ශශී
"කපුච්චීනෝ" යනුවෙන් හඳුන්වන්නේ කිරි සහ කෝපි වලින් හදා ගන්න සම්ප්‍රදායික ඉතාලි පානයක්. මෙය ඉතාලි භාශාවෙන් "කපුච්චීනෝ " යනුවෙන් හඳුන්වනු අතර ඉංග්‍රීසින් උච්චාරණය කරන්නේ " කැපචීනෝ" යනුවෙන්. මේ "කපුච්චීනෝ" සහ විවිධ කෝපි වර්ග සාදා ගැනීමට පාවිච්චි කරන යන්ත්‍රයක්. 


                                                               (පින්තූරය - ගූගල්)

මෙහි කළු පාට මිටක් සහිත උපකරණ දෙකක් ඔබට දැක ගැනීමට පුළුවන්. එය වම් අතට කරකවා ගැලවීමට පුළුවන්. එහි අග යන්ත්‍රයට සවි වන කොටසෙහි කෝපි කුඩු පිරවීමට හැකි කුඩා කුහරයක් ඇත. නැවත එය යන්ත්‍රයට සවි කර දකුණට කරකැවූ විට යන්ත්‍රයට සවි වේ.

1) Black Coffee
2) Coffee With Milk
3) American Coffee

යන වර්ගයන්ට අදාළ බොත්තම එබීමෙන් පසු අපට අදාළ කෝපි වර්ගය ලබා ගත හැකීයී. අපට අවශ්‍ය සීනි ප්‍රමාණය දමා ගැනීම පමණයි අප කළ යුතු.


"කපුච්චීනෝ"සාදා ගැනීම සඳහා "Black Coffee " ලබා ගත යුතුයි. සාමාන‍යයෙන් "Black Coffee " එකක අන්තර්ගතය කෝප්පයකින් තුනෙන් එකක් පමණ වේ. එයට අප විසින් කලින් උණු කර ගත් කිරි වත් කළයුතුයි. කිරි උණු කිරීම සඳහා මෙම යන්ත්‍රයේ වම් පස ඇති කූරක් වැනි උපකරණය භාවිතා කරයි. සීතල කිරි භාජනයකට දමා, මෙම උපකරණය කිරි භාජනයට දමා අදාළ බොත්තමක් එබූ පසු කිරි එක රත් වේ. නමුත් "කපුච්චීනෝ" එකක් සාදා ගැනීමට උණු කිරි පමණක් නොව කිරි වල පෙණ ද අවශ්‍ය වන බැවින් උණු කර ගන්නා ගමන්ම පෙණ ලබා ගැනීමට කළ යුත්තේ කිරි භාජනයේ අඩියේ සිට ඉහළට එන තෙක් සීරුවට මෙම උපකරණය ක්‍රියාත්මක කිරීමයි. එය අත්දැකීමෙන් ඉගෙන ගත යුතු දෙයකි. කෝපි වල ගුණාත්මක බව, කෝපි වලට සාපේක්ශව කිරි ප්‍රමාණය, පෙණ ප්‍රමාණය "කපුච්චීනෝ" එකක රසයට බලපාන කරුණුයි. සාමාන්‍යයෙන් කෝපි ප්‍රමාණයට සමාන කිරි ප්‍රමාණයක් පමණයි එකතු කළ යුත්තේ. තවද කෝපි කුඩු අඩංගු උපකරණය යන්ත්‍රයට සවි කර එක වරක් කෝපි එකක් ලබා ගැනීමෙන් අනතුරුව එය ඉවත් කරන අතර, අලුත් කෝපි කෝප්පයක් සඳහ සැම විටම අලුත් කෝපි කුඩු එකතු කිරීම සිදු කරනු ලබයි.
                  මුලින්ම කෝපි සහ ඒ ප්‍රමාණයට කිරි වල පෙණ එකතු කිරීමෙන් සාදා ගන්නා මෙම පානය ඉතාලියේ සම්ප්‍රාධායානූකූල පානයයි.  උණු ජෑම් අඩංගු ක්‍රොසන්ට් සමඟ "කපුච්චීනෝ" ඉතාලි වැසියන්ගේසම්ප්‍රාධායානූකූලඋදය ආහාරය වෙයි.

                                                                  (පින්තූරය - ගූගල්)
                                                             

"කපුච්චීනෝ" එකක් ඉතාලියේදී යුරෝ එකයි සත පණහකට පමණ මිල දී ගත හැකීයී. සාමාන්‍ය "කපුච්චීනෝ" එකකින් නොනැවතී විවිධ හැඩ දැමූ "කපුච්චීනෝ" බොහෝ විට ඉතාලියේදී දැක ගත හැකීයී. ඒ සඳහ චොකොලට්, ක්‍රීම් වර්ග භාවිත කරනු ලබනවා.






ශශී

කැරොල් කියලා කියන්නෙ කතෝලික ආගමේ නත්තල් කාලය ආශ්‍රිතව (සමහර රටවල පාස්කු කාලය ආශ්‍රිතවද ) ගායන කරන , නැටුම් සමඟින් ගායනා කරන විශේශිත ගීත වලට... කැරොල් සංස්කෘතිය ඇවිත් තියෙන්නෙ ප්‍රංශෙන් කියලයි ඉතිහාසය කියන්නෙ... ප්‍රංශය සහ අනෙකුත් ලතින් රටවල් වල මුල් කාලයේ ප්‍රචලිත උනත්  , වර්තමානයේ මුළු ලෝකය පුරාම මෙය ප්‍රසිද්ධයි.... 
            නත්තල් කාලයේ අපේ රටේ කතෝලිකයන් බහුලව වාසයන කරන ප්‍රදේශ වල , ඒ විතරක් නෙමේ සියළුම කතෝලික පල්ලි ආශ්‍රිතව කැරොල් ගායන කරන් ආකරය දැක ගන්න පුළුවන්.
             මා සමඟ එකට වැඩ කරපු වෙනිසියුලානු ජාතිකයෙක්, ඒ ගොල්ලන්ගෙ රටේ සම්ප්‍රධායානුකූල කැරොල් ගීතයක් මට අහන්නට සැලැස්වුවා. වෙනිසියුලාව ලතින් අමෙරිකානු රටක් නිසා එහි භාවිත වෙන්නෙ ස්පාඤ්ඤ බාශාවයි. (ලතින් ඇමෙරිකානු ස්පාඤ්ඤ ) රස විඳලා බලන්න ස්පාඤ්ඤ භාශාවෙ මියුරු සංගීත්වත් බව.

1) මේ තියෙන්නෙ ඒ ගීතයේ මුල් ගායනය.


2) මේ තියෙන්නෙ ඒ ගීතයම තවත් නාද රටාවකට.


3) මෙන්න අපිට ගැලපෙන වර්ශන් එක.