ශශී
ළගක ඉඳන් අන්තර් ජාලය හෙල්ලී
FACE බුකිය ආවයි මට වී පිල්ලී
ආතල් ඇත වියදම් වූවත් සල්ලී
මූණු පොතේ ඇත අද මරු මරු ජල්ලී.


TAG එකකට SET වී තැන තැන කල්ලී
COMMENT කරයි කෙල්ලන් පසු පස එල්ලී
කාලෙත් කකා චාටර් උනොතින් මල්ලී
අම්මා තියයි මෙහි ADMIN හට සෝලී.


ගුරුන්නාන්සෙගෙ සාස්තරයක් අහලා
සුදු කෙල්ලක් හමු වෙන තුරු ඉන්නෙ බලා
පික්සු කොරය කේන්දරය ගැලපීලා
හරි ගියොතින් බිත්තියෙ PUBLISH කරලා.


වාසනාව අද සියයට ළං කරලා
උන්නා මම දවෙස් හැලපයා සොයලා
හැලපයා උනු ගොයියට අද මල පැනලා
හතර හංදි කඩනවා කිව්වෙන බැනලා.


HUNDRED PERCENT LOVE එක ඇත අද දවෙස්
දෙන්නම හිටියෙ නයාට අඳු කොළ විලෙස්
MARRIED උනත් SINGLE දැම්මොත් රහෙස්
කාටත් හොරා කෙල්ලන් SET වෙයි පෙර සේ.


දවෙස් මිතුරා හා අපතයා දවෙස්
LOVER OF THE DAY නම් හදවත ගැස්සේ
දෑතේ වීරියෙන් බිම් කෙටුවත් වැස්සේ
BARN බඩිය හිංදා දැන් හොරු බෝ සේ.


CHAT එකකට SET වෙලා මම ඉන්න වෙලේ
අස්ප ලාඩමක් එවපන් PLEASE මෙල්
මේ රෑ මට අස්ප කකුල් කොයින් බොලේ.
මේක අසා මෙග සියො ළඟ බියෙන් සැලේ.


අනේ අයියෙ සමා වෙයන් මට මෙවෙලේ
අස්ප කකුල් මා දැක නැත කිසිම කෙල්
නෑ නෑ මල්ලි මම ඉන්නේ FARM විලේ
මෙලෝ රහක් නෑ උඹනම් අනේ මලේ


දෙවියො බුදුන්ගේ රූපත් ගලවාලා
F.B එකේ LOGO එක එල්ලාලා
තෙල් මල් සමඟින් පහනක් දල්වාලා
පුදමු බැතින් පසඟ පිහිටුවා වැඳලා


මූණු පොතත් අප හට නොමිලෙම දීලා
උපනූපන් ජාති ජාති පිං කරලා
මතු භවෙය් දෙව් ලොව යන්නට සිතලා
Face බුකියෙ ADMIN ඇත වැජඹීලා.
21 Responses
  1. youtube Says:

    උපරිම නිර්මණයක්..
    ඔබට ජය,


  2. ශශී Says:

    ස්තූතීයි සහෝදරය දිරි ගැන්වීමට.....


  3. සශී මල්ලිය
    එල කිරි වගෙ කවි ටික
    නියමෙට ගොත ඇත උබ
    ජීවිතෙ වටිනා ... කම
    ලියපන් තව රස කර


  4. ශශී Says:

    අමිල අයියෙ ඔයාලගෙ දිරි ගැන්වීම වලට ගොඩක් ස්තූතීයී...


  5. හික් හික් හික්... පට්ට ටොක්ස් ටික...

    සුදු කෙල්ලෙක් සැට් වෙයි කියලා single දාගෙන ඉන්නෙ.. හික් හික් හික්.. එක එල..


  6. Jay Says:

    මරුනේ..
    :D


  7. Anonymous Says:

    මෙවා FB අයිතිකාරයා දැක්කොත් අපෙත් එකවුන්ට් බෑන් කරයි. මටත් පහුගිය දවස් වල වෝනින් එකක් ආවා නොවැ.

    එල එල පට්ට කවි ටික :)


  8. ශශී Says:

    @ උදාරයා- සුදු කෙල්ලෙක් හම්බෙවෙලා ඉන්නෙ.....(බොරුහොඳේ)..
    @ Ansh-ස්තූතීයි සහෝදරිය..


  9. ශශී Says:

    @රොයිලි -ලොක්කා මොකද බං උඹට උනු අලකලංචිය.....
    @gangster-ස්තූතීයී ආසිරියෝ....


  10. Unknown Says:

    ඔන්න අද තමයි ෙම් පැත්තට ෙසට් ෙවන්න පුළුවන් වුෙන්.කවි පද ටික නම් නියෙමට හදල තිෙයනවා.දිගු ගමනකට මෙගන් සුභ පැතුම් යාළුෙව්


  11. ශශී Says:

    නමස්කාර පූර්වකව පිළි ගන්නවා ක්‍රිශෝ......ස්තූතීයි ප්‍රතිචාරයට මචං....


  12. Mandy Says:

    පට්ට නිර්මානයක් ෂශී....
    කියලා වැඩක් නෑ....
    කවුද දන්නෙ අපේ ගමේ මෙච්චර හොඳ කවි කාරයෙක් ඉන්නවා කියලා....


  13. Mandy Says:

    පට්ට නිර්මානයක් ෂශී....
    කියලා වැඩක් නෑ....
    කවුද දන්නෙ අපේ ගමේ මෙච්චර හොඳ කවි කාරයෙක් ඉන්නවා කියලා....


  14. කොහෙන්ද අප්පේ මේවා ගලාගෙන එන්නේ .....
    ඔහොම යං ඔහොම යං ..


  15. ශශී Says:

    @ මධූ - ස්තූතීයී මධූ ඒකනෙ තව හැංගිච්ච කවි කාරයො ඉන්නවද දන්නෙ නැහැ වෙනීසියෙ...
    @ All Free Download- හිතට ආපු ගොහොදු සිතුවිලි තමා.......:D ස්තූතීයී මචෝ..


  16. gomi Says:

    hehe shashi ayya...mekanm lassanam lassanai...!
    :)


  17. Rockey_ssr Says:

    hikzzz maxxxa aaa meka kiyawanakota podi lajjawakuth enawa apith me wage neda kiyala... :D niyamai aiya hoda nirmanayak... :)


  18. ශශී Says:

    @ gomi and rockey.... thanks my dears...




  19. sindulanthe Says:

    machan, if u r interested to link our site let us know, we will do the same. thanx (sindulanthe at gmail.com)


Post a Comment