ශශී

එක එක අයට එක එක විනෝදාංශ තියෙනවනෙ. මටත් තියෙනවා ටිකක් අමුතු පහේ විනෝදාංශයක්.චොකලට් කන එක ම නෙමේ. ඇත්තම කියනවනම් මම චොකලට් කන්න මාර ආසයි. ඊටත් වැඩිය මම කාපු රසම චොකලට් ජාති වල හිස් කොළ එකතු කරල තියා ගන්න එක මම විනෝදාංශයක් විදිහට කරන එකක්. ඒ රසම චොකලට් කීපයක් බඩට වැටෙන්න කලින් ගත්තු ෆොටෝ ටිකක් මේ.

මේ තියෙන්නෙ නම් ස්විස් එයාලයින් එකෙන් ඒකෙ ගමන් ගන්න මඟීන්ට දෙන දෙන චොකොලට් පෙත්තක්. මම වැඩ කරන හොටෙල් එකට එකට ආපු ස්විස් යුවළක් ටිප් එකක් විදිහට තියලා ගිහිල්ලා.

මෙන්න මේකෙ තියෙන එක චොකලට් එකක්වත් මගෙ වාසනාවට මට කන්න හම්බුනේ නැහැ. මේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම අතින් හදලා අතින් ම දවටනය කරපු චොකලට්. ඈතින් ලින්ඩ්ට් කියන ස්විස් චොකලට් වර්ගයත්, මිල්කා කියන ජර්මන් චොකලට් වර්ගත් තියෙනවා. 


මෙන්න මේවා ඔක්කොම ජර්මන් චොකලට් වර්ග. මිල්කා සහ කින්ඩර් යන වර්ග වල. කින්ඩර් චොකලට් වල රස ගැන ආයෙ කියන්න දෙයක් නෑ සුපිරීයී.

මෙන්න ෆෙරේරෝ රොශෙර්. ඉතාලි බ්‍රෑන්ඩ් එකක්. කාපු අය නම් දන්නවා ඇති සුපිරි එකේ හොඳම එක. ඒ වගේම තමයි ගානත්. සාමාන‍යයෙන් ගෑනු ළමයෙකුට තෑග්ගක් දෙනවනම් නියමයි ෆෙරේරෝ . වැනිලා, චොකලට් සහ පොල් රස අඩංගු වර්ග තුනෙන්ම තියෙනවා. 

මේ තියෙන්නෙ ෆ්‍රේ කියන ස්විස් බ්‍රෑන්ඩ් එකෙන් ඩාර්ක් චොකලට් එකක්. අමුතු ගතියක් තියෙනවා.
මෙන්න මේකත් ෆ්‍රේ බ්‍රෑන්ඩ් එකේ. සීරියල් සහ කජු වගේ එහෙම දාල මැද්දට . පට්ටම රසයි.
මේ තියෙන්නෙ "තිරමිසු" රසයෙන් එන චොකලට් වර්ගයක්.
මෙන්න මේ තියෙන්න මුන්ට්ස් කියන ස්විස් බ්‍රෑන්ඩ් එක.
ජීවිතේ කන්න හම්බුන ලස්සනම චොකලට් එක.
මේවගෙ දවටන ගොඩාක් ඒව දිග ඇරල ගත්තහම මාර ලස්සනයි. ලස්සන ඩිසයින් තියෙනව. ඉස්සර අපි ස්ටිකර් එකතු කරනව වගේ විනෝදාන්ංශෙ විදිහට දැන් මම කරන්නෙ මේ දවටන එකතු කරන එක.

මේ විතරක් නෙමේ. ඉස්සර පොඩි කාලෙ කාපු
"ඔබමයි මා හදවතේ
සතුටු සිනාවන් මතු කළේ
එය රසබර හැඟුමක් වේ
සැම මුවේ"
චොකලට් ජාතිය ත් එඩ්නා චොකලටුත් මම ආසම ජාති තමා. දවටනයක් නම් හොයා ගන්න හම්බුනේ නෑ. කාට හරි හම්බුනොත් මට දෙන්න අරන් තියා ගන්න.
11 Responses
  1. චොකලට් ගැන ඩිස්කවරි වැඩසටහනක් බැලුවා, නියම රසය ගන්න සෑහෙන කට්ටක් කන්න ඔන.



  2. Anonymous Says:

    ඔයා මහ නරක වැඩ කරන්න එපා හලෝ...මට මාරම දුකයි මේවා දකිද්දී..:)චොකලට් බඩගිනි එනවා..
    'ෆෙරේරෝ' විතරයි කාල තියෙන්නේ මෙතන තියන ඒවගෙන්..
    මමත් මාරම ආසයි චොකෝ වලට.කලින් මාත් ඔය කොල එකතු කලා..
    ඒත් දැන් එකතු කරන්න තරම් කැවෙන්නේ නැහැ..
    නියම පෝස්ට් එක හ්ම්ම් :)


  3. ශශී Says:

    sumith niriella - ළඟඳිම චොකලට් පැක්ටේරියක් බලන්න යන්නත් හිතන් ඉන්නවා. එහෙම උනත් තව විස්තර දාන්නම්.

    අවතාර් - chokalata badaginna wenta :D

    හිරු හිමාවී - නරක වැඩක් කොරන්න තුන් හිතකවත් තිබ්බෙ නෑ අයියො :S


  4. ItalyDilan Says:

    හික්ස් චොකලට් කන එක ගැන නම් කියන්න එපා බන් කෑවට එපා වෙන්නේ නෑ නේ,, ඔන්න උබට බුකියේ රික්වෙස්ට් එකක් දැම්මා,, උබේ විනෝදාංශෙත් මරු බලන් යනකොට


  5. ශශී Says:

    @ Italydilan -මම උඹව ත් ෆේස් බුක් එකේ කාලෙක ඉඳන් හොය හොය හිටියෙ.... ආවට තැන්කු කිව්ව එහෙනම්. රික්වෙස්ට් එක මෙව්වා කළා. කොහ්මද මාව ෆේස් බුක් එකේ හොයා ගත්තෙ


  6. දවසක් කෙල්ලෙකුට කියල වැඩක් කරවගන්න උද ඉදන් 4 වෙනි රූපේ චොකලට් එකක් දුන්න. වැඩෙත් ගොඩ (මමත් ගොඩ ). දැනුත් කෙල උනනවා.


  7. ශශී Says:

    @ දූපත් වැසියා - 4 වෙනි රූපෙ එකක් දුන්න නම් වැඩේ ගොඩම තමා


  8. Anonymous Says:

    ohhh...u dont seem to have enjoyed cadbury chocs made in Australia...too bad:(


  9. ශශී Says:

    @ Anonuymous - No No...I've Never. Can I Have Some Frm You :)


  10. ෆෙරේරෝ රොශෙර් - තියෙනවා කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේ. මං ගත්තා නිට්ටඹුව හරියේ කඩේකින් 6 x 4 එකක් රුපියක් 1,500 යි.


Post a Comment