ශශී

සතියකට සැරයක් විතර තමා මට මෙහෙ ඉඳන් ලංකාවෙ ගෙදරට කථා කරන්න හම්බෙන්නෙ. ගෙදර ඉන්ටර්නෙට් නැති හින්ද ටෙලිෆෝන් එකෙන් තමා කථා කරන්න වෙන්නෙ. ගොඩාක් වෙලාවට කථා කරන්නෙ අම්මා එක්ක විතරයි. එහෙම බැලුවහම තාත්තා එක්ක කථා කරන්න හම්බෙන්නෙ ගොඩාක් කලතුරකින්. එකක් තාත්තා වැඩ ඉවර වෙලා රෑ ගෙදර එන හිංදා... අනිත් එක ඉතින් පිරිමි ළමයින්ට, වැඩිය තාත්තලත් එක්ක කතා කරන්න දේවල් නැහැලුනෙ .. අම්මලත් එක්ක කථා කරන දේවල්ලු  නෙ තියෙන්නෙ. කොහොම හරි අම්මයි, තාත්තයි, නංගීයී තුන් දෙනාටම එක වෙලාවට කථා කරන්න වෙලාවක් හදා ගන්න එක ගොඩාක් අමාරු වැඩක්. ඉරිදට ඒ කට්ටියම ගෙදර හිටියත්, මම ඉරිද මෙහෙ වැඩ හිංද එදාටත් බෑ. 
        ඉතින් ඊයෙ පෙරේදා දවසක කතා කළාම තුන් දෙනාම ගෙදර. හොඳට කථා කරන්න හම්බුනා. අම්මත් එක්ක මුලින්ම කථා කර කර ඉද්දි, ඈතින් මට ඇහුන තාත්ත ඉස්සර වගේම හයියෙන් සිංදුවක කෑල්ලක් කිය කිය හිටියා. මෙහෙටත් මොර සූරන වැස්ස. හරියටම මේ වගේ,  ලංකාවෙ වහිද්දි අපි ඉස්සර බාගෙට හදල තිබුනු ගෙදර, තිබිච්චි එකම කාමරේට  තාත්තා ගාව ගුලි වෙලා, තාත්තා සින්දු කියනවා අහගෙන ඉන්නවා.. ඒ එක්දහස් නවසීය අනූ ගණන් වල මුල් හරියෙ. සමහර දවස් වලට උණු තේ ත් එක්ක අම්මා හැලප එහෙම හදලා තියෙනවා. වැස්ස එක්ක පළාතම කළු කරල ඇඟේ හිරි ගඩු පිපිලා එහෙම එද්දි තාත්තා සිංදු පටන් ගන්නවා.

" දුර ඈත දේශෙන් 
මෙහි ආ දිනේදී
මට දී නවාතැන්
මේ පුංචි කුටියේ.....
මට පෑ ඔබේ ආදරේ.....
නොමැකී තියේ මා හදේ  ........"



ඔය සිංදුව කිය කිය තාත්තා නංගිව හුරතල් කරනවා. එතකොට නංගිට අවුරුදු 3 ක් 4ක් ඇති. මටත් අවුරුදු 8 ක් 9 ක් ඇති..
අදටත් මට මේ සිංදුව කට පාඩම් විතරක් නෙවේ. පස්සෙ කාලෙක මේ සිංදුව තියෙන කැසට් පීස් එක පවා ගෙදර ගෙනත් තියාගෙන ඇහුවා මම. අදටත් තනියම ඉද්දි මම ගොඩාක් රස විඳින සිංදුවක්.  
ඒ එක්කම තාත්තා හැම තිස්සෙම කියන සිංදුවක් තමා

"සඳ කිඳුරු කිඳුරියන්"

කියන සිංදුව. ඒ කාලෙ මාර ජනප්‍රියයි. කොලඹ ඩී අයි ජී තුමා කොල්ලා කාලෙ කියපු සිංදුවක්නෙ.




ඒ වගේ පරණ සිංදු වලින් තව 

"එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ...."

සිංදුවට තාත්තා ගොඩාක් කැමතීයී. තාත්තා ගොඩාක් වෙලාවට  ඒකත් ලස්සනට කියනවා ඉස්සර.



දවස් දෙකක් විතර තිස්සෙ හොඳට වහිනවා. රස්නෙත් අඩු වෙලා. වටේ පිටේත් කළුවරයි. මෙන්න මේ වගේ වෙලාවට ඇඳ ට වෙලා ඇස් දෙකත් පියාගෙන ඒ ගෙවුණු අතීතයේ සොඳුරු නිමේශයන් සිහි කරනවා රම් රසයක් තවත් නෑ.
11 Responses
  1. හ්ම්ම්ම් ! ( දැන් අහන්න එපා ඇයි හ්ම්ම් කිව්වේ කියලා හොඳද )
    මම ඔය සින්දු තුනෙන්ම මම ආස දෙකයි, එකක්

    " අප දෙදෙනා දිහා බල බලා
    පුංචි සේපාලිකා
    මල් ගහේ නැවතිලා
    වන්දනාවේ ගියා සමනලුන් "

    අනිත් එක අන්තීම සින්දුව

    " රාස්සිගෙ අව්ව වැටී
    දඹ රන් වූ ඔබෙ කෙහෙරැළි
    සුළං සමඟ පොර බැදුවා
    ඔබට මතක නැති උනාට
    අද වාගේ මතකයි මට "


  2. ශශී Says:

    @ ලිහිණි - මෙන්න පබ්ලිශ් වෙන්න කලින්ම කොමෙන්ට් එකක් දාලා.
    ඔව් "අප දෙදෙනා" " එක යායක" කියන්නෙ ගොඩාක් තෙරුම තියෙන සිංදු දෙකක්...


  3. ශශී Says:

    @ ලිහිණි - ටිකක් පරක්කු උනාට, හ්ම්ම් කිව්වෙ ඇයි කියලා තේරුණා.


  4. හ්ම්ම් හ්ම්ම්..:)
    මේක කියවනකොට අපේ අප්පච්චි ආසම සින්දුව මතක් උනා :)
    ඔය සින්දු නම් මම අහල නැහැ.:)


  5. අප දෙදෙනා
    එක යායට

    එදා ඇහුන මේ සිංදු වර්තමාණයේ නෑසෙන ගානයි..

    ස්තූතියි නැවතත් මේ ගී මතක අළුත් කලාට ශශී.. :)


  6. Kumari Says:

    Asawen ahan inna puluwan sindu tikak.
    Halapath ekka kahata koppayak.... Mmmmmm
    Lihinige gewal pathhte yankota oyawath dakka. Ithin hithuna awith yanna.
    Okkoma kiyewwa. Lassanai.


  7. ශශී Says:

    @ හිරු හිමාවී - දැන් ඇහුවනෙ එහෙනම් ... ඇත්තටම ඔයාලගෙ තාත්තා කැමති සිංහුව මොකක්ද ?

    @ නන්ඳු - ස්තුතීයී ඔබට ප්‍රතිචාරයට

    @ Kumari - ehenam obawa sadarayen piligannawa. thanks comment ekata :)


  8. අහම්බෙන් මේ පැත්තට ආවෙ පෝස්ට් එකේ මාතෘකාව දැකල. "අප දෙදෙනා දිහා බලබලා" සිංදුවෙ මුල් පද පේලි හතර විතරයි මෙතෙක් අහල තිබුනෙ. අද තමයි මුළු සිංදුවම ඇහුවෙ. කොච්චර වැදුනද කියනව නම් බොකු බඩවැල් ලේ මස් නහර ඇටමිදුලු වලටම කිඳා බැහැල ඇස් වලින් කඳුලුත් පැන්න අවංකවම.


  9. ශශී Says:

    @ මධුරංග - මාත් ඒ සිංදුවට මාර ආසයි බන් ... කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ... ඒ වගේම අහද්දි මාර හැන්ගීමක් හිතට එනවා හිතා ගන්න බෑ.


  10. Anonymous Says:

    An accidental visitor , I do't have the sinhala font to comment in Sinhala , this is a nice blog , I like the way you look at the world around us , Wish all the best and keep up the good work.


  11. Kasuan Says:

    සුදු ඇදගෙන සද ඇවිදින් දුර කදු මුදුනට
    රිදවුනු සිත ගෙනයයි කදුලැලි ගං ඉවුරට
    ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට

    බාදක බිද ඔබ ජය ගන්නට බැරිඋනි මට
    ඇයිදැයි දොස් පවරන සද සිත
    නුඹෙ වරදද මගෙ වරදද එය මා දන්නේ නැත


    නුඹ මා ලොව කලුවර කර පැනගිය පලියට
    කෙලසක දොස් පවරමි නුඹ හට
    කිසි කෙනෙකු නොදුන් ආදරයක්
    නුඹ මට දුන් කොට

    කරුණාරත්න දිවුල්ගනේ


Post a Comment