Aug
26
ඔන්න ඉතින් මම පළවෙනි ලිපියෙ ලිව්ව විදිහට සුන්දර ස්විට්සර්ලන්තයට ඉතාලියේ ඉඳන් දුම්‍රියෙන් සංචාරය කරපු හැටි මේ ලිපියෙන් කියන්නයි යන්නෙ. මම ගමන ආරම්භ කළේ "වෙනිස් ශාන්ත ලුසියා" දුම්‍රිය ස්ථානයෙන්. එතන ඉඳන් පැය දෙකකුත් විනාඩි හතලිහක පමණ කාලයක දුම්‍රිය ගමනකින් අනතුරුව මිලානෝ දුම්‍රිය ස්ථානයට ළඟා උනා. එතන පැය භාගයක පමණ හුවමාරු කාලයකින් අනතුරුව මිලානෝ සිට zසූරිච් දක්වා ගමන් ගන්නා දුම්‍රියෙන් මට ගමන් කිරීමට නියම්තවයි තිබුනේ.
මගේ ගමනාන්තය වී තිබුනේ, zසූරිච් වලට මිනිත්තු හතලිහකට පමණ මෙපිටින් වූ "ආර්ත් ගෝල්ඩවු" නමැති දුම්‍රිය ස්ථානයයි. මිලානෝ සිට ආර්ත්ගෝල්ඩවු වෙත ඇත්තේ පැය දෙකකුත් විනාඩි තිහක පමණ කාලයක්. ඉතින් මේ ගමනේදී මිලාන් වලින් ගමන් අරඹා මිනිත්තු තිහක් පමන ගිය පසු ඉතාලි ස්විස් දේශ සීමාවට ළඟා වෙනවා. මේ දුම්‍රිය මාර්ගය වැටී තිබෙන්නේ ඉතාම සුන්දර ස්වාභාවික පරිසරයක් මැඳින්. ප්‍රධාන වශයෙන් ඉතාලියෙන් පටන් ගන්න ස්විට්සර්ලන්තයෙන් අවසන් වන මේ රාජ්‍යයන් දෙකටම අයත් "ලාගො මජ්ජියෝරෙ" ( Grand Lake) යන විශාල, ඉතාම මනස්කාන්ත විල මේ දුම්‍රිය මාර්ගයට සමගාමීවයි පිහිටා තිබෙන්නේ. මේ පින්තූර දෙකේ ඔබට පෙනෙන්නේ මේ විල දේශ සීමාවෙහි දර්ශණය වන ආකාරයයි
මෙම දුම්‍රිය ස්ථානයෙදී ආරක්ශක නිළධාරීන් පරික්ශා කිරීම් කරන අතර, දුම්‍රිය ඒ සඳහා ටික වෙලාවක් නවත්වා තබනවා. මේ වන විට ඉතාලියේ සියළුම දුම්‍රිය ස්ථාන වල තිබුණු ගෘහ නිර්මාණ ශිල්පය පවා වෙනස් වී මෙතැන් පටන් ස්විස් ගෘහ නිර්මාණ ශිල්පය සහිත දුම්‍රිය ස්ථන දැකිය හැකීයී. ඒ වගේම අනෙකුත් ගොඩනැඟිලි වල ගෘහ නිර්මාණ ශිල්පය, දුරකථන සංඥා සහ වාහන වල අංක වෙනස් වීම යන කාරණා වලින් අප දැන් සිටින්නේ ස්විට්සර්ලන්තයේ බව වටහා ගන්න පුළුවන්.
අවට පරිසරය සම්පූර්ණයෙන්ම කඳු වලින් වැසී තිබෙනවා. මේ නිසා මහා මාර්ග, දුම්‍රිය මාර්ග සාදා ඇත්තේ කඳු හරහා.....
මේ කඳු වලට හානියක් සිඳු නොකර කඳු දෙකක් හරහා සාදන ලද මහා මාර්ගයක්...
එහෙනම් ඊළඟ ලිපියෙන් නැවත හමුවෙමු.