ශශී

සුන්දර ස්විට්zසර්ලන්තය ගැන මීට පෙර මම ලිපි දෙකක් ඉදිරිපත් කළා.... 

http://sithaniwanathana.blogspot.it/2012/08/2_5668.html  

http://sithaniwanathana.blogspot.it/2012/08/blog-post_22.html

මෙම ලිපියෙන් මා  ඉදිරිපත් කරන්නේ  මා දුටු ගෘහ නිර්මාණ ශිල්පය, ස්වාභාවික පරිසරය සහ අලංකාර කඳු පංති කිහිපයක චායාරූපයි... සාරවත් බව ස්වාභාව ධර්මයෙන් පුදුමාකාර විදිහට ලැබුනු රටක් වශයෙන් ස්විට්Zසර්ලන්තය හඳුන්වන්නට පුළුවන්.. ගස් වල මල් පල දරන වසන්ත කාලයේ සහ ගිම්හාන කාලයේ මුළු වටපිටාවම තද කොළ පැහැ ගැන්වෙනවා.......බැලූ බැලූ අත දකින්න ලැබෙන්නේ සාරවත් බවේ ලක්ශණයි.



මේ තියෙන චායාරූප වලින් ඔබට අදහසක් ගත හැකි වේවි තණකොළ වල පවා තිබෙන සාරවත් බව.







කිරි නිශ්පාදන සඳහා ගවයන් ඇති කිරීම ස්විට්zසර්ලන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙනවා... මෙහි තිබෙන්නේ සත්ව ගොවිපොළක් සහ එම කර්මාන්තයේ නියැලෙන්නන්......
මෙහි ස්විට්zසර්ලන්ත සම්ප්‍රාධායානූකූල ඇඳුම් වලින් සැරසුනු ගොවි මහතුන් සහ ගෙවිලියන් දකින්න පුළුවන්.









කඳු මුඳුන් වල තණකොළ කන පුශ්ටිමත් හරකුන්, මුවන්, බැටළුවන්, අශ්වයන් ස්විට්zසර්ලන්තයේ මා සංචාරය කරන ලද "නෙස්ලවු" (ශාන්ත ගාලන්) ප්‍රදේශයේ සුලභ දසුනක් වෙනවා......








ගෘහ නිර්මාණය ගැන කථා කරන විට සීතලට ඔරොත්තු දෙන පරිදි මෙහි ලී වලින් නිවාස තනා තිබෙනවා... බොහෝ විට ඒවා උල් සහිත හැඩයක් ගන්නවා.....ගිම්හාන කාලයට තම නිවාස වල ජනේල අලංකාර මල් වලින් සැරසීම ස්විස් වැසියන්ගේ ප්‍රධාන විනෝදාංශයක්.
























ගිම්හාන කාලය අවසන් වී හේමන්තය ආරම්භ කරන ඔක්තෝබර් මාසය පමණ වන විට මුළු පරිසරයම අලංකාර වර්ණ වලින් හැඩ ගැන්වෙනවා......











ගිම්හාන කාලයේ කොළ සහ නිලෙන් වැසී, හේමන්තයේදී කහ සහ දළු පාටින් සැරසෙන පරිසරය ඊ ළඟට සැරසෙන්නේ සුදු පාටටයි.....














ස්විට්Zසර්ලන්තයේදී මා සිත් ගත් ගැමි පරිසරය සහ ගැමි දරුවන් සම්ප්‍රාධායික ස්විස් ඇඳුම් පැලැඳුම් වලින් සැරසී සිටින ආකාරය .....









ගැමි උනත් නවීන විලාසිතා වලටත් මේ දරුවන් හුරුයි....


මා නැවතී සිටි "නෙස්ලවු" ගම්මානය ඈතට දිස් වෙන අයුරු.....


අවසාන වශයෙන් සිතේ ඇඳුනු ලස්සනම ලස්සනම කඳු පංති කිහිපයක් ඔබට ඉදිරිපත් කරමින් මේ ලිපිය අවසාන කරන්නම්.....