Jul
21
ශශී
ඔන්න අද මම අරගෙන ආවා වෙඩි වගේ වීඩියෝ එකක්.
වෙඩි වගේ කිව්වෙ මේ වීඩියෝ එකේ තියෙන්නෙ මල් වෙඩි සංදර්ශණයක කොටසකුයි.
ඒ කියන්නෙ ඉතාලියෙ වෙනිස් නගරයේ වාර්ශිකව පවත්වන මල් වෙඩි සංදර්ශණයක කොටසක්. දැන ගන්න කැමති කට්ටියට මම කියන්නම් මේ විදිහට වාර්ශිකව මල් වෙඩි සංදර්ශණයක් පවත්වන්න හේතුව මොකක්ද කියල? 1575 - 1577 අවුරුදු වල මේ වෙනිස් නගරය මහාමාරිය රෝගයෙන් බොහෝම පීඩාවට පත් වෙලා තියෙනවා. හරියටම ජනගහයෙන් තුනෙන් එකක් විතර මිය ගිහිනුත් තියෙනවා. මොන දේවල් කලත් මේක නවත්තන්න විදිහක් තිබුනෙ නැහැලු. ඉතින් කරන්න දෙයක් නැතිම තැන 1576 සෙනෙට් සභාව තීරණය කලාලු මේ රෝගය තුරන් කරන්න කියල තමන්ගෙ ගැලවුම්කරුවා වෙන ක්‍රිස්තුස්තුමාට බාරයක් වෙන්න. බාරෙ තමයි රෝගය තුරන් උනහම දේවස්ථානයක් ඉදි කරන්න. ඉතින් ඒ බාරෙ උනාට පස්සෙ ඒ අවුරුද්දෙම ජූලි වල මේ රෝගය සම්පූර්ණයෙන් තුරන් වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඒකට වෙච්චි බාරය ඔප්පු කරන්න පල්ලියක් හැදුවා වගේම රෝගය තුරන් වෙලා ගිය ජූලි මාසය සිහිවෙන්න තමයි මේ මල් වෙඩි සංදර්ශණය පවත්වන්නෙ. ඒ පල්ලිය අද හඳුන්වන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් redeem කියන වචනයෙන් ආපු ඉතාලි භාෂාවෙන් රෙදෙන්තෝරෙ (redentore) කියලයි.
සාමාන්‍යයෙන් ජූලි මාසෙත් දවල් කාලය වැඩියෙන්ම තියෙන සෙනසුරාද දවස තම මේ උත්සවේට යොදා ගන්නෙ. එදාට කට්ටිය හොඳට කාලා බීලා විනෝද වෙනවා. ඉතින් හරියටම විනඩි 45ක් විතර පවත්වන මේ මල් වෙඩි සංදර්ශණයෙන් උපුට ගන්න පුලුවන් උනේ විනඩි 3 ක පමණ කොටසක් විතරයි. විශේශයෙන්ම කියන්න ඕනෙ සිත නිවන තැන වෙනුවෙන්ම මේක වීඩියෝ කලේ නිරූ ෆර්නැන්ඩෝ කියන මගේ යෙහෙළිය. සිත නිවන තැන වෙනුවෙන් ඇයට මගෙ ස්තූතිය මේ වෙලාවෙ පුද කරනවා. ඉතින් කට්ටිය රස විඳලා බලන්නකො වීඩියෝ එක.
Jul
05
ශශී
නුඹෙ පුංචි වෙනසකින්
මහමෙරක් තරමට
හිතට දුක් දැනෙන කොට
රෑ ඇඳේ තනිවෙලා
කොට්ටයට දුක කියන්
හිත හදා ගන්න  ඕනෙ මට...
නුඹෙ හිතට දුක් නොදී

දුක් කඳුළු හද දරන් 
නිදි නැතිව රැය පුරා
උහුලන්න ඕනෙ මට.....
නෙත් අගින් කඳුළු වී
ගලන දුක් ගංගාව
දරන්න හැකි වේවි
දුක හොඳට හුරුයි මට....
ඒත් හිත නුඹට බැඳුනු තරමට
ඒ දුක ඉවසන්න බෑ මට...
                           
Jul
01
ශශී
පෝ දා සඳ ආවත්
අද මගෙ ලඟ තනියට
මැදියම් අහසින්
එබෙන කොට කවුළුවට
සඳ තරු පෑවුවත්
අඳුරයි මගෙ සිතට
තත්පරයක් ඔය ඇස් දෙක
දකින්න වරම් නැති කොට
සරා සඳ නුඹයි
රාත්‍රියත් එළිය කොට
හීනයක් වෙලා වත්
එනවද මගෙ ලඟට....?