ශශී

සුන්දර ස්විට්zසර්ලන්තය ගැන මීට පෙර මම ලිපි දෙකක් ඉදිරිපත් කළා.... 

http://sithaniwanathana.blogspot.it/2012/08/2_5668.html  

http://sithaniwanathana.blogspot.it/2012/08/blog-post_22.html

මෙම ලිපියෙන් මා  ඉදිරිපත් කරන්නේ  මා දුටු ගෘහ නිර්මාණ ශිල්පය, ස්වාභාවික පරිසරය සහ අලංකාර කඳු පංති කිහිපයක චායාරූපයි... සාරවත් බව ස්වාභාව ධර්මයෙන් පුදුමාකාර විදිහට ලැබුනු රටක් වශයෙන් ස්විට්Zසර්ලන්තය හඳුන්වන්නට පුළුවන්.. ගස් වල මල් පල දරන වසන්ත කාලයේ සහ ගිම්හාන කාලයේ මුළු වටපිටාවම තද කොළ පැහැ ගැන්වෙනවා.......බැලූ බැලූ අත දකින්න ලැබෙන්නේ සාරවත් බවේ ලක්ශණයි.



මේ තියෙන චායාරූප වලින් ඔබට අදහසක් ගත හැකි වේවි තණකොළ වල පවා තිබෙන සාරවත් බව.







කිරි නිශ්පාදන සඳහා ගවයන් ඇති කිරීම ස්විට්zසර්ලන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙනවා... මෙහි තිබෙන්නේ සත්ව ගොවිපොළක් සහ එම කර්මාන්තයේ නියැලෙන්නන්......
මෙහි ස්විට්zසර්ලන්ත සම්ප්‍රාධායානූකූල ඇඳුම් වලින් සැරසුනු ගොවි මහතුන් සහ ගෙවිලියන් දකින්න පුළුවන්.









කඳු මුඳුන් වල තණකොළ කන පුශ්ටිමත් හරකුන්, මුවන්, බැටළුවන්, අශ්වයන් ස්විට්zසර්ලන්තයේ මා සංචාරය කරන ලද "නෙස්ලවු" (ශාන්ත ගාලන්) ප්‍රදේශයේ සුලභ දසුනක් වෙනවා......








ගෘහ නිර්මාණය ගැන කථා කරන විට සීතලට ඔරොත්තු දෙන පරිදි මෙහි ලී වලින් නිවාස තනා තිබෙනවා... බොහෝ විට ඒවා උල් සහිත හැඩයක් ගන්නවා.....ගිම්හාන කාලයට තම නිවාස වල ජනේල අලංකාර මල් වලින් සැරසීම ස්විස් වැසියන්ගේ ප්‍රධාන විනෝදාංශයක්.
























ගිම්හාන කාලය අවසන් වී හේමන්තය ආරම්භ කරන ඔක්තෝබර් මාසය පමණ වන විට මුළු පරිසරයම අලංකාර වර්ණ වලින් හැඩ ගැන්වෙනවා......











ගිම්හාන කාලයේ කොළ සහ නිලෙන් වැසී, හේමන්තයේදී කහ සහ දළු පාටින් සැරසෙන පරිසරය ඊ ළඟට සැරසෙන්නේ සුදු පාටටයි.....














ස්විට්Zසර්ලන්තයේදී මා සිත් ගත් ගැමි පරිසරය සහ ගැමි දරුවන් සම්ප්‍රාධායික ස්විස් ඇඳුම් පැලැඳුම් වලින් සැරසී සිටින ආකාරය .....









ගැමි උනත් නවීන විලාසිතා වලටත් මේ දරුවන් හුරුයි....


මා නැවතී සිටි "නෙස්ලවු" ගම්මානය ඈතට දිස් වෙන අයුරු.....


අවසාන වශයෙන් සිතේ ඇඳුනු ලස්සනම ලස්සනම කඳු පංති කිහිපයක් ඔබට ඉදිරිපත් කරමින් මේ ලිපිය අවසාන කරන්නම්.....













9 Responses
  1. ^_^ හුරේ මමයි එක

    මාරු පැත්ත ආ


  2. කියන්න වචන නෑ. යන්නමයි හිතෙන්නෙ. එහෙට වීසා ගන්න එහෙම අමාරුද?.


  3. මට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි..ඉන්නකෝ...යනවා මගේ හනිමූන් එකට ස්විට්Zසර්ලන්තයට....මේ තරම් ලස්සන පරිසරයක් ගැන වෙන මොනා කියන්නද...
    ඇයි?? මොකෝ ශශී හිනා වෙන්නේ ? මම විහිළුවක් නෙමේ කලේ...සිරාවටම... :D

    ඇත්තමයි ශශී...මරම ලස්සනයි..අර ගෙවල්..අම්මෝ...හරීම ලස්සනයි


  4. Anonymous Says:

    හරිම ශෝක් අප්පා..යන්න තිබුනනං....


  5. Anonymous Says:

    හම්ම් මමත් හරිම කැමතිම රටක් ජිවත් වෙන්න. නමුත් ඉතින් අපිට අවස්ථාවක් තමයි නැත්තේ. එවගේ රටක ජිවත් වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනි.


  6. ශශී Says:

    @ ලක්ශ් - හෑ..... මෙන්න මගෙ එකටත් එක වෙන්න කොල්ලෙක් ඇවිත්.

    @ මධුරංග - ලංකාවෙ ඉඳන් නම් වීසා ගන්න ටිකක් අමාරුද මන්දා... දන්න කියන කෙනෙක් ගෙන විස්තරේ අහල බලන්න ඕනෙ.

    @ ලිහිණි - හිතුවොත් බැරි වෙන එකක් නැහැ යන්න.... ඔන්න මම හිනා උනේ නම් නෑ... පතනවා ඒ හීනය ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වෙන්න කියලා

    @ හිරු හිමාවී - උත්සාහ කළොත් යන්න බැරි වෙන එකක් නෑ.

    @ - Anonumous - ඇත්තටම සහෝ.. ඒ රටවල ජීවත් වෙන මිනිස්සුන්ගෙ මූණවල් පින්ම පින් පාටයි. ඒකට හේතුව ඒ වගේ රටවල ජීවත් වෙන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕනෙ......


  7. ItalyDilan Says:

    යන්න ආසාවෙන් ඉන්නවා පහු ගිය පෝස්ට් ටිකත් බැලුවා බන්


  8. කෝ අනේ ඔයා.ලස්සන දේ අපි අගය කළ යුතුය.කුහක කමක් නැතිව.


  9. ශශී Says:

    @ Italydilan - එල. මොකද කාලෙකින් ලිව්වෙ නැත්තෙ ?

    @ Gayani Wedage - ස්තුතීයී ඔබට


Post a Comment