ශශී

මේ දවස් ටිකේ යුරෝපෙ තිබුණු ෆුට් බෝල් උණුසුමක් එක්ක කථා බහට ලක් වුණු ප්‍රධාන චරිතයක් තමා "මාරියෝ බලොතෙල්ලි" කියන්නෙ.  ඔහු නියෝජනය කළේ ඉතාලි කණ්ඩායමයි. විශේශත්වය වන්නෙ ඔහු ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කරපු පළමු කළු ජාතිකයා වීම.
       අවුරුදු 22 ක් පමණ වන උස අඩි 6 යි අඟල් 4 වුණු, සුවිශේශ කොණ්ඩ මෝස්තරයකට හිමිකම් කියන මේ ක්‍රීඩකයා  
මුළු තරඟාවලිය පුරාම ඉතාලි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල සංක්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ද වෙනවා. පැහැදිලිවම ඉතාලි කණ්ඩායමේ සුපිරි තරුව උනේ මේ මාරියෝ කියන ක්‍රීඩකයා බව අවිවාදිතයි.
         ඇත්තටම මේ ක්‍රීඩකයාගෙ අතීතය ගැන කළොත් මොහුව ඉතාලි ජාතික යුවළක් දරු කමට හදා ගත් ළමයෙක්. ඝානා රටේ කළු දෙමව්පියන්ට දාව ඉපදුනු මාරියෝ ආර්ථික අපහසුතා නිසා ඉතාලි "බලොතෙල්ලි" යුවල දරුකමට හදාගැනීමට බාර ගන්නවා. මොහුගේ මුල් නම වෙනස් කරමින් ඉතාලි නමක් වන මාරියෝ යන්නත්, වාසගම ලෙස බලොතෙල්ලි යන්නත් තැබෙනවා...
   පාපන්දු ක්‍රීඩාවට සුපිරි දස්කම් දක්වපු මේ ක්‍රීඩකයා21 න් පහළ ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කර පසුව ඉතාලි ජාතික කණ්ඩායමට එක් වීමේ භග්‍යය ලබනවා. කිසිම කළු ජාතික නියෝජනයක් නොතිබුනු ඉතලි ජාතික කණ්ඩායමට එක් වන පළමු කළු ජාතිකයා වීමේ භාග්‍යය ඔහුට ලැබෙනවා..
   2012 යුරෝපා කුසලානයේදී ඔහු සුපිරි දස්කම් දැක්වීමත් සමඟම ඉතාලිය පුරා බලොතෙල්ලි උන්මාදයක් හට ගැනුනා. අවසාන පූර්ව තරඟය තෙක්ම ඉතාලි කණ්ඩායම ඉදිරියට ඒමට මේ ක්‍රීඩකයාගෙ සුපිරි  දස්කම් විශාල රුකුලක් උනා. අවසාන පූර්ව තරඟය සඳහා ඉතාලිය සහ ප්‍රභල ජර්මනිය තරඟ වැදුනු අතර බොහෝ දෙනා( ඉතාලි ජාතිකයන් ) පවා සිතුවේ තරඟය ජර්මනිය ජය ගනු ඇති බවයි. නමුත් තරඟය උඩු යටි කුරු කරමින් මාරියෝ ලබා ගත් ගෝල දෙක නිසා ස්පාඤ්ඤය සමඟ අවසන් තරඟයට පිවිසීමට ඉතාලියට හැකි උනා. ජර්මනිය සමඟ පැවති තරඟය අවසන් වීමෙන් පසු බලොතෙල්ලි ඉතාලිය පුරාවටම සුපිරි වීරයෙක් බවට පත් උනා.
   මෙම චායාරූපයෙන් දැක්වෙන්නේ මාරියෝ තමන්ගෙ ටී ශර්ට් එකේ පවා මුද්‍රණ කරගෙන සිටින තමන්ගෙ ප්‍රියතම කියමන වෙන "WHY ALWAYS ME  " යන්න ඉතාලියේ බස් රථයක සටහන් වී තිබෙන ආකරයයි.
පහත දැක්වෙන්නේ ඉතාලියේ වෙරෝනා නගරය ආසන්නයේ පුද්ගලයෙක් තමන්ගේ ගොවි පළෙහි මාරියෝ ගේ සුවිශේශ කොණ්ඩා මෝස්තරයට අනුකූලව  වගා බිමක් සකස් කර ඇති ආකරයයි.

දෑසට කඳුළු නැඟෙන තවත් පින්තූරයක්... මෙහි දැක්වෙන්නේ ජර්මනිය සමඟ පැවති තරඟය ජය ගැනීමෙන් අනතුරුව තමාව හදා වඩා ගත් ඉතාලි ජාතික මව වැළඳ ගන්නා ආකරයයි. මේ අවස්ථාවේදී මාරියෝ පවසා ඇත්තේ මේ සියළු ගෝල ඔබ සඳහා බවයි.
මාරියෝ බලොතෙල්ලි හැඳින්වීම සඳහා ඉතාලි පාප්න්දු රසිකයන්  භාවිතා කළ සුරතල් නාමය වන " සුපර් මාරියෝ" යන්න තවත් බස් රථයක සටහන් වී තිබුණු අයුරු
අවසාන වශයෙන් මේ තරුණ ක්‍රීඩකයාට ඉතාලි කණ්ඩායම සමඟ දිගු ගමනක් යන්නට අපි ආසිරි පතමු. ජාතිවාදය පසෙකලා සුදුස්සන්ට සුදුසු තැන දුන් ඉතාලි පාපන්දු බලධාරීන්ටද පාපන්දු රසිකයන්ගේ ගෞරව ස්තුතිය හිමි විය යුතුය.
3 Responses

  1. ItalyDilan Says:

    ඇත්තටම මාරියෝ කියන්නේ නව ඉතාලියානුවෝ ලෙසින් හදුන්වන විදේශිකයන්ගේ ඉතාලියේ ඉපදුණු දරුවන් අතර යම් පිම්මක් පැනපු කෙනෙක් විදිහට, මාරියෝගේ වාසගම විතරයි සහෝ වෙනස් උනේ,,මාරියෝ කියන්නේ පැලෙර්මෝ නගරේ ඉපදුනු කෙනෙක්,ඝානා දෙමව්පියන්ට දාව,අවුරුදු 2දී ඉතාලි ජාතික දෙපලක් විසින් හදා ගන්න අරගෙන තියෙන්නේ,,මුල් නම තමා mario Barwuah


  2. ManjulaMB Says:

    එල පොස්ට් එක ශෂී !


Post a Comment