ශශී

"සිහිනයක් වෙලා රෑ පුරා
සිහිනයෙන් ඇහැරිලා..........
සිහින ගං තීරයේ
අත වනයි ආදරේ........"

මේ සිංදුව ඉතාලියෙ ඉන්න අලුත් ගායකයෙක්ගෙ. ඒ උනාට සි\ංදුව නම් සුපිරියී. අහපු ගොඩාක් අය කිව්වෙ ඒ සිංදුව අහද්දි භාවනාවක් කරනව වගේ දැනුනා කියලා. අහල බලන්නකො එහෙනම්....





මේ තියෙන්නෙ නන්දා මාලිනී මහත්මියගෙ වැඩිය ඇහෙන්නෙ නැති සිංදුවක්.

" ගිරි සිරසින් සඳ පායා
කැළුම් ගලයි නෙතු පාරා
රැයක් උදා වී දෑත විඩා වී
කම්හල් දොරකඩ වාරු නොමැති වී
නුඹ ඉකිලන හඬ කාට ඇසේදෝ..........."

ඇඟළුම් කම්හල් සේවිකාවක් ගැනයි මේ ගීතයෙන් කියවෙන්නෙ. මේ සිංදුවෙ යූ ටියුබ් වීඩියෝව නම් හොයා ගන්න බැරි උනා. මේ තියෙන්නෙ වෙන අඩවියක ලින්ක් එකක්. රස විඳින්න මෙතනින් පුළුවන්.

http://lktunes.com/sinhala-mp3-song/6011/giri-sirasin-by-nanda-manali

"සඳකැන් ඇවිදින් සුපිපුණු කුසුමන් සිඹිනා නිසල රැයේ
සීතල උමතුව ඉඳි කටු තුඩගින් අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය, නිදන්න ඔබෙ හිස රඳවා මාගෙ ළයේ......."

අමරසිරි පීරිස් මහත්තයගෙ තවත් ලස්සන සිංදුවක්.





"සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන 
මමද ලිහිණියෙකු වෙමි කැඩුන තටු පිරි මඳින "

ගුණදාස කපුගේ මහතා ගායනා කරන ලස්සන සිංදුවක්. 71 කැරැල්ලට සම්බන්ධ සින්දුවක් ලු. වැඩිය ඇහෙන්නෙ නැති උනත් ලස්සන ගීතයක්.....



මේ සිංදු කලින් අහලා තියෙන අයත් ඇති... ඒත් ගොඩාක් අය දන්නෙ නැති හින්දා දාන්න හිතුවා. රස විඳලා බලන්නකො ඔයාලා කලින් අහලා නැත්නම්.....
Labels: edit post
6 Responses

  1. Anonymous Says:

    සොඳුර නුඹ ගීතයට මමත් හරි කැමතියි..


  2. මම ඉන්නෙ ලංකාවේ නෙමේද කියලා හිතුනා ශශී..මේ එක සින්දුවක්වත් මම කලින් අහලා නෑනෙ.. හරිම ලස්සන සින්දු ටිකක්...

    එක සින්දුවක මගෙ නමත් තියෙනෝ...


  3. ශශී Says:

    @ Nilantha - Thank You.

    @ හිරු හිමාවී - අනිත් ඒවට ආස නැද්ද ?

    @ ලිහිණි - එහෙනම් අද ඇහුවනෙ .. ඒ කියන්නෙ මගෙ ප්‍රයත්නය සාර්ථකයි.



  4. ශශී Says:

    @ රෙහානි - සාදරයෙන් පිළිගන්නවා සිත නිවන තැනට :)


Post a Comment