ශශී
ඔන්න අද මම අරගෙන ආවා වෙඩි වගේ වීඩියෝ එකක්.
වෙඩි වගේ කිව්වෙ මේ වීඩියෝ එකේ තියෙන්නෙ මල් වෙඩි සංදර්ශණයක කොටසකුයි.
ඒ කියන්නෙ ඉතාලියෙ වෙනිස් නගරයේ වාර්ශිකව පවත්වන මල් වෙඩි සංදර්ශණයක කොටසක්. දැන ගන්න කැමති කට්ටියට මම කියන්නම් මේ විදිහට වාර්ශිකව මල් වෙඩි සංදර්ශණයක් පවත්වන්න හේතුව මොකක්ද කියල? 1575 - 1577 අවුරුදු වල මේ වෙනිස් නගරය මහාමාරිය රෝගයෙන් බොහෝම පීඩාවට පත් වෙලා තියෙනවා. හරියටම ජනගහයෙන් තුනෙන් එකක් විතර මිය ගිහිනුත් තියෙනවා. මොන දේවල් කලත් මේක නවත්තන්න විදිහක් තිබුනෙ නැහැලු. ඉතින් කරන්න දෙයක් නැතිම තැන 1576 සෙනෙට් සභාව තීරණය කලාලු මේ රෝගය තුරන් කරන්න කියල තමන්ගෙ ගැලවුම්කරුවා වෙන ක්‍රිස්තුස්තුමාට බාරයක් වෙන්න. බාරෙ තමයි රෝගය තුරන් උනහම දේවස්ථානයක් ඉදි කරන්න. ඉතින් ඒ බාරෙ උනාට පස්සෙ ඒ අවුරුද්දෙම ජූලි වල මේ රෝගය සම්පූර්ණයෙන් තුරන් වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඒකට වෙච්චි බාරය ඔප්පු කරන්න පල්ලියක් හැදුවා වගේම රෝගය තුරන් වෙලා ගිය ජූලි මාසය සිහිවෙන්න තමයි මේ මල් වෙඩි සංදර්ශණය පවත්වන්නෙ. ඒ පල්ලිය අද හඳුන්වන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් redeem කියන වචනයෙන් ආපු ඉතාලි භාෂාවෙන් රෙදෙන්තෝරෙ (redentore) කියලයි.
සාමාන්‍යයෙන් ජූලි මාසෙත් දවල් කාලය වැඩියෙන්ම තියෙන සෙනසුරාද දවස තම මේ උත්සවේට යොදා ගන්නෙ. එදාට කට්ටිය හොඳට කාලා බීලා විනෝද වෙනවා. ඉතින් හරියටම විනඩි 45ක් විතර පවත්වන මේ මල් වෙඩි සංදර්ශණයෙන් උපුට ගන්න පුලුවන් උනේ විනඩි 3 ක පමණ කොටසක් විතරයි. විශේශයෙන්ම කියන්න ඕනෙ සිත නිවන තැන වෙනුවෙන්ම මේක වීඩියෝ කලේ නිරූ ෆර්නැන්ඩෝ කියන මගේ යෙහෙළිය. සිත නිවන තැන වෙනුවෙන් ඇයට මගෙ ස්තූතිය මේ වෙලාවෙ පුද කරනවා. ඉතින් කට්ටිය රස විඳලා බලන්නකො වීඩියෝ එක.
10 Responses
  1. love...... Says:

    lovely............


  2. Mandy Says:

    හරිම ලස්සනයි ශශියො... නිරූ නංගි ලස්සනට වීඩීයෝ කරලා තියෙනවා... මාත් වීඩීයෝ කලා නමුත් පැහැදිලි මදි...
    ඇඬෙනවා බං.... :'(


  3. shashi Says:

    @ love - thanks ...:)
    @ මධූ - ඒක ඇත්ත මේ වීඩියෝ එකේ ක්‍රෙඩිට් ඔක්කොම යන්න ඕනෙ නංගිට තමයි......අපි දැක්ක ඔයාගෙ වීඩියෝ එකත් ලස්සනයි ස්තූතීයි මධූ ප්‍රතිචාරයට්...:)


  4. Jay Says:

    මේක නම් නියමයි ශශී..
    :)


  5. ශශී Says:

    ස්තූතීයී අක්කෙ මේක වීඩියෝ කලේ මගෙ නංගි කෙනෙක්.....එයා ලස්සනට කරල තියෙනවා :)


  6. නියමයි නියමයි කොහෙද අපිට ඔය වගේ මල් වෙඩි ලංකාවේ දකින්න නෑනේ ;(
    දැන් ඉතින් වෙනීසියෙ එකක්ම දැක්කා නියමයි
    :)
    සිත නිවන මල්වෙඩි :P


  7. TuShAn AmILa,,PaDoVa, Says:

    මාර ලස්සනයිනෙ ශාමියා,සජිවී බලන්න තිබ්බනම් ගොඩ,ලබන අවුරුද්දෙවත් බලන්න ට්‍රයි කරන්න ඕනෙ බන්,,,


  8. ශශී Says:

    @ පොඩි මෑන් - හෙ හෙ ඒකනෙ පොඩි මෑන් ...ලංකාවෙ අයට දකින්න හම්බෙන්නෙ නැති දේවල්මේ විදිහටවත් බෙදා ගන්න ලැබෙන එක මට ලොකු සතුටක්..... මට මේ දේ කරන්න සහයෝගය දෙන අයටත් මේ වෙලාවෙ මම ස්තූතීයී කරනවා.....ප්‍රතිචාරයට ගොඩක් ස්තූතීයී මල්ලි.....
    @ තුශාන් - එහෙනම් ලබන අවුරුද්දෙ සෙට් වෙලා බලමු මචං.....ස්තූතීයී ප්‍රතිචාරයට බං.....




Post a Comment