Sep
20
අද අමුතුම දවසක්. තිබුනෙ සීතලක්ද රස්නයක්ද කියල හිතාගන්න බැරි තරමට කාලගුණේ අවුල්.අද වැඩට ගිහින් ඇවිත් උදේ හෝදන්න ගිය රෙදි ටිකක් වනන්න කියලා හිතාගෙන බැල්කනියට ආවා. වෙලාව රෑ 10 ට විතර ඇති.....
මාරම ලස්සසන හඳ එළියක්. වටපිටාව මාර එළියයි. හිත පහන් වෙනවා වගේ. ටිකක් ඒ හැඟීම විඳින්න ඕනෙ කියල හිතුනා. සැප්තැම්බෙර් මාසෙ රෑ වෙද්දි ටිකක් සීතල ගතියක් තිබුනත් ඒ සීතල හරිම සෞම්‍යයි.
ඇත්තටම හඳ ...........!කවිවලට මොන තරම සිතුවිලි ලබා දෙන වස්තුවක්ද?හැබැයි මම අදනම් මේ හඳ දැක්කෙ කාලෙකට පස්සෙ. ඒ හින්දා හිතේ හැටියට හඳ එළිය විඳින්න ඕනෙ කියලම් හිතුන. ඒත් හඳ එළිය හිතේ හැටියට විඳින්නවත් ඉඩක් තිබ්බෙ නැත්තෙ එක පාරටම පොද වැස්සක් කඩා වැටුන හින්දයි....හඳ එළිය කොහෙ ගියාද කියලා නෑ.
හොඳ හීතලයි දැන්නම්. මීදුමත් ලාවට ගලන්න පටන් අරං වගේ. මීදුමයි වැහි පොදයි අස්සෙන් ඈතින් ගුවන් යානයක් එනවා පේනවා. වෙනිස් ගුවන්තොටුපලට ගොඩ බාන්න තව විනාඩි 2 ක් විතර ඇති. බිමට පාත් කරනකන්ම ඒ දිහා බලන් හිටියා. මට මතක් උනා මමත් ඔය විදියටම ආපු හැටි. අම්මව, තාත්තව, නංගිව දාල ආපු හැටි.....ලොකු අම්මට වඳිද්දි ලොකු අම්ම හිමීට අඬපු හැටි මතක් වෙද්දි තවමත් උගුර හිර වෙනවා වගේ දැනෙනවා.
කෑ ගහල අඬන්න හිතෙනවා.
දවස් තුන හතරක් තිස්සෙ පොඩි හෙම්බිරිස්සා ගතියක් තිබ්බත් මට මේ පොද වැස්සට තෙමෙන්න මාර ආසවක් ආව. එපා කියන්න කවුරුවකුත් නෑනෙ. ඇත්තටම ගෙදර කවුරුවත්ම නෑ. මං විතරයි. ඇත්තටම හුදෙකලාව කොච්චර චමත්කාරජනකද? හිතේ හැටියට වැස්සට තෙමුනා. මාර සැහැල්ලුයි. හරියට දුක වැස්සෙන් හේදිලා ගියා වගේ.
ආයෙත් කාමරේටත් දුවගෙන ඇවිත් ජනේලෙන් එළියට මූණ දාගෙන හොඳට තෙමුනෙ මගෙ කොම්පියුටරයෙ නන්දා මාලිනී මහත්මියගෙ සැඳෑ කළුවර සින්දුව වාදනය වෙමින් තියෙන අතරෙයි...ඇත්තටම මාර අරුත්බර ගීතයක්.
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ
මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා.....
වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගෙ සිතුවිලි
පාළු වී ඇත ගල් ගැසී ඇත
අඳුර පමණක් රජ වෙලා........
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා.....
හරියටම ප්ලේ කරන්න දන්නෙ නැති උනත් ටියුන් බැහැපු ගිටාර් එක ඒ රිද්මෙට වාදනය කලා..... අහල පහල අපා(ර්)ට්මන්ට් වල අය හිතුවද දන්නෙ නෑ ගිටාර් එක මීයො කනව කියලා.
ඇත්තටම හැඟීම් ගොඩකින් හිත පිරිලා වගේ දැනෙනවා. ඒ කියන්නෙ මට මේ දැනෙන්නෙ දුකද? සතුටද? මං දන්නෑ. මං අඬන්න ඕනෙද? හිනාවෙන්න ඕනෙද? මං දන්නෙ නෑ. ඒත් හිතට මාර සැහැල්ලුයි. ඒ හිතට දැනෙන හැඟීමට කියන වචනෙ මං දන්නෙ නෑ. දුකෙහි උනත් අමුතුම සතුටක්, අමුතුම මිහිරියාවක් තියෙනව කියල නේද මට දැනෙනවා. ඇත්තටම ජීවිතේ කියන්නෙ නම නොදන්න හැඟීමක්. දුක, සතුට, කඳුළ, සිනහව මුසු වෙලා හැදිච්ච අමුතුම හැඟීමක්.
හඳ පායනවා, වහිනවා, සීතල රස්නෙ මාරු වෙනවා වගේ සොබාදහමේ රීති වලට අපි නිතැතින්ම අනුගත වෙලා නේද? ඉතිං ඒ වගෙම අපේ ජීවිතේ කාලෙන් කාලෙට අපිට මුහුණ දෙන්න වෙන දුක, සතුට, සිනහව, කඳුළු.......
මේ හැම හැඟීමකටම අනුගත වෙන්න අපි ඉගෙන ගමු. එ හැම දෙයක්ම දිහා උපේක්ශාවෙන් බලන්න අපි හුරු වෙමු. එතකොට ජීවිතේ තව ගොඩාක් ලස්ස්න වේවියී කියලයි මට හිතෙන්නෙ ......

ඔහේ හිතන්න ගත්තම වෙලාවකට අපි අඩනවා, වෙලාවක හිනා වෙනවා, අපේ හිතට එන හැගීම් ඔහේ ගලාගෙන ගලාගෙන යනවා, ඉවරයක් නැ..ඒක නම් හරිම පුදුමයි.....
අඩන්න ඔනි වෙලාවට අඩන්න ඔනි.. හිනාවෙන්න ඔනි වෙලාවට හිනා වෙන්න ඔනි.. මොන හෑගිම ආවත් ඉවසන් ඉදලා එක යටපත් කරනවට වඩා හොදයි එක එලියට දාලා ඉවරකරලා දලා සෑහෑල්ලු වෙනවා නම්
උදාර කියන එක තමයි හරි..
මමත් එකඟයි ඒකට.
:)
kiyawala heta comment ekak dannam machang.. :)
jeewithe hati.
danena de kiyana eka hondai.digatama liyanna.
rata yana hemoma oya wage hitan ne...amma tatta sahodara sahodariyo...dala yanda samahara godak hodata puluwan...oya gedarat ekka hoda bedimak tiyena kenek..hoda putek...aiyek...ape mallitat gedara aya gena hegimak enda mata lassana nisadasak liyala denawada?
aniwaryayenma liyala dennam sthoothiiyii hamotama
ගොඩක් ලස්සනයි..හිතට දැනුනා...
ගොඩාක් ස්තූතීයී මන්දාකිණී
summer eke themunata me kale themenna yanna epa shashi... leda vei... ita passe kawuda inne saaththu karanna...
eka atha madhuu me jeewithe apita kath kawuruth nahane :(