩ සුළං හමා
සැලේ මගේ නෙතු පහන්
තරු මකා දමා වළාවකින්
ඔබ යන්න මතකයෙන්"
ගායනා කරන්නෙ නිර්මලී මාකලන්ද. සංගීතය හර්ශ මාකලන්ද. පල්ලියෙ ඇහෙන ගීතිකාවක් වගේ හිත පහන් වෙන ලස්සන සිංදුවක්.
"සඳ එළිය
විල් දිය මත වැටී
කරන දඟ කම්
හරිම හුරතල්"
අමරසිරි පීරිස් මහත්තයගෙ ලස්සනම ඒ උනත් වැඩිය ඇහෙන්නෙ නැති සිංදුවක්. අහල බලන්නකො කොහොමද කියලා.
"පුර හඳ තියෙන රෑට
තරු එලී මකා දමන්න
ලෝභ කමට මූණ සිඹින්න
රෑට රෑට සඳ යහනට
කතා කරන්න
ඇස් දෙක දිහා බලන්න
ආදරේට පාර කියන්න"
මේක කියන්නෙ ඉමාන් පෙරේරා. අහලා ඇතිනෙ ඉමාන් ගෙ සිංදු. ලියල තියෙන්නෙ සන්නස්ගල සර්. ඉතින් වචන වල තියෙන ලස්සන ගැන ආයෙත් අහන්න දෙයක් නැහැනෙ. හරිම ලස්සන සිංදුවක්. ඒත් වැඩිය ඇහෙන්නෙ නෑ.
මේ සිංදු වලින් සමහර ඒවා ඔයාල අහලත් ඇති.අහලා නැති අයත් ඇති. බලන්නකො අහලා බලලා ඔයාලගෙ රසවින්දනයට ගැලපෙනවද කියලා. තව කීපයක් තියෙනවා ඉදිරි පෝස්ටුවකින් ඒවත් දාන්නම්.
අදයි පළමුවතාවට මේ පැත්තෙ ආවෙ.... පහළින්ම තියෙන සින්දුව නම් මට නිතර ඇහෙනවා අපේ නංගිට කෝල් කරන හැම වෙලාවකම.... ඒ වගේම ඒ ඩීවීඩී එකත් මා ළඟ තියෙනවා.... ඒ හැරුනම අනිත් සින්දු නම් එකක්වත් අහලා නෑ මීට කලින්....
නිදහසේ අහන්නම් හ්ම්ම් :)
lassana sindutikak math download karagaththa
@ Miyuru - මුලින්ම සාදරයෙන් පිළි ගන්නවා. රස වින්ඳට ගොඩාක් ස්තුතියී.
@ හිරු හිමාවී - හි. හි. ට මේ දවස් වල වැඩ ගොඩක් තිය්නවා කියලා අපි දන්නවා. ඒ උනත් කාලය කැප කරලා කොමෙන්ටුවක් දැම්ම එකට ගොඩාක් ස්තුතීයී. වෙලාවක් හම්බුනහම අහල බලන්න.
@ pathum - thawa me wage thiyenawaa ewath dannam.
කාලයත් එක්ක අපිට නෑසුන කොච්චර ලස්සන ගීත සැගවිලා ඇතිද..
ගොඩක් ස්තූතියි මේ ගීත අප අතරට ගෙනාවට.. :)
@නන්දු - හොඳ රසවින්ඳනයක් තියෙන අය ට මේ ගීත රස විඳින්න පුළුවන්......ස්තුතීයී ප්‍රතිචාරෙට .