ශශී

මගේ මිතුරෙක් ක්‍රිකට් වලට තදින් ඇබ්බැහි වී සිටියේය.ලසිත් මාලිංග යනු ඔහුගේ ප්‍රියතම ක්‍රීඩයා විය. මැච් තිබෙන දවසට පාසල් ද නො එන තරමට ඔහු ක්‍රිකට් උන්මත්තකයෙක් විය....ඔහුගේ පියාද මැච් තිබෙන දවසට ඔෆිස් නොයයි. දින තුනකට පමණ කලින් ඔහු තදබල ලෙස අසනීප වී ඇත. ඔෆිස් නොයා ගෙදරට වී සිටි ඔහු හරි හැටි කෑමක් බීමක් පවා නොගත් බව ඔහුගේ මව මට පැවසුවාය. දැන් ඔහුගේ තත්වය ටිකක් යහපත් අතට හැරී ඇති බැවින් මට ඔහු හා සමඟ කතා කිරීමට ලැබුනි. 
      ඔහුට අසනීප වී ඇත්තේ ලසිත් මාලිංග මාධ්යයට බණ වැදීමෙන් අනතුරුවය. ඔහුට ක්‍රිකට් එපා වී ගොස් ඇත. තම පියාට 2011 ලෝක කුසලානය අවසානයේ හාර්ට් ඇටෑක් සෑදෙන තරමටම අමාරු වූ බවද, තමා ද  එම තත්වයටම කලින් ක්‍රිකට් බැලීම නතර කරන බවද ඔහු මා සමඟ පැවසීය. කිසිම ක්‍රීඩකයෙක් මින් පසු තමන්ගෙ ප්‍රියතම ක්‍රීඩකයන් බවට පත් කර නොගන්නා බවද , මැච් බැලීමට නොයන වගද, කීයයි කිව්වත් චියර් නොකරන බවද මා සමඟ පැවසෙය. තව සති දෙක තුනක් ඉවසමු යැයි මම යෝජනා කළත් ඔහුගේ දැඩි ස්ථාවරය වෙනස් කිරීමට මට නොහැකි විය.....ලසිත් මාලිංගට තමන් වයිර නොකරන බවද, මාලිංගට වයිර කරන අයට වයිර නොකරන බවද ඔහු මට පැවසීය. අවසාන වශයෙන් තමන් ලෙඩ ඇඳට වී සිටියදී  ලියන ලද ගීතයක් මට එවන ලදි...ඔහුට උපහාර පිණිස මෙය මෙහි පළ කරමි.


සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
නුඹ අයි පී එල් හා සුව විඳිනා
ක්‍රිකට් ලොවේ.... දොර කවුළු වැසේ
සිත ඉකි ගසමින් හඬන හැටී
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා.....

1) සිත ඉවසන්නෑ අත්සන් කෙරුවත්
දුක අඩුවී නෑ කොච්චර බිව්වත්
දැන් යෝ...කර් නෑ
වැඩියෙන් ගෙව්වත් 
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා....

සිත ඔබට මුවාවී ....

2) ටෙස් මැච් නුඹ නෑ කන්ට්‍රැක් ගැහුවත්
වැඩ පෙන්නන්නෑ හතළිහ දුන්නත්
නුඹ ඉන්...ජඩ් නෑ
පී එල් තිබුනොත් 
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා......

සිත ඔබට මුවාවී
ශශී

ඉන්ටර්නෙට් එකේ මේ දවස් වල මාලිංගය ව පීචං කරන කෙරිල්ල දැක්කොත් ඒකා ආයෙ සිලෝන් ටීම් එකට ගහයිද කියලා සැකයි...පව් 
පව් කිව්වෙ මාලිංගයට හෙම නෙමේ.. මට නම් ගොඩාක් පව් කියලා හිතුනෙ ජනතාව... ඉන්ටනෙට් පාවිච්චි කරන ජනතාවගෙන් 95% ක් විතර හිතාගෙන ඉඳලා තියෙන්නෙ ටීම් එකේ උන් සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් කියලා .....උන්ට පව්.. ටීම් එකේ උන් රටට ආදරෙන් උන්ගෙ රස්සාව කරන එක ඇත්ත.. රට දිනවන්න ෆුල් ට්‍රයි එක දෙන එකත් ඇත්ත..... ඒත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්නෙ නෑ....
                           මිනිස්සුන්ගෙ ගොඩාක් හිත රිදෙන්න හේතුවක් තමයි ඔය විදිහට හිතාගෙන ඉඳල තියෙන එක. 
    මේ මාර්තු මාසෙ .. 1996 මාර්තු මාසෙ ලංකාව වල්ඩ් කප් එක දිනලා අවුරුදු 17 ක් වෙන්න ඇවිත්.....මට මතකයි ඒ දවස අද වගේ... මම 6 වසරෙ . කවදාවත් ගෙදර සුරුවම් කූඩුවට පහනක් පත්තු නොකරපු අපේ තාත්තා පළවෙනි වතාවට මේ මැච් එක කොහොම හරි දිනන්න කියලා දෙයියො ඉස්සරහ පහනක් පත්තු කළා. අද මාලිංගයට බනින මිනිස්සුයි, එදා අපේ තාත්තයි දෙගොල්ලොම අහිංසක ක්‍රිකට් ලෝලියො.... මැච් එකක් දින්නොත්  ෆේස්බුක් ඇවිත් දේශ්ප්‍රේමී සටන් පාඨ කිය කිය ෆොටෝ ශෙයා කරන්න, ලෝකෙට පේන්න උන්ට චියර් කරන්න තරම් හැකියාවක් නැති අපේ තාත්තලා වගේ මිනිස්සු , කුලී වැඩ කරන මිනිස්සු, මාළු අල්ලන මිනිස්සු, කළු ගල් තලන මිනිස්සු ඒ ගොල්ලන්ගෙ සතුට සමරන්නෙ රතිඤ්ඤයක් පත්තු කරලා, ගෙදරට චයිනීස් බත් එකක් ගෙනල්ලා....ඒ දුප්පත් මිනිස්සු දන්නෙ මාලිංගයලා මාසෙට ලක්ශ 40 ක් නැතුව රිකට් ගහන්න බෑ කියනවා කියලා විතරයි...දවසකට රුපියල් 400 ක් අමාරුවෙන් හම්බ කරන ගොඩක් දුප්පත් එවුන් ලක්ශ 40 ට ඊරිශියා නොකරන එවුන් බව මම අත්දැකීමන් දන්නවා.... 
       මාලිංගයට පක්ශව කථා කරම එවුන්ගෙ විරෝදය කෙලින්ම එල්ලෙ වෙන්නෙ මාධ්‍යයට ...... දේශපාලකයො ජඩ වැඩ කරන කොට මෙවුන් හිටියෙ කොහේද ?... උන් හොරකන් කරන කොට කට වහගෙන හිටිය උන් දැන් මාලිංගයගෙ වචනයක් අල්ලගෙන ඌව පට්ට ගහනවා කියනවා.... ඇත්ත තමයි බං..... ඔය දේශපාලනේ හින්දම තමා මාලිංගයගෙ වචන වලින් අපේ උන් නැට්ටටම හිත් රිද්දගන්නෙ... ඒ කියන්නෙ අද වෙනකොට රටේ මිනිස්සුන්ගෙන 100% කටම දේශපාලනය තිත්ත වෙලා... රටේ තියෙන ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා, මිරිකිලා උන් සතුටක් හොයා ගෙන, රට වෙනුවෙන් කියලා සතුටු වෙන එකම දේ තමා ක්‍රිකට්.. දේශපාලකයා සහ ක්‍රිකට් ක්‍රිඩකයා කියන්නෙ ජනතාවගෙ පැත්තෙන් බැලුවහම යකෙකුයි දෙවියෙකුයි වගේ... ඉතින් දේශපාලකයා කියන එකා කරන කියන කිසිම දෙයකින් ජනතාව තමන්ගෙ හිත රිද්දගන්නෙ නැති තරමට ජනතාව හිත් ගල් කරගෙන..... ඒත් මේ වගේ ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙහෙම  දෙයක් කිව්වොත් මිනිස්සු පුදුම විදිහට කඩා වැටෙනවා... ඒකයි බං දේශපාලකයන් කරන වැරදි වලත් වැඩිය මේ වැරැද්ද මිනිස්සුන්ට පේන්නෙ......
ගමෙන් ඇවිල්ලා වැඩ පෙන්නලා, මිනිස්සු හිතාගෙන උන්නු ඒ දුප්පත් පන්තියෙ ක්‍රීඩකයා සුණු විසුණු වෙලා ගිය එක මිනිස්සුන්ට මාර හිතට අමාරුයි
මිනිස්සු හිතාගෙන උන්නු පීඩිත පන්තියෙ ක්‍රීඩකයෙක් වෙනුවට ධනවාදී ක්‍රීඩකයෙක් නිර්මාණය වෙනවා...
අර බඩ මහත , රට කන , තමන් ගැන විතරක්ම හිතන දේශ්පාලකයොයි මුන්ගෙයි වෙනසක් නෑ කියලා මිනිස්සු බය වෙනවා.. ඒ බයටයි මිනිස්සු මෙච්චර කෑ ගහන්නෙ  ...මිනිස්සුන්ට ඕනෙ , මිනිස්සු බලාපොරොත්ටු වෙන්නෙ හැමදාම අර පීඩිත පන්තියෙ ක්‍රීඩකයා... එතකොට පොඩි හැඟීමක් ත්යෙනවා මූ අපේ එකෙක් කියන එක...
සති දෙකක් යනකන් උන්ගෙ ෆෑන් පේජ් වල කුණුහරුපෙන් බනිනවා, ලයික්, කොමෙන්ටු දාන්නෙ නෑ.. මැච් බලන්න යන කට්ටිය අඩු වෙනවා.....
 ඊට පස්සෙ ආයෙත් ටිකෙන් ටික අපේ මිනිස්සුන්ට මේ දේවල් අමතක වෙලා යනවා... මාලිංගයලා හොඳට ක්‍රිකට් ගහයි.අපේ උන් චීයර් දායි.. ෆේස් බුක්වල "ප්‍රවුඩ් ටු බී අ ශ්‍රී ලාංකන්" කියලා ෆොටෝස් ශෙයා කරයි, මැච් බලන්න සෙනඟත් ඉඳීයී, දුප්පත් මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයි.....චයිනීස් බත් කයි......බලද්දි දෙපැත්ත තුන් පැත්තම සාධාරණයි........හොඳම දේ බං රට වෙනුවෙන් තමන් කරන දේ කරනවා මිසක් , අනුන් රට වෙනුවෙන් මොනද කරන්නෙ කියලා හොයන එක නෙමේ.