ශශී

2009 මැයි මාසෙ 19 වෙනිදා. ඒ දවස ශ්‍රී ලාංකිකයින්ට කවදාවත් අමතක වෙන්නෙ නැති දවසක්. අවුරුදු 30 ක් පුරාවට අපේ රටට වින කරපු යුද්ධය ඉවර වෙලා නිදහසේ  හුස්ම ගන්න පුළුවන් කියන සිතුවිල්ල හදවතට දැනුන ඒ දවස කොහොම අමතක වෙන්නද?
      ඒත් මම මේ ලියන්න යන්නෙ යුද්ධය ගැන නෙමේ. ආදර කථාවක් ගැන. යුද්ධය පිටුපස තිබුණු ආදර කතා අතරින් සුවිශේශීම ආදර කථාවක් ගැන. මාතෘකාව දැක්කහම ගොඩක් අය ඒ කථාව දන්නවත් ඇති.
 හොඳයි, කාලයකට ඉහත 90 දශකයේ පමණ කොටුව පොලිස් ස්ථානයේ සේවය කළා දෙමළ ජාතික පොලිස් නිළදාරියෙක්. එතන සිංහල අය වගේම දෙමළ අයත් ගොඩාක් සේවයේ යෙදිලා හිටියා. මේ තරුණ නිළදාරියා කාලයක් යද්දි ආදරයෙන් බැඳෙනවා එතන සේවය කරන සිංහල ජාතික පොලිස් නිළදාරිණියක් එක්ක. ඒ වෙනකොට යුද්දයේ ගිණි දැල් බිහිසුණු ලෙස මුළු රටම වෙලා ගෙන තිබුනා. උතුරේ තමන්ගෙ ජාතියට වෙන කෙණෙහිළිකම්, දකුණේ තමන්ගෙ ජාතිකයන්ට මුහුණ දෙන්න වෙන කෙණෙහිළිකම් දකින මේ පොලිස් නිළදාරියා බොහෝම හිතේ දුකෙන් තමයි තමන්ගෙ රාජ කාරිය කරන්නෙ. ජාතිවාදී ගිණිදැල් බොහොම උත්සන්න උණු අවස්ථාවක මොහු තමන්ගෙ රස්සාවට ආයුබෝවන් කියලා යනවා උතුරට. ඒ තමන්ගෙ ජාතිය වෙනුවෙන් අරගලයක් කරන්න හිතාගෙන. තමන්ගෙ සිංහල ජාතික පෙම්වතිය ට කරුණු පහදල දීල ගියත්, ටික කාලයකින් හැමදේටම වඩා වටින තමන්ගෙ ආදරය හොයාගෙන මේ සිංහල කෙල්ල උතුරට යනවා...මේ කථාව අපේ සිංහල ගීත රචකයෙක් මෙන්න මෙහෙම ලියනවා.

 "සිංහල සිංදු කියන
 නළලේ තිලක තියෙන කිරිල්ලී
 තුඩින් හදවතක් අරගෙන
 ගිණිගත් තල් අරඹට ආවදෝ ඉගිල්ලී"

තමන් වගේ අන්‍ය ජාතිකයෙක් සමඟ විවාහ වීම මල් පොකුරක් වෙනුවට කටු පොකුරක් අතට ගත්තා හා සමාන බව මේ දෙමළ තරුණයා නොදන්නවා නොවෙයි. ඔහුගේ හැඟීම් අපේ ගීත රචකයා පද රචනය කරනවා මේ වගේ..

" දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශි වී
 ගිණි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්තු මනාළී
මධු සමේ මධුර මල් අතරේ පිපී වැනුන සුරූපී"

        දැන් යුද්දයේ දරුණුම කාල පරිච්ඡේදයක්. තමන්ගෙ ජාතිය වෙනුවෙන් හඬ නඟන අරගල කරන පිරිසක් ඉන්නවා. පොත් පෑන් අමතක කරලා, තමන්ගෙ වෙනත් රැකියාවල් වලට සමුදීලා තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පිරිසක් ඉන්නවා. තමන්ගෙ අයිතිය වෙනුවෙන් දිවා රෑ හඬන මේ පිරිස ගැන අපේ ගීත රචකයා මෙහෙම ලියනවා.

" ගිණි අවිත් එක්ක පෙමින් බැඳුණු විහඟ සෙනඟ හඬාවී"

මෙතන දි මෙම පිරිස විහඟුන් යනුවෙන් හඳුන්වන්නෙ ඇයි කියන එක ගැන මට පොඩි ප්‍රශ්ණයක් තිබුනා. එතනදි මොවුන් ත්‍රස්ථවාදීන් ලෙස නොව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කැරලිකාරයක් පමණක් බව හඳුන්වන්නට යෙදුනු වචනයක් විය හැකීයී.. ඊටත් වඩා සිංහලයින් සිතා ගෙන සිටින විදිහට ඔවුන් නපුරු මිනිසුන් නොවේයැයි කීමට මෙයා භාවිතා කළා විය හැකියී. ඒත් මේ දේවල් කොහොමද සිංහල මිනිස්සු අතරට ගෙනියන්නෙ. ඒකට ආයුධයක් විදිහට තමන්ගෙ සිංහල ජාතික බිරිඳව යොදා ගත හැකි වේයැයි මේ දෙමළ නිළදාරියා සිතූ වාර අනන්තයයි. අපේ ගීත රචකයා ඒක ලියන්නෙ මෙන්නෙ මෙහෙම

"ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය ප්‍රියාවී"

නමුත් ඇයට ඒ සඳහා බලපෑමක් නැහැ... ආදරය තෝරා ගන්නාවද නැද්ද කියන කාරණය ගැන ඇයට තවමත් නිදසේ තීරණයක් ගන්න පුළුවන්. අර තරුණ දෙමළ නිළධාරියාගෙ කෝණයෙන් අපේ ගීත රචකයා ගීතයේ අවසාන පද වැළ මෙන්න මෙහෙම සටහන් කරනවා.

"ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී"

ගුණදාස කපුගේ මහත්මා ගායනා කරන මේ ගීතයේ පද රචකයා ඇත්තටම කවුද කියලා මම දන්නෙ නෑ. මේ ගීතය ගායනා කිරීම නිසා කපුගේ මහතාට ගොඩාක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න පවා සිදු උනා.  
                         යුද්ධය අවසන් දවසේ එක පෙලට මැරී වැටී සිටි ප්‍රබල ත්‍රස්ථවාදී නායකයන් කිහිප දීනෙකුගේ සිරුරු රූපවාහිනි තිරයේ සටහන් වුණු මොහොත මට අද වගේ මතකයි. ටික වෙලාවකින් මම ආදරය කරපු ඒ සොඳුරු ත්‍රස්ථවාදියාගෙ සිරුර රූපවාහිනී තිරයේ දිස් උනා. ඒ නඩේසන්. අනිත් ත්‍රස්ථාවාදීන් ගේ මරණය  හා යුද්ධය සහමුලින්ම ඉවර වීම පිළිබඳව ඒ මොහොතේ මා විඳවමින් සිටි සතුට අතරින් සිහින් දුකක් ගලාගෙන ගියා.
    නඩේසන් කියන්නෙ එල් ටී ටී ඊ යට ත්‍රස්ථවාදය වෙනුවට ජන අරගලයක මුහුණුවරක් දෙන්න උත්සාහ කරපු නායකයෙක්. බොහොමයක් නායකයන්ගෙ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා එය ත්‍රස්ථවාදී සංවිධානයක් උනා. අදටත් ගොඩක් පිට රටවල් වල අය දන්නෙ එල් ටී ටී ඊ ය යනු කැරලිකරුවන් පිරිසක් බවයි. ඒ නිසාම තමා අපේ රටට මෙච්චර බලපෑමක් එන්නෙ. මමත් හදවතට එකඟව ත්‍රස්ථවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන එල් ටී ටී ඊ යට විරුද්ධව යුරෝපෙදි උද්ගෝශණ වලට පවා සහභාගී වූ අයෙක්. නමුත් නඩේසන් මගේ ප්‍රියතම , මම ආදරය කරන චරිතයක් වී තිබුනා. අවසානයේ තමන්ගෙ සංවිධානය ත්‍රස්ථවාදී මුහුණුවරක් ගැනීම ගැන නඩේසන් දුකින් සිටි බවද සඳහන් වෙනවා. එල් ටී ටී ඊ සංවිධානයේ පොලිස්පති ලෙස නඩේසන් කටයුතු කළ අතර නඩේසන් ගේ සිංහල ජාතික බිරිඳ එහි කාන්තා පොලිස්පති ලෙස කටයුතු කළ බවද වාර්ථා උනා.

5 Responses
  1. සිරාම වටිනවා සශී......


  2. Anonymous Says:
    This comment has been removed by a blog administrator.

  3. vicharaka Says:

    ඔබ ආදරය කල සොඳුරු ත්‍රස්තවාදියා? ත්‍රස්තවාදීන්ගේ කොහෙද සොඳුරු බවක්? ඔබ ඒ ආදරවන්තයාගේ ආදරයට ආදරය කරන්න ඇති. නමුත් නඩේසන් සම්බන්ධ 100% නිවැරදි හමුදා බුද්ධි වාර්තා මම කියවා තිබෙනවා. ඔහු හොඳ ආදරවන්තයෙක් වෙන්න ඇති. නමුත් ඔහු පැහැදිලිවම එල.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියකු බව මම වගකීමෙන් කියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක


  4. Anonymous Says:

    ඔයා ලියල තියෙන විදිහ හොදයි.මම ගොඩක් ආසකරන සින්දුවක්.පසුබිම් කතාවත් අහල තිබුන කලින්.

    සහෝ.. ආදරේ කියන්නෙ සීමා මායිම් නැති හැගීමක් තමයි..ඒත් ආදරේ කියන්නෙ තමන්ගෙ ජාතිය පාවාදීම නෙමෙයි.මෙතන තියෙන ප්‍රශ්නෙ දෙමළ ජාතිකයෙක්ව කසාද බැන්ද එක නෙමේ,කොටි ත්‍රස්තවාදියෙක්ව කසාද් බැන්ද එක.මිනිහ කොටි පොලිස්පති වෙලා ගෑනි කොටි පොලිස්පතිනිය උනාලුනෙ,,ඔය කොටි පොලීසියෙන් තමන්ගෙ ජාතිකයන්ට කරපු අසාදාරනකම් දැක දැක,තිරිසන් වැඩ දැක දැක හිත හදාගෙන ඉන්න පුලුවන් ගෑනියෙක් ගැනනම් මට හිතාගන්න බෑ.
    ඔයාගෙ පවුලෙ කෙනෙක්,සමීප කෙනෙක් ත්‍රස්තවාදයෙ ගොදුරක් උනානම් ඔයාට ඒක තේරෙයි.ඒකෙ අමාරුව දන්න හින්ද තමයි මම මේ ටික කිව්වෙ.
    අනිත් එක නඩේසන් කියන්නෙ ඔය කියන තරම් සොදුරු මිනිහෙක් නෙමේ.මම ඒ ටික කිව්වෙ වගකීමෙන්.දන්න කෙනෙක්ගෙන් හරියටම අහල බලන්න.
    මටනම් තියෙන්නෙ මිනිහ කොටි සංවිධානෙ අවශ්‍යතා සදහා ගෑනිව පාවිච්චි කලා වගේ හැගීමක්.අඩටත් එහෙම මිනිස්සු ඕනතතරම් ඉන්නවනෙ.මිනිහගෙ වැරදි වහගෙන,ඒ හැම වැරැද්දක්ම හරි විදිහට දකින,ආදරේ කියන්නෙ ඒකට කියල හිතන ගෑනු අදටත් ඉන්නවා.

    ඔයාගෙ හැගීම්වලට අපහාස කරනව නෙමේ,ඒත් ඇත්ත මම කිව්ව ටික.
    --saji--


  5. ශශී Says:

    2 weni anonymous - oyata kiyanna thiyena de konda pana athuwa real namak , nathnam thamange link ekakin awilla kiwwanam neda hoda? oyath koti thrasthawadiin wage .. hangi hangi gahanne ai ?

    3 saha 4 commentu - mama kothanakawath thrasthawadaya kiyana eka sadaranikaranaya karala naha...


Post a Comment