ශශී
"කපුච්චීනෝ" යනුවෙන් හඳුන්වන්නේ කිරි සහ කෝපි වලින් හදා ගන්න සම්ප්‍රදායික ඉතාලි පානයක්. මෙය ඉතාලි භාශාවෙන් "කපුච්චීනෝ " යනුවෙන් හඳුන්වනු අතර ඉංග්‍රීසින් උච්චාරණය කරන්නේ " කැපචීනෝ" යනුවෙන්. මේ "කපුච්චීනෝ" සහ විවිධ කෝපි වර්ග සාදා ගැනීමට පාවිච්චි කරන යන්ත්‍රයක්. 


                                                               (පින්තූරය - ගූගල්)

මෙහි කළු පාට මිටක් සහිත උපකරණ දෙකක් ඔබට දැක ගැනීමට පුළුවන්. එය වම් අතට කරකවා ගැලවීමට පුළුවන්. එහි අග යන්ත්‍රයට සවි වන කොටසෙහි කෝපි කුඩු පිරවීමට හැකි කුඩා කුහරයක් ඇත. නැවත එය යන්ත්‍රයට සවි කර දකුණට කරකැවූ විට යන්ත්‍රයට සවි වේ.

1) Black Coffee
2) Coffee With Milk
3) American Coffee

යන වර්ගයන්ට අදාළ බොත්තම එබීමෙන් පසු අපට අදාළ කෝපි වර්ගය ලබා ගත හැකීයී. අපට අවශ්‍ය සීනි ප්‍රමාණය දමා ගැනීම පමණයි අප කළ යුතු.


"කපුච්චීනෝ"සාදා ගැනීම සඳහා "Black Coffee " ලබා ගත යුතුයි. සාමාන‍යයෙන් "Black Coffee " එකක අන්තර්ගතය කෝප්පයකින් තුනෙන් එකක් පමණ වේ. එයට අප විසින් කලින් උණු කර ගත් කිරි වත් කළයුතුයි. කිරි උණු කිරීම සඳහා මෙම යන්ත්‍රයේ වම් පස ඇති කූරක් වැනි උපකරණය භාවිතා කරයි. සීතල කිරි භාජනයකට දමා, මෙම උපකරණය කිරි භාජනයට දමා අදාළ බොත්තමක් එබූ පසු කිරි එක රත් වේ. නමුත් "කපුච්චීනෝ" එකක් සාදා ගැනීමට උණු කිරි පමණක් නොව කිරි වල පෙණ ද අවශ්‍ය වන බැවින් උණු කර ගන්නා ගමන්ම පෙණ ලබා ගැනීමට කළ යුත්තේ කිරි භාජනයේ අඩියේ සිට ඉහළට එන තෙක් සීරුවට මෙම උපකරණය ක්‍රියාත්මක කිරීමයි. එය අත්දැකීමෙන් ඉගෙන ගත යුතු දෙයකි. කෝපි වල ගුණාත්මක බව, කෝපි වලට සාපේක්ශව කිරි ප්‍රමාණය, පෙණ ප්‍රමාණය "කපුච්චීනෝ" එකක රසයට බලපාන කරුණුයි. සාමාන්‍යයෙන් කෝපි ප්‍රමාණයට සමාන කිරි ප්‍රමාණයක් පමණයි එකතු කළ යුත්තේ. තවද කෝපි කුඩු අඩංගු උපකරණය යන්ත්‍රයට සවි කර එක වරක් කෝපි එකක් ලබා ගැනීමෙන් අනතුරුව එය ඉවත් කරන අතර, අලුත් කෝපි කෝප්පයක් සඳහ සැම විටම අලුත් කෝපි කුඩු එකතු කිරීම සිදු කරනු ලබයි.
                  මුලින්ම කෝපි සහ ඒ ප්‍රමාණයට කිරි වල පෙණ එකතු කිරීමෙන් සාදා ගන්නා මෙම පානය ඉතාලියේ සම්ප්‍රාධායානූකූල පානයයි.  උණු ජෑම් අඩංගු ක්‍රොසන්ට් සමඟ "කපුච්චීනෝ" ඉතාලි වැසියන්ගේසම්ප්‍රාධායානූකූලඋදය ආහාරය වෙයි.

                                                                  (පින්තූරය - ගූගල්)
                                                             

"කපුච්චීනෝ" එකක් ඉතාලියේදී යුරෝ එකයි සත පණහකට පමණ මිල දී ගත හැකීයී. සාමාන්‍ය "කපුච්චීනෝ" එකකින් නොනැවතී විවිධ හැඩ දැමූ "කපුච්චීනෝ" බොහෝ විට ඉතාලියේදී දැක ගත හැකීයී. ඒ සඳහ චොකොලට්, ක්‍රීම් වර්ග භාවිත කරනු ලබනවා.






Labels: edit post
7 Responses
  1. කැපචීනෝ කියද්දි මට ලින්සේ එක්ක තරහා විතරයි එන්නෙ. කෝපි වලට මම මනාප නෑ...කලුවෙයි කියලා බයට...හි හි හී...නෑ අප්පා...බිව්වට පස්සෙ එක එක්කෙනාගෙ ආඩම්බර බලන්න මම කැමති නෑ...ඇයි වදේ...

    ඔෆීසියෙ ඉන්න ලින්සේ කැපචීනෝ මැෂීන් එකක්. ලංකාවෙ නම් හොඳම කැපචීනෝ එකක් බොන්න නම් Coffee Bean එකම තමා. දැන් මැක් වලත් තියෙන්නෙ.. ලස්සන ලස්සන රටා දැලා තියෙනවා දැක්කම ආස උනාට...හි හි හී මම නම් කැමති නෑ...


  2. ItalyDilan Says:

    හොද කපුච්චීනෝ එකක් දා ගන්න සුපිරි වැඩ කාරයෙක් වෙන්න ඕනා




  3. /* "කපුච්චීනෝ" එකක් ඉතාලියේදී යුරෝ එකයි සත පණහකට පමණ මිල දී ගත හැකීයී. */

    ඒ හිටගෙන බිව්වොත් විතරයි නේද?


  4. Please add an archive widget to this blog.


  5. ශශී Says:

    ඔබ හරි කථන්දර අයියා ඉඳ ගත්තොත් සර්විස් චාර්ජ් ඒ වගේ තව ගුණයක් :)


Post a Comment