ශශී
ආයෙත් සීත කාලෙ ඇවිත්
ඊට පස්සෙ වසන්ත කාලෙ එනවා
ආයෙත් ගස් වල කොළ හැදෙනවා
මල් පිපෙනවා
ඊට පස්සෙ රස්නෙ කාලෙ එනවා
ඊට පස්සෙ හේමන්තෙ
ගස් වල කොළ හැලෙනවා
මල් පර වෙනවා
සීත කාලෙ අයෙත් පටන් ගන්නවා....
ජීවන චක්කරේ......



ඒ විදිහට අවුරුදු පිටින් ගෙවිලා යනවා
අපි හැමදාමත් අනාගතේ කිය කිය
නොදැකපු දවසක් ගැන හිත හිතා
ඔහේ ජීවත් වෙනවා.
යුරෝ, පවුම්, පා(ර්)ට් ටයිම්
සීත, රස්නෙ, හිම එක්කම
අපේ තාරුණ්‍යයත්
ඔහේ ගෙවිලා යනවා.....