ශශී

පහුගිය සතියේ හැන්දෑ වරුවක වැඩ නිම වී නිවෙස බලා යාමට අදාළ බස් රථය ගැනෙම පිණිස බස් නැවතුම් පොළට දිව ගියෙමි. සෙල්සියස් අංශක 34 කට  පමන උශ්ණත්වයක්ද, මහන්සියද  සමඟින් බස් රථය තුළට ගොඩ වදින විට දිව්‍ය ලෝකයේ ගියාක් මෙන් සිසිලසක් ගතට දැනුනි. සෙනඟ සෑහෙන ප්‍රමානයක් සිටි බස් රථය තුළට ඒ වන විටත් රියදුරු ඇතුළු වී සිටියේය. මමද රියදුරු අසුන ළඟම සිටගෙන සිටියෙමි. මොහොතකින් දොරවල් වසා ගමන ආරම්භ කරන්නට විය. ගමන ආරම්භ කළ පසු පළමු නැවතුම ඇත්තේ කිලෝමීටර තුනකට එහාය.
                   නිල් පැහැති අත් කොට කමිසයකින්, කලු කලිසමකින්, කලු සපත්තු කුට්ටමකින් සහ කලු ටයි පටියකින් සැරසී සිටින රියදුරු අව් කන්ණාඩි පැලැඳ සිටීයී. බස් රථය අයත් සමාගමේ නිල ලාංචනය  "A C T V"යනුවෙන් සාක්කුවේ මුද්‍රණය වී ඇත. දකුණු පසින් ඇති බොත්තම් දොරවල් වැසීමට සහ විවුර්ත කිරීමටය. හිසට ඉහළින් කැමරා කීපයක් වෙයි. ඒ දොරවල් වල පා පුවරු නිරීක්ශණය කරන කැමරාය. විශාල පැති කණ්නාඩි වලට අමතරව විශාල උත්තල කණ්නාඩියක් කැමරා අසළින්ම ඇත. 
                      බසය ඔටෝ ගියර් වර්ගයේ ද්විත්ව බස් රථයකි. 

එන්ජිම පිහිටා ඇත්තේ පසුපසය. බසය පණ ගන්වා ගියරය දමා ඉදිරියට ඇදෙන තුරුම කිසිදු ශබ්දයක්  පිට නොවෙයි. රියදුරු තැන තමන්ගේ ආසනයේ වාඩි වූ පසු  (ආසනයට වඩා කාමරය කීවොත් නිවැරදිය. එයට ඇතුළු වූ පසුව වසා ගැනීමට දොරක් ඇති අතර , ආවරණය කිරීමට තිර රෙදිද ඇත )  
ගුවන් නියමුවෙකු මෙන් දිස් වෙයි. ශීත කාලයට හීටර් යන්ත්‍රද, ගිම්හානයට වයුසමීකරණ යන්ත්‍රද එහි ඇත. ( මුළු බස් රථයටම මේවා සවිකර ඇත. නමුත් කිසි දිනෙක ක්‍රියා විරහිත නොවන යන්ත්‍ර ඇත්තේ රියදුරු තැන අසළය ) 
                     අත් සුක්කානම මත තබා ගත් පසු නැවත ඉන් ඉවත් කර ගැනීමක් නැත. බස් රථය හැරවීමේදී තමන්ගේ කුටියේ ඇති  කැමරා සහ කණ්නාඩි දෙස පමණක් බලයි. කිසි විටෙක බෙල්ල හරවන්නේද නැත. ඔහුගේ කලිසමේ ඇති යතුරු කැරැල්ලේ B M W වර්ගයේ වාහනයක යතුරක්ද අමුණා ඇති බැවින් B M W කාරයක හිමිකරුවෙකැයි සිතිය හැකිය.  මෙවැනි බොහෝ රියදුරන් රාජකාරියට වාර්ථා කිරීමට පැමිනෙන්නේ තමන්ගේ පෞද්ගලික වාහනයෙනි. බස් ගාල් කරන ස්ථාන වල  බස් රියදුරන් සඳහා වෙනම වාහන පාර්ක් ඇත. 
       පැයට කිලෝමීටර් 70 ක වේගයෙන් බස් රථය ගමනේ යෙදෙන බව ඩිජිටල් මීටරයේ සටහන් වෙයි. තවද වේගය අඩු වැඩි වෙන ස්ථාන වල ඔටෝ ගියරය D4 - D3 - D2 වශයෙන් වෙනස් වෙයි. 
                                 මා පාසල් යන අවධියේ එකට සිටි මිතුරෙක් මට හදිසියෙන්ම සිහිපත් වෙයි. ඔහුගේ පියා වෘත්තියෙන් පෞද්ගලික බස් රියදුරෙකි. වැඩ නිම වී නිවෙසට පැමිණෙන පියා ගේ තතු ඔහු ඒ දිනවල පැවසුවත් තේරුම් ගැනීමට හරි හැටි මට නොහැකි විය. තම පියාගේ වම් අත සෑම දිනකම තම මව විසින් තෙල් ගා අත ගාන බව ඔහු කීප වරක් අප සමඟ කී බව මා මතකයේ ඇත. 
                       මේ අපේ රටේ රියදුරන්ගේ සැබෑ තත්වයයි.ගියර් දැමීමට රියදුරන් විඳින දුක, බස් රථය හැරවීමට සුක්කානම කැරකැවීම යකඩයක නවන්නාක් මෙන් ශක්තිය වැයවෙන ක්‍රියාවකි. බෙල්ල සියක් වාරයකට වඩා වමටත් දකුණටත් හැරවීමට සිදු වෙයි. මා පාසල යන අවධියේ බස් රථ ධාවනය කළ රියදුරන් චිත්‍රයක් මෙන්  මා ඉදියේ මැවී පෙනෙයි. නිතරම බුලත් විටක් හපමින්, බුලත් විඩ කටේ පැත්තක රඳවාගෙන බස් රථයේ සෙනඟ ඉදිරියට ගැනීමට වෑයම් කරන අන්දම මා ඉදිරියේ මැවෙයි. ඔවුන්ගේ මුහුණු වල ඇට කටු පවා මතු වී තිබුනු හැටි හොඳ හැටි මතකය. ඔවුන් තවමත් රියදුරු රැකියාවේ යෙදෙනවා විය හැකියී. 
               රටවල් දෙකක නමුත් එකම වෘත්තියක ඉරණම දෙවිදිහකි. වම් පස ඇති සැහැල්ලු වාහන ගමන් කරන තීරුවේ "බී එම් ඩබ්ලියු, බෙන්(ට්)ස්, ඇල්ෆා රෝමියෝ ද, ඉඳහිට පෝර්ශ් ද පවනට බඳු වේගයෙන් ධාවනය වෙයි. ඒ වාහන සමඟ තරඟ වැදීමට මගේ " Made In Sri Lanka" හදවතේ එන්ජින් කැපෑසිටිය ප්‍රමාණවත් නොවන බව වටහා ගත්තෙමි.
2 Responses
  1. e-sihinaya Says:

    අැත්ත කතාව යාලුවා.


  2. නිෂ්පාදන ආර්ථිකයක් නැති අපේ රට ගැන දුකයි. අනේ ඉතිං කවදාක හිනැහෙමුද අපි. එවන් දවසක් උදාගරගන්නටනම් ආත්මාර්තය ඉවත ලා රටට සේවය කරමු.
    Samakaya Wate නලින්


Post a Comment