ශශී

කැරොල් කියලා කියන්නෙ කතෝලික ආගමේ නත්තල් කාලය ආශ්‍රිතව (සමහර රටවල පාස්කු කාලය ආශ්‍රිතවද ) ගායන කරන , නැටුම් සමඟින් ගායනා කරන විශේශිත ගීත වලට... කැරොල් සංස්කෘතිය ඇවිත් තියෙන්නෙ ප්‍රංශෙන් කියලයි ඉතිහාසය කියන්නෙ... ප්‍රංශය සහ අනෙකුත් ලතින් රටවල් වල මුල් කාලයේ ප්‍රචලිත උනත්  , වර්තමානයේ මුළු ලෝකය පුරාම මෙය ප්‍රසිද්ධයි.... 
            නත්තල් කාලයේ අපේ රටේ කතෝලිකයන් බහුලව වාසයන කරන ප්‍රදේශ වල , ඒ විතරක් නෙමේ සියළුම කතෝලික පල්ලි ආශ්‍රිතව කැරොල් ගායන කරන් ආකරය දැක ගන්න පුළුවන්.
             මා සමඟ එකට වැඩ කරපු වෙනිසියුලානු ජාතිකයෙක්, ඒ ගොල්ලන්ගෙ රටේ සම්ප්‍රධායානුකූල කැරොල් ගීතයක් මට අහන්නට සැලැස්වුවා. වෙනිසියුලාව ලතින් අමෙරිකානු රටක් නිසා එහි භාවිත වෙන්නෙ ස්පාඤ්ඤ බාශාවයි. (ලතින් ඇමෙරිකානු ස්පාඤ්ඤ ) රස විඳලා බලන්න ස්පාඤ්ඤ භාශාවෙ මියුරු සංගීත්වත් බව.

1) මේ තියෙන්නෙ ඒ ගීතයේ මුල් ගායනය.


2) මේ තියෙන්නෙ ඒ ගීතයම තවත් නාද රටාවකට.


3) මෙන්න අපිට ගැලපෙන වර්ශන් එක. 



3 Responses
  1. හම්ම්ම්ම්! ලස්සනයි..ඔය ලතින් ඇමෙරිකානු සංගීතයට මම නම් කැමතියි, ඉස්සර රිකී මාටින්ගෙ ලතින් ඇමෙරිකානු ගීතවලට ආසා උනා. දැන් උනත් ජෙලෝ ගේ..එහෙමත් නැත්තම් මාක් ඇන්තනීගේ ලතින් ඇමෙරිකානු ගීත අහන්න මම කැමතියි...

    මේ දවස්වලට ඉතාලිය එහෙම සුර විමනක් වගේ ඇති නේද ශශී...


  2. ItalyDilan Says:

    කැරොල් කියනකොට මතක් වෙන්නේ ලංකාවෙදි කැරොල් ගිය හැටි,,,සමහර අවස්තා වල ගුටි නොකා බේරුනු තැන් ගොඩයි,,කැරොල් ගිහින් කරපු කැත වැඩ නිසා


  3. ශශී Says:

    @ ලිහිණි - මාත් ගොඩාක් ආසයි ලතින් ඇමෙරිකානු සංගීතයට..

    ඔව් ඔව් ගොඩාක් සරසලා, හරිම ලස්සනයි.

    @ ItalyDilan - හෙහ් හී ඔව් බන් ... ගෙවල් වලට රතිඤ්ඤා එහෙම දානවනෙ


Post a Comment