ශශී


ඔන්න මීට හරියටම අවුරුද්දකට කලින් සුන්දර ස්විට්සර්ලන්තයේ සංචාරයක යෙදෙන්න මට අවස්ථාවක් ලැබුනා.

ඉතින් ෆේස් බුක් එකට ප්ලෝඩ් කරලා තිබුනු ඒ ෆොටෝස් දකිද්දි හිතුනා මේක බ්ලොග් පෝස්ට් එකකට ලිව්වා නම් හොඳයි කියලා....
         හොඳයි අපි මුලින්ම ස්විට්සර්ලන්තයේ විස්තර ටිකක් දැන කියා ගෙන ඉමුකො.
           ස්විට්සර්ලන්තය කියන්නෙ ඉතාම කුඩා රාජ්‍යයක්. උතුරින් ජර්මනිය, නැඟෙන හිරින් ඔස්ට්‍රියාව, දකුණෙන් ඉතාලිය, බස්නාහිරින් ප්‍රංශය යන රට වලට මායිම් වෙච්චි ලස්සනම ලස්සන ස්වාභාවික සෞන්ර්‍යයකින් පිරුණු රටක්.

                මේ පුංචි රට, අපේ රටේ දිස්ත්‍රික්කයක් විදිහට හඳුන්වන්න පුළුවන් ආකාරයේ ප්‍රාන්ත 26 කට බෙදා තියෙනවා. මේවා හඳුන්වන්නේ කන්ටොනන් (Kantonen) වශයෙන්. ස්විට්සර්ලන්තය තුළ කථා කරන ප්‍රධාන භාශා 3ක් වෙනවා. ඉතාලියට මායිම් වූ "තිචීනෝ" (Ticino ) දිස්ත්‍රික්කය තුළ ඉතාලි භාශාවත්, ප්‍රංශයට මායිම් වූ "ජෙනේවා" ( Geneva) දිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්ක දෙක තුනක ප්‍රංශ භාශාවත්, අනිත් සෑම දිස්ත්‍රික්කයක් තුළම ජර්මන් භාශාවත් කථා කරනවා.

                              ජර්මනියෙ කථා කරන ජර්මන් භාශාවයි, ස්විට්සර්ලන්තයේ කථා කරන ජර්මන් භාශාවයි අතර ප්‍රාදේශීය වෙනස්කම් දකින්න ලැබෙනවා. උදාහරණයක් විදිහට "අල්ගෙමයින ඖස්ඩ්‍රියුක" (Allgemeina Ausdrueke) (පොදු ප්‍රකාශයන්) විදිහට හඳුන්වන්න පුළුවන් සුභ දවසක්, ස්තුතීයී, කරුණා කරලා, සමා වෙන්න වැනි ප්‍රකාශයන් භාශා දෙකේම සමානයි.
          සමහර වචන තියෙනවා භාශා දෙකේම දෙවිදිහකට භවිතා කරන. උදාහරණයක් විදිහට "රසයි" යන්න "ලෙක" (lecker) යනුවෙන් ජර්මන් භාශාවෙහි හඳුන්වන අතර, එය ස්විස් ජර්මන් වලදී" ෆයින්" (Fein) යනුවෙන් භාවිතා කරනවා.
                  බොහොමයක් වචන තිබෙනවා එකම වචනය උච්චාරණයේ දී යම් යම් වෙනස් කම් සහිතව භාශා දෙකෙහිම භාවිතා වෙන. උදාහරණයක් වශයෙන් ජර්මන් භාශාවේ "මම ඔයාට අදරෙයි " යන්න "ඉශ් ලියෙබෙ ඩිශ්" (Ish Liebe Dish)යනුවෙන්. එය ස්විස් ජර්මන් වලදී "ඉ ලියෙබෙ ඩි" (I Liebe Di) වෙනවා. පැහැදිලියීනෙ.
              ඉතිං ස්විට්සර්ලන්තයේ රාජ්‍ය භාශාව විදිහට ජර්මන් පිළිගත්තත් කථා බහ කිරීමේදී මේ ගොල්ලො යොදා ගන්නෙ ස්විස් ජර්මන්. මීට අමතරව " රෙටරොමානිශ්" යනුවෙන් ඉතාලි භාශාවට  සමාන භාශාවක් කඳුකර ප්‍රදේශ වල ඉතාල සුළු පිරිසක් කථා කරනවා. එය මුල් පදිංචි කරුවන්ගේ භාශාවක් ලෙස සලකනවා. ස්විට්සර්ලන්තයේ භාවිතා වෙන මුදල් ඒකකය "ස්විස් ෆ්‍රෑන්ක්"
            මානව හිමිකම් සංවිධාන, රතු කුරුස සංවිධාන වල උපත සිදු උනු මේ රටේ ප්‍රධාන ආගම ලෙස සැලකෙන්නෙ කතෝලික ආගමයි. ඊට අමතරව ප්‍රොතෙස්තන්ත ආගම් බොහොමයක් තියෙනවා.
                සරණාගතයින්ට දොර විවර කළ රටක් වශයෙන් දේශපාලණ රැකවරණ පතා පැමිනි පිරිස අති විශාලයි. ඒ අතරින් යුගෝස්ලාවියානුවන් මූලික තැන ගන්නවා.
              මෙහි ප්‍රධාන ආදායම් මාරගය වන්නෙ බැංකු සමූහයයි. ඊට අමතරව සංචාරක

, ඔරලෝසු කර්මාන්තය,


 කෘශිකර්මාන්තය,


කිරි චීස් වැනි සත්ව නිශ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන සාධකයන්.


ඔන්න මම දන්න කියන විස්තර ටිකක් විතර ලුහුඬින් ඔබට ඉදිරිපත් කලා. මම සංචාරයේ යෙදුනේ "ශාන්ත ගාලන්" දිස්ත්‍රික්කය තුළයි. එය ස්වාභාවික සෞන්දර්‍යය සපිරි ගැමි පරිසරයකට උරුම කම් කියන ස්විට්සර්ලන්තයේ ඇති දිස්ත්‍රික්කයන් තුළින් ආකර්ශණීයම දිස්ත්‍රික්කයන්ගෙන් එකක්.


                  ඉතිං ඉතාලියේ සිට දුම්‍රියෙන් එහි ගිය ගමන සහ මා රස විඳි ගමනේ සියළු විස්තර, කොටස් කීපයකට බෙදා සිත නිවන තැනෙ හි පළ කරන්නට අදහස් කළා. ඉදිරි කොටස් වලින් ඒ සියළු විස්තර ඔබ හමුවට ගෙනෙන්නම්. එතෙක් ඔබට "ට්ශූස්" (tschues) ( bye)


6 Responses
  1. Anonymous Says:

    ඇත්තමයි පින්තූර දකිද්දී මටත් යන්න ආස හිතුනා සහෝ..හරිම අපූරුයි.අපේ අම්ම මට ඉතාලි යන්න ආස කළා..දැන් ඔයා ස්විට්සර්ලන්තේ :) හි හි..


  2. Anonymous Says:

    "ට්ශූස්" :) :)


  3. හුඟක් තොරතුරු අඩංගු හොඳ ලිපියක් ශශී. ස්විට්සර්ලන්තය කියන්නෙ ජීවත් වෙන්න හොඳම රටක් කියලා මම අහලා තිබුනා. ඒ වගේම 2010 වසරේදී ආයතනයේ වැඩමුළුවකට ස්විට්සර්ලන්තයේ Zurich නගරයට යන්න අවස්ථාවත් මට ලැබුනා. ඒ සති දෙකක කාලයකට. ඒ අතරතුර Lugano වලටත් ගොඩ වැදිලා ආවා.රටතොට ඇවිදින්න නම් ලැබුනේ නෑ. ඒත් ඉතාම සාමකාමි පිරිසිදු රටක් බව නම් දක්කා. පින්තූර ටික දැක්කම ආසාවේ බෑ


  4. ItalyDilan Says:

    ගමනේ ඉතුරු විස්තරත් ඉක්මනින් ලියන්න


  5. අයින්ස්ටයිනුත් හිටපු තැන Zurich කැම්පස් එක,


  6. ශශී Says:

    @ හිරු හිමාවී - ඉතින් අවස්ථාවක් තියේ නම් ඉතාලියට යන්න බලන්න. ඒ ආවහාම ස්විට්සර්ලන්තයට යන එක සුළු දෙයක් ... අවස්තාවක් ආවොත් සංචාරය කරලා බලන්න. ට්ශූස් :)

    @ ළිහිනි - ඇත්තටම පිරිසිඳු බව නම් ඉතාම ඉහළයි. අපාරාදෙ ඔයා zසූරිච් වල ඉඳලත් සති දෙකක්ම ඇයි වටේ පිටේ ඇවිදලා බැලුවෙ නැත්තෙ? ලුගානෝ කියන්නෙ ටිචීනෝ වල අග නුවර නෙ ඉතාලි දේශ සීමාව ළඟ .

    @ ItaliDilan - ඉක්මනින් ලියන්නම් ඩිලා.

    @ දූපත් වැසියා - උඹත් යන්න කැමතිම තැනක් නේද එතන.


Post a Comment