ශශී

ඔන්න මේක අවුරුදු දෙදහකට විතර කලින්, ආදි පරං කාලෙ වෙච්චි සීන් එකක් හරිද? ඒ කාලෙ හිටියලු මනුස්සයෙක් නම  ජේසුස් ලු. කොණ්ඩෙ ටිකක් දිගට වවලා, රැවුල එහෙම වවලා, මානව හිතවාදය ගැන කථා කරන මේ මනුස්සයා එදා රටේ තිබ්බ අසාධාරණය බොහෝම විවේචනය කරපු කෙනෙක්ලු. ඒ විතරක් නෙමේ. තමන් ගෙ දර්ශණයෙන් හොඳ නරක මිනිස්සුන්ට අවබෝද කරල දීල තැන තැන ගිහින් දේශණා එහෙම කරගෙන පාඩුවෙ ජීවත් උනාලු මේ මනුස්සයා.
                     ඉතින් මෙයාගෙ වැඩ පිළිවෙලට, දර්ශණයට කැමති වෙච්චි මිනිස්සු ගොඩාක් මෙයාව අනුගමනය කරන්න පටන් ගත්තලු. කට්ටිය ටිකෙන් ටික වැඩි වෙද්දි මෙයාගෙ අත් උදව්වට, ලිපි ලේඛන වල වැඩ වලට, බොඩි ගාඩ් කමට එහෙම කියලා තව දොළොස් දෙනෙක් වත් පස්සෙ බඳවා ගත්තලු.
        ඒ විතරක් යැ. සමාජයේ හොඳ වැඩක් කරන්න පටන් ගන්න කොට අපි කාටත් වෙනවා වගේම හතුරො ටිකකුත් මෙයාට හිටියලු... ඒ තමයි මෙයා විවේචනය කරන, අසාධාරණ වැඩ කරන, දේශපාලකයො.. මිනිස්සුන්ගෙන් මුදල් ගරන හොර බිස්නස් කාරයො. කුඩු මුදලාලිලා ඒ වගේ අය.
        දවසක් මේ මනුස්සයා තමන්ගෙ අනුගාමිකයන්ට දේශණයක් එහෙම තියලා එද්දි, ඈතින් ඇහෙනවලු ගෑනු කෙනෙක්ව ඉස්සරහට තල්ලු කර ගෙන කෑ ගගහ, කුණු හරුප කිය කිය, තවත් එක එක පිස්සු කෙළ කෙළ එන සෙට් එකක්.
          හරි, මේ කට්ටිය ජේසුස් ගෙ ළඟටම ආවලු. සෙට් එකේ කොහොම හරි හිටියලු වැදගත් විදිහට ඇඳ පැළඳගත්තු මිනිස්සු දහයක් ,පහලොවක් විතර. ඉස්සරහින්ම එනවලු හොඳටම ටයි කෝට් එහෙම දාගත්තු ටිකක් පණ්ඩිත පහේ ඩයල් එකක්. මිනිහා පටන් ගත්තලු කථාව.
"ස්වාමිනී"
"මේ ගෑනි"
               ආ තවත් එකක්. දැන් ජේසු ගෙ පිටිපස්සෙන් හිටියලු දේශණාව අහන්න ආපු සෙනඟ. දකුණු ඇත පැත්තෙන් අර බොඩි ගාඩ් ල දෙළොස් දෙනාලු. මේ කට්ටිය ඉන්නෙ ජේසුස් ගෙ වම් ඇත පැත්තෙලු.
     ඉතින් ජේසුස් ගෙ චීෆ් බොඩි ගාඩ් වෙච්චි පේදුරුට වැඩේ පට ගාල මීටර් උනාලු.
 "මේ නම් ටක්කෙටම ලෝයර් කෙනෙක්ය. මේ පිටිපස්සෙන් ඉන්නෙ  මේ ලෝයර් කාරයාව සල්ලි දීල අ අරගෙන මේ ප්ලෑන් එක ගහපු දේශපාළුවො, කුඩු මුදලාලිල සෙට් එකය. මෙයිට කලින් කී පාරක් නම් මේ මිනිස්සු ටික එකතු වෙලා ජේසුස් ට වැඩේ දෙන්න හැදුවද? ජේසුස් ගෙ වටේ ඉන්න මිනිස්සු හිංඳා අතින් පයින් වත්, නාඳුනන තුවක්කු කාරයන්ටවත් ජේසුස් ට ගේමක් දෙන්න හම්බුනේ නැහැ.  ඒක හිංඳා මේ ඇවිත් තියෙන්නෙ අතින් පයින් බැරිනම්  මොළෙන් ගේමක් දීල ජේසුස් ට වැඩේ දෙන්න ය"..
මෙන්න මේ ටික පේදුරු ට නිකන් ලාව්ට වගේ මීටර් වේගෙන එද්දි අර මිනිහා කෑ ගහපු කෑ ගැහිල්ලට පේදුරු ආයෙ පියවි ලෝකෙට ආවලු.
"ස්වාමිනී"
" මේ ගෑනි"
" වේස කමේ යද්දි අපේ අතටම අහු උනා. සමාජයේ යහ පැවැත්ම පිණිස මෙවැනි ගැහැණුන් ගල් ගසා මැරිය යුතු බවට නීතියේ සඳහන් වෙනවා ස්වාමිනී"
" මේ ගැහැණියට ගල් ගසා මරා දමන්න අපට ඉඩ දෙන්න"
                      පේදුරු ගෙ සැකේ හරියටම හරි ලු. අද නම් බඩු බනිස් ම තමා කියල පේදුරුට හිතුනලු. හේතුව මේකයි. මුන් ටික ලෝයර් කෙනෙක්ව ඉස්සරහට දාගෙන ලෝ පොයින්ට් එහෙම අරගෙන අද ඇවිල්ලා තියෙන්නෙ. ජේසුස් කිව්වොත් හරි ගල් ගහල මරල දාපල්ලා කියලා මුන් කියයි මෙච්චර මේ සමාජය ගැන කතා කරන මේ මිනිහා, මනුස්සයෙක් මරන්න තීන්දුව දුන්න කියලා. ගල් ගහන්න එපා කිව්වොත් රටේ නීතියට අභියෝග කලා කියල නීතිය ඉස්සරහට ගෙනියයි.. පස්සෙන් ඉන්න අනුගාමිකයො සෙට් එකත් මෙලෝපන් දෙයක් හිතා ගන්න බැරුව ඉන්නවලු. මොකද ඉතින් මේ වගේ බලවත්තු එක්ක අඬ දබර කරගෙන පස්සෙන් පහු සුදු වෑන් වලින් යන්න කවුද කැමති වෙන්නෙ..
           ඉතින් මේ කාල ගෝට්ටිය දිහා විනාඩියක් බලාගෙන හිටපු, කවදත් කලබල නැති චරිතයක් වෙච්චි ජේසුස් කට්ටියට කථා කරලා මෙන්න මෙහෙම කිව්වලු.
"හරි ඔයාල කට්ටිය ගෙන් ජීවිතේට බ්ලූ ෆිල්ම් එකක් බලපු නැති, අඩු ගානෙ බ්ලූ ෆොටෝ එකක් වත් බලලා නැති, ගෑනියක් දිහා බලලා අඩේ අන්න මරු ගෙඩිය, මරු කෑල්ල, කොහොමද කඳ මචං කියලා හිතෙන් වත් නොකිව්ව කෙනෙක් ඉන්නවනම් පළවෙනි ගල ගහන්න කියලා."

උපතින්ම කලාකාරයෙක් වෙච්චි ජේසුස් බිම ඉඳගෙන ඇඟිල්ලෙන් කාශ්ඨක වැළි පොළොවෙ මෙන්න මේ නිසඳැස ලිව්වලු.


"පව් කාරියක් වී ඉපදීම ද පවෙක.
පව් කාරයෙන් ගෙන් සැදුනු දේශයක.....

විනිසුරන් ඉදිරියේ යම් දිනෙක
පව් කාරයන් වෙමු අපි සැවොම එක ලෙසට....

අයුක්තිය ඉරා සුන් කොට
යුක්තිය සදන්නෙමි නුඹලාට..... "


ඔන්න ඕක ලියලා ඉවර වෙලා ජේසුස් නැඟිටලා බැලුවලු. තමන්ගෙ බොඩි ගාඩ් ලයි පිටිපස්සෙ හිටපු අනුගාමිකයොයි අර ගෑනු කෙනයි විතරලු ඉන්නෙ. අර පිම්පි සෙට් එක ආගි අතක් නැහැලු.  ජේසුස් ගැහැනු කෙනාගෙන් ඇහුවලු.

"කවුරුත් ඔබට වරද තැබුවේ නැද්ද"

"නැත ස්වාමිනී"

"මමත් ඔබට වරද නොතබමි. යන්න මින් පසු පව් නොකරන්න වග බලා ගන්න"

ජේසුස් මේ වැරැද්දට දඬුවම් දුන්නෙ නෑ වගේම සමාව දුන්න කියලත් නෑ. හැබැයි ඒ වරද අමතක කරලා ආයෙත් සාමාන්‍ය විදිහට ඒ ගෑනු මනුස්සයට සමාජයේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබලා දුන්නා..



ප. ලි - පිම්පි වරුන් යනු ඉන්ටනැශනල් විකිපෙඩීයා වට අනුව ගැහැණුන් බිල්ලට දී  තම වාසීන්  සලස ගන්නන් වන අතර ශ්‍රී ලාංකීය විකිපෙඩියාවට අනුව ඊට අමතරව ගොසිප් සයිට් වල නිළියන්ට සහ ගායිකාවන්ට කුණු හරුප කොමෙන්ට් දමන්නන් ද, අන්තර් ජාලයේ ෆේක් ප්‍රොෆයිල් වලින් ඔවුන්ට මඩ ගසන්නන්ද ඇතුළත් වේ.


13 Responses
  1. ඔය කතාව හුඟ දෙනෙක් දන්නවා. ජේසුස් වහන්සේට දක්වන ගරුත්වය අඩු කරලා, තමන් ඊට වඩා පොරක් කියල පේන්න ලියල කියල විතරයි තේරෙන්නේ!


  2. ශශී Says:
    This comment has been removed by the author.

  3. ශශී Says:

    හේමලයා - ස්තුතීයී කියෙව්වට. මාත් කතෝලිකයෙක්. මගේ ගරුත්වය කොහොමද කියලා කියලා මම දනිමි . මේක ඔබේ තේරුම් ගැනීම. එය ඔබට අයිතියි.


  4. ශශී Says:

    හේමලයා - මෙහි ගත යුත්ත ගැන නොසිතා, නොගත යුත්ත ගැනීම අවාසනාවක්. එය වර්ගපුර්ණිකාවට සීරියස් කොමෙන්ට් දමන්නවුන් අතර ඔබේ ප්‍රකාශය අරුමයක් නොවේ.


  5. Frontier - Vienna. Says:

    මචං මම උඹේ මේ බ්ලොග් එක ඉඳල හිටලා කියවනවා. ඒත් උඹේ කවි නම් කියවන්නෙ නෑ. උඹ ඔය ට්‍රිප් එකක් ගිහිල්ලා නැත්නම් සමාජයීය වශයෙන් ලියන පෝස්ට් තමයි මම කියවන්නෙ. කවදාවත් කොමෙන්ට් කරලා නෑ. මම උඹව මුලින්ම කියෙව්වෙ " ඒකයි තාමත් මහ පාරේ" http://sithaniwanathana.blogspot.it/2011/10/blog-post.html කියන බ්ලොග් පෝස්ට් එකෙන්. ඒක කණේ පාරක්. කියෙව්වට කොමෙන්ට් කළේ නම් නෑ.
    අද මේ පෝස්ට් එකත් කියවලා මේකට විරුද්ධව කොමෙන්ට් එකකුත් ඇවිල්ල තියෙන හින්දා කොමෙන්ට් නොකර යන්න හිත දුන්නෙ නෑ. වෙලාව අඩු උනත්.
    කථාව කියෙව්ව. මට දැනුනෙ උඹේ නාභි ගත කිරීම අද සමාජයේ පවතින ඔය ගැහැණුන්ට බඩුව, නත්නම් ඕකි අරහෙමයි , මෙහෙමයි කියලා ගොසිප් සයිට් වල කොමෙන්ට් දාන, ඒ විතරක් නෙමේ. නළු නිළියන්ගෙ කුණු කන්දල් අවුස්සලා , පුළුවන්නම් උන්ට මඩක් ගහලා ඊරිශියාවෙන් පොඩි ආතල් එකක් ගන්න කුහක සමාජය වෙතටයි කියලා. මුළු කතාවෙම අන්තර් ගත නැති දෙයක් උඹේ "පලි" යෙන් කියවුනා.
    මටත් හිතටබ් වැදුනෙ පලි ය විතරයි. උඹේ කතාව කතෝලික ආගමේ හැමදාම පල්ලි යන දස පණත අකුරටම පිළි පදින කෙනෙක් දැක්කොත් අනිවාර්යයෙන්ම හිතයි උඹ ආගම් විරෝදියෙක් කියලා.
    නමුත් මගෙ අදහස මේකයි බන්. මමත්, උඹත්,, හේමාලයත් අදහන කතෝලික ආගමේ මේ වගේ දේවල් භක්තිය හින්දා පොත් අස්සෙවත් ගෞරවය හින්දා හිතේ වත් හංග ගෙන ඉඳලා වැඩක් නෑ. උඹට ඕනෙ සමාජ ශෝදනයක් කරන්න, අද සමාජයට ඔබින විදිහට උඹ ඒක වෙනස් කළා. උඹට ඕනෙ උනු දේ උඹ ජේසුස් තුමා ගෙන් ම ගත්තු උපමාවකින් අද සමාජයට දමලා ගැහුවා.
    හේමාල් සහෝදරයා මේ කථාවෙන් පිට පැනල ටිකක් ඔය ගොසිප් එතකොට නිව්ස් සයිට් වලට එහෙම ගිහින් සර්ච් කරල බැලුවොත් ( මම හිතන්නෙ උඹ දැකලත් ඇති ) කොයි තරම් නරක කොමෙන්ට් ද තියෙන්නෙ. ගණිකාවක් උනත් ගැහැණියෙක්ට හීනෙක් වත් හිතන්න බැරි තරම් ජරා වචන වලින් ඒවයෙ කොමෙන්ට් තියෙන්නෙ. මේ අපේම මිනිස්සු. මම නම් උඹ ජේසුස් කියන චරිතය අගෞරවයට පත් කළා කියලා දැනෙන්නෙ නෑ. මම කතාව සහ කොමෙන්ටු කියවල ඉවර උනට පස්සෙ උඹේ ප ලි ය මුලින්ම කියවා ආයෙ කථාව කියෙව්ව. ඒ කියෙවලයි මම මේ කොමෙන්ට් කළේ. විවිධ තෙරුම් ගැනීම් තියෙන පුද්ගලයො ඉන්නවා. ජේසුස් වහන්සෙ කියන්නෙ සමජ අසාධාරණ වෙනුවෙන් උඩු ගම් බලා පීනපු මනුස්සයෙක්. මේ කතාවෙ උබත් උඩු ගම් බලා පීනන්න හදලා තියෙන්නෙ. අනිත් එක දිරව ගන්න බැරිම සීන් එක තමා උඹ එක දිගට කවි නැත්නම් හොඳ ටොපිc එකක් අරගෙන හොඳට ලියලා ගහෙන් ගෙඩි එන්නා වගේ මෙහෙම එකක් ලියල අත අරිනවා. එතකොට දිරව ගන්න අමාරුයි. දිගටම ලියපන්. ජය -ෆ්‍රොන්ටියර් වියෙනා වෙන්.


  6. ශශී Says:

    ෆ්‍රොන්ටියර් - මගේ රියල් ටයිම් වීව් එකෙන් දැක්ක දවස් දෙක තුනක් ම ඔස්ට්‍රියාවෙන් කෙනෙක් ලොග් වෙලා ඉන්න බව. මම හිතන්නෙ නුඹ වෙන්න ඇති. ඔබේ තෙරුම් ගැනීම හරියට හරි. ඊට වඩා වචන අවශ්‍ය නෑ.
    හේමලයා කීව වගේ ගෞරවය අඩු කීරීමක් මම අදහස් කළේ නෑ. මේක හැමෝම දන්න කථාවක් බව මම පිළි ගන්නෙ නෑ. අපේ සමාජයෙ බහුතරය බෞද්ධයො. අර වගේ ජරා ගොසිප් සයිට් වලට කොමෙන්ටු දාන්නෙ හැම ආගමකම අයවලුන් බව ඇත්ත. නමුත් ආගම් භේදයකින් තොරව කණේ පාර ගැසීම මගේ අරමුණ උනා. ඒකට මම තෝර ගත්තු "නව ගිවිසුමේ" මම ආසම උපමා කථාව හරියටම ඒ ටොපික් එකට හරියන්න වෙනස් කළා.
    අනිත් එක ඔය සයිට් වල කොමෙන්ට් කරන මිනිස්සුන්ට ජේසුස් කියන්නෙ කවුද බුද්ද කියන්නෙ කවුද ඒව ගානක් නෑ. ඉතින් කොහොම හරි වදින්න ගහන එක තමා වටින්නෙ. අර කථාවක් තියෙන්නෙ ධර්මයෙන් නම් ධර්මයෙන්, අධර්මයෙන් නම් අධර්මයෙන් කියලා. - චේත නා හම් බික්ක වේ කම්මං වදන් නෙ.


  7. Samindhi. Says:

    ෆේස් බුක් එකෙන් මේක දැකල ආවෙ. අනේ මන්දා. පෝස්ට් සහ කොමෙන්ටු කියෙව්වා. ෆ්‍රොන්ටියර් සහෝ කියපු කතාව එලය. ගෞරවය ගැන අනේ මන්දා . මට නම් ප්‍රශ්ණයක් තිබ්බෙ නෑ. අර ලියලා තියෙන කවිය ඔයාගෙ නිර්මාණයක්ද. එතන ජේසුස් බිම ඉඳගෙන ලිව්ව කියලා අහල තියෙනවා. ඒත් මොනාද ලීවෙ කියල දන්නෙ නැති නිසා ඇහුවෙ?
    මම මේ කතාව ඇහුවෙ අපේ ඉස්කෝලෙ තිබුනු රැස්වීමක් වෙලේ. කතෝලික ශිශ්‍ය නායිකාවක් කතාවක් පවත්වද්දි කියපු දෙයක්. මම බෞද්ධ. ඒ උනත් අද කාලෙට ගැලපෙනවා. අර කවිය නිසා ඔයා ඔයා ජේසුස් ට ලොකු ගෞරවයක් දීල තියෙනවා කියලා හිතෙනවා.


  8. Anonymous Says:

    ෂඃ! හොඳ පණිවිඩයක් දෙන පෝස්ට් එකක් සහෝ..ඔබ හිතන විදිහට මම ගරු කරනවා.


  9. වැල්ලෙ කොල්ලෙක් Says:

    හර්ශ කියන යාළුවා ෆේස් බුක් එකේ ශෙයා කරලා තිබුනා දැකල තකහනියක්ම ආවෙ මේකට බොක්කෙන්ම "ආමෙන්" කියන්න. මට මේක දැක්ක ගමන් මගෙ අත්දැකීමක් මතක් උනා. අපි දැන් ඉන්න ගෙදරට පදිංචියට ආව දවසෙ අපේ අම්මගෙ අක්කගෙන් හම්බුනා බයිබලයක් තෑගි විදිහට. අපි එයාට කථා කරන්නෙ මම්මා කියලා. මම්මා ඉන්නෙ අපේ ගමේම නෙමේ. ඉතින් මම්මව දකින්න හම්බෙන්නෙ අවුරුද්දකට එක සැරයක් වගේ තමා. ඔන්න ඉතින් අපේ අම්මා එයාගෙ අක්කා දුන්නු බයිබලේ සුදු රෙද්දක එහෙම ඔතලා සුරුවන් කූඩුව ළඟින් අල්මාරියෙ දාල තිබ්බා. අපි ඉතින් අතින් වත් ඇල්ලුවෙ නෑ ඒකට තියෙන ගෞරවේට.
    ඔන්න අවුරුදු දෙකකට විතර පස්සෙ මම්මා ආව අපේ ගෙදර. දැක්කා බයිබලේ තියලා තියෙන අපූරුව. දැක්ක ගමන්ම මාරය අවේශ උනු මම්මා පටන් ගත්තා දෝස්මුරේ තියන්න. "යකඩො බයිබලේ තියෙන්නෙ ඔහොම සුදු රෙදි වල ඔතල ආරස්සා කොරන්ඩ නෙමේ බොල. අරගෙන කියවන්න. කියෝපල්ලා. හොඳට ආගම දහම අදහන ගෙදරක නම් බයිබලේ තියෙන්නෙ ඕනෙ අත් වලටම ගෙවිලා. උඹලා මේකෙන් අරගෙන ඇහි දෙයක් නෑ"
    ඔන්න ඕකයි මම්මගෙ තර්කය.
    මෙන්න මේ සීන් එකේදි මම හේමලය කියන පළවෙනි කොමෙන්ට් එක දාපු කෙනාව දකින්නෙ අපේ අම්මා වගේ. ශශී ව මට පෙනුනේ අපේ මම්මා වගේ.
    අනිත් එක මටත් ඔය ගෑනුන්ට අපහාස කරන අසහනකාර යක්කුන්ව පේන්න බෑ. ඌණ පූර්ණයක් කරන්නම්. අන්තර්ජාලයෙ ඉතරක් නෙමේ. අපේ ගමේ ගොඩේ මේ වගේ පිම්පි ඩයල් කොච්චර ඉන්නවද කියල අපි නිකමට හිතුවද? ගෑණුන්ට කථා හදන, මඩ ගහන, ගැහැණියකගෙ පස්සෙන් ගිහින් වැඩේ වැරදුනාම ඒ ගෑනිට අපහාස කරනඔය වගේ කට්ටිය. මම නම් කියන්නෙ ඔය පිම්පි කියන කාණ්ඩෙට ගමේ ගොඩේ ඉන්න ඔය වගේ වැඩ කරන අයවත් ඇතුල් කරන්න ඕනෙ.
    අනිත් එක උඹේ ලිවීමේ ස්ටයිල් එකට මම එකඟයි. හේතුව තමා උඹ දකිනවා මෙහෙම සමාජයේ යම් තැනක වැරැද්දක් තියෙන බව. උඹ ඒ ගැන කථා කරන්න අවස්ථාවක් එනකන් ඉන්නවා. ඔන්න උඹට අවස්ථාව ආපුවහම උඹ ලේඛකයෙක් වශයෙන් ලියනව මෙන්න මෙහෙම " යාළුවනේ ජේසු තුමා මෙන්න මේ විදිහෙ උපමාවක් කියල තියෙනවා. ඉතින් අපි කාගෙ කාගෙත් වැරදි තියෙන නිසා අනිත් අයව විවේචනය නොකර සමඟියෙන් ජීවත් වෙමු හොඳේ" කියලා. එතකොට ඔය ජරා වැඩ කරන උන් ඒ වගේ දේකට නැමෙයිද? නෑ බන්. තුවක්කුවක් අරගෙන වෙඩි තියෙන මිනිහාට අපි පාර දෙන්න ඕනෙ තුවක්කුවෙන් මිසක් ගල්, පොලු වලින් නෙමෙයි.
    අනිත් එක මමනම් කියන්නෙ සමාජයේ යහපැවැත්ම පිනිස මෙවැනි කොමෙන්ට් කරුවන්, ඕපදූපකයන් ඉවත් කිරීමේ වැඩපිලිවෙළක් ඇරඹිය යුතුයි. ඔය සයිට් වල ඇඩ්මින් ලට අභියෝගයක් කරල බලමුද ෆේක් නැතුව යම්කිසි හඳුනා ගන්න පුළුවන් විදිහකින් තම්න්ගෙ සයිට් එකට එන්න ඉඩ දිය යුතුයි කියලා.
    අනිත් එක බං මේ වගේ වැඩකට එකෙක් ඉස්සර විය යුතු මයි. උඹල වගේ හත් අට දෙනෙක් නෙමේ. විස්සක් තිහක් එකතු වෙලා මේව විවේචනය කරන්න පටන් ගත්තනම්. අද අපේ රටේ ගැහැණියගෙ තත්වෙ මොකක්ද? දූශණ වලින් රට ඉස්සරහින්. ඉතින් ගැහැනිය ගැන තියෙන ආකල්පය කවුරු හරි වෙනස් කරන්න ඕනෙ. ඒක හොඳින් බැරිනම් නරකින්. මේ වගේ අද අන්තර්ජාලයේ ගැහැණුන්ට මඩ ගසන්නවුන්, උඹ කියන්න වගේ කුණුහරුප කොමෙන්ට් කරුවන් ලොකු උනහම උන් තමයි ස්ත්‍රී දූශකයන් ගානට වැටෙන්නෙ. හොඳ මාතෘකාවක්. ජය වේවා. කමෙන්ටුව දිග වැඩිනම් කමා කරන සේක්වා.


  10. ශශී Says:

    සමින්දි - කවිය මගෙ නිර්මාණයක්. ජේසු එතන මොහොතක් බිම ඉඳගෙන ඇඟිල්ලෙන් යමක් ලිව්ව කියලා පොත් පත් වල සඳහන් වෙනවා. ගොඩක් අයගෙ මතය. පැමිණිලි කාරයන්ට තමන් ගැනම හිතල හිත වෙනස් කර ගන්න ජේසු තුමා කාලය ලබා දුන් බවයි. ස්තුතීයී

    හිරු හිමාවී - කාන්තාවක් වශයෙන් ඔබ ලබා දුන් ප්‍රතිචාරයට ස්තුතීයී.


  11. ශශී Says:

    කමන්නෙ කුමටද? මට වටින්නෙ ප්‍රතිචාරයේ ගුණාත්මක බව මිසක් ප්‍රමාණාත්මක බව නෙමේ. කියන්න දෙයක් නෑ උඹ ඔක්කොම කියලා තියෙන්නෙ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ උඹ වැල්ලෙ ඉන්න ඕනෙ කොල්ලෙක් නෙමේ.


  12. Anonymous Says:

    kangarooo
    Absolutely correct...people who make absured vulgar comments on the web are pimps..but one thing is for sure none of the actresses in srilanka could be white washed..


  13. ශශී Says:

    @ Anonumous Kangarooo - According To Me Not Only Commenters, Also Thise Web Administrators Who Let To Publish Vulgar Comments Are Pimps.
    & Agree With Your Second Opinion. But I'm Speaking Here About Whole Females.


Post a Comment