ශශී

අපි ජීවිතේ ගෙවන්න සිද්ධ වෙන විවිධ අවස්ථාවන් අනුව විවිධ සමාජ කණ්ඩායම් වලට සමාජගත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කවුරුත් දන්න කියන විශ්ව විද්‍යාල උප සංස්කෘතිය බිහි වෙලා තියෙන්නෙ, අන්න ඒ වගේ ලංකාවෙ සමාජය තුළ විවිධ රැකියා, වෘත්තීන්, සිසුන් අතරත් යම් තරමකට උප සංස්කෘතීන් බිහි වෙලා තියෙනවා.
            මම මෙතනදි කියන්න යන්නෙ ශ්‍රී ලාංකිකයන් සමාජ ගත වෙච්චි ඉතාලිය කියන ඒකකයෙදි ගොඩනැඟිලා තියෙන උප සංස්කෘතිය ගැන කරුණු කාරණා ටිකක්.
                 හොඳයි, ඉතාලියෙදි කවුරු හරි ඔයගෙන් ඇහුවොත් කොල තියෙනවද කියලා උඩ බිම බලන්න එපා. ඒ අහන්නෙ නීත්‍යානූකූලව රැඳී සිටින්න බලපත්‍රය තියෙනවද කියලා. අනවසරයෙන් රැඳී සිටින අයට තමා කොල නැති කස්ටිය කියලා කියන්නෙ.
                    මුලින්ම ජොබ් එකක් කරන්න පටන් ගද්දි කියන්නෙ ජොබ් එහෙකට නඟිනවා කියලා. ඒ වගේම අස් වෙනවා නම් කියන්නෙ ජොබ් එකෙන් බහිනවා කියලා. ඒ විතරක් නෙමේ. ජොබ් එක පටන් ගන්න වෙලාවට. ඉවර කරන වෙලාවටත් නඟිනවා, බහිනවා කියල කියනවා. මම ජොබ් එකට නඟින්නෙ උදේ 9 ට. බහින්නෙ හවස 5 ට. තේරුනාද කට්ටියට?                      
                      එතකොට කාමරයක් පිරිසිඳු කරනවට කියන්නෙ කාමර ගහනවා කියලා. වීදුරු පිරිසිඳු කරනවට වීදුරු ගහනවා කියලා. එහෙම කිව්වා කියලා පොල්ලක් එහෙම අරගෙන වීදුරු වලට ගහන්න එහෙම එපා. කාමර පිරිසිඳු කරන එකට තව කියනවා කාමර කරනවා කියලා. ඒ කියන්නෙ ඉතාලි බාශාවෙන් ආපු වචනෙ ඒ විදිහටම සිංහලට පරිවර්ථනය කරලා. (ෆාරෙ ඌනා කාමෙරා ) මෙතනදි ෆාරෙ කියන්නෙ කරනවා කියන තේරුම. "ෆාරෙ ඌනා කාමෙරා" කිව්වොත් ඒ කාමරයක් පිරිසිඳු කරනවා කියන එක. අපේ අය කෙළින්ම කාමරයක් කරනවා කියලා පරිවර්ථනය කරලා තියෙනවා.
                ගොඩක් අය ස්ථීර රැකියාවක් වෙනුවට කරන්නෙ පාර්ට් ටයිම්. දවසෙ පැය 10 ක් 12 ක් විතර වැඩ කරන මේ අය පැය දෙකක් මෙතන, පැයක් අතන, පැය තුනක් තවත් තැනක. සමහරු කන්නෙත් මහ පාරෙදි, අන්න ඒ වගේ. මේවට කියන්නෙ පාර්ට් ටයිම් කෑලි. මාත් ඉස්සර හරිහමන් ජොබ් එකක් නැති කාලෙ උදේ පොඩි ජොබ් එහෙකුයි. දවල්ට පැයක විතර පොඩි පාර්ට් ටයිම් එහෙකුයි කලා. මේකට යද්දි මඟදි හම්බ වෙනවා ලංකාවෙ අන්කල් කෙනෙක් ටිකක් කට සද්ද. විනාඩියක් විතර කථා කරලා යනවා. ටික දවසකින් මට ෆුල් ටයිම් ජොබ් එකක් හම්බුනාම අර පාර්ට් ටයිම් එක නතර කලා. මේ ළඟදි දවසක අර අන්කල් හම්බෙලා ඇහුවා. " පුතා දැන් අර පාර්ට් ටයිම් කෑල්ල ගහන්නෙ නැද්ද"කියලා. පස්සෙයි වැඩේ මීටර් උනේ. සමහරු ජිම් වල, ඔපිස් වල, බෙහෙත් සාප්පු වල එහෙම පාර්ට් ටයිම් ජොබ් කරනවා. මේවට කියනවා ජිම් එක ගහනවා, ඔපිස් එක ගහනවා කියලත්. ආ කියන්න අමතක උනා බත් උයනවටත් කියනවනෙ බත් ගහනවා කියලා.
                      අපේ අය මෙහෙ වචනත් අපිට ගැලපෙන විදිහට හදාගෙන තියෙනවා. "APPUNTAMENTO" (අපුන්තමේන්තො ) කියන්නෙ අපොයින්මන්ට් කියන එක. ගොඩක් වචන පටන් ගන්නෙ "අ" අකුරෙන් නම් ඒක සද්ද කරන විදිහ ඇහිල ප්‍රනවුන්ස් කරන්න ගියහම ඉබේම "අ" යන්න ලොප් වෙනවා. ඉතිං ඒ ඇහෙන විදිහයි අපේ ක්‍රමෙයි එකතු කරලා කට්ටිය මේ වචනෙ හදාගත්තා "පුන්තමේන්තුව" කියලා. ඒ වගේම "හීටර්" වලට කියන"රිස්කල්දමේන්තො" කියන වචනෙ "රිස්කල්දමේන්තුව" උනා. කොටින්ම මඟීන් ප්‍රවාහනය කරන දුම් බෝට්ටුව "වපොරෙත්තො" "වපොරෙත්තුව" උනා. ඒ වගේ "න්තො", "ත්තො" කියන අකුරු වලින් ඉවර වෙන වචන ගොඩක් අපේ විදිහට හදාගෙන තියෙන්නෙ. මම ජීවත් වෙන නගරයේ තියෙනවා "ෆින්කන්තියේරි" කියලා ලොකු නැව් හදන ෆැක්ට්‍රි එකක්. අපේ අය අකුරු ලොප් කරලා, විසන්ධි කරලා එහෙම අපේ ක්‍රමේට හදා ගත්ත "පිංකන්තේරිය" කියලා.              
                       අපිට මේ වගේ යුරෝපා රටවල් වලදි ආශ්‍රය කරන්න හම්බ වෙනවා අපේ අහළ පහළ ආසියානුවන්. චීන්නු, පාකිස්ථාන්, පිලිපීන්, බංග්ලාදේශ වගේ අය. ඒ අයටත් අපේ අය පහසුවට නම් හදාගෙන ඉන්නෙ. චීන්නුන්ට චව්වො, පාකිස්ථාන් අයට පක්කො, පිලිපීන් අයට පිල්ලො, බංග්ලදේශ් අයට තෙල්ලො ඔය වගේ නම්. මේවා අපහාසෙට කියන ඒවා නෙමේ ඉතිං. හඳුනා ගැනීමේ පහසුවට.
                       ඔය වගේ තව ගොඩාක් තියෙනවා. මතක් උනොත් ආයෙ ලියන්නම්. මෙන්න මේ සිංදුව අහන්න්කො. මේකෙත් තියෙනවා උප සංස්කෘතියෙ වචන දෙකක් තුනක්. අහල බලන්නකො.

"සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සිහින විලේ බඹර රැඟුම් පානා
පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින් මුතුකුඩ ඉහළන්න අපට ඕනා
හිතේ සවිය ගතේ දිරිය අපිට තියෙන එකම විරිය වීලා"



http://www.youtube.com/watch?v=fiYDNlCU2Js                     
9 Responses
  1. Anonymous Says:
    This comment has been removed by a blog administrator.

  2. බත්ගැහිල්ලනම් මෙහෙත්තියේ.ඇයිකෝල්ගැහිල්ල.


  3. Anonymous Says:

    මාරයිනේ .. හී හී.. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය වගේම තමා..:)


  4. මේ ලිපිය ගැන මගේ ස්තුතිය.

    දැන් ඔහේ ඉන්න වැඩිහිටියන් ගේ ළමයි පාසල් ගොස් ඉගෙන ගන්නේ ඉතාලි බසින් නේද? ඒ ළමයි එකිනෙකා හා කතාබහ කරන්නේත් ඉතාලි භාෂාවෙන් වෙන්න ඕනෑ?


  5. ශශී Says:

    විමුක්ති :- අප්පට සිරි ඔව්, කෝල් එකක් ගහනවා කියන්නෙ වෙලාවකට කෝල් කරනවා කියන එකට

    හිරු හිමාවී :- ටක්කෙටම
    කථන්දර :- ඔව් සහෝ, ගොඩාක් ළමයි ඉතාලි භාශාවෙන් තමා කථා කරන්නෙ. ඒ වගේම මෙහෙ ඉතාලියෙන් ඉගෙන ගත්තත් සිංහල භාශාව ගොඩාක් අම්මලා තාත්තලා ළමයින්ට උගන්නනවා. සිංහල ඉස්කෝලත් මෙහෙ තියෙනවා නෙ ප්‍රධාන නගර වල. ඒවයෙ ඉංග්‍රීසි එහෙමත් උගන්නවා.


  6. හරී Says:

    මේ විස්තර අදයි දන්නෙ..

    ඉතාලි ගිය එකෙකුගෙන් අහලා බලන්න ඕන.. දවසක් මට එකෙක් කිව්වා උන් DHL වලට කියන්නෙ 'දි අක්කා එල්ලෙ' කියලලු..


  7. ශශී Says:

    හරී - දී අක්කා එල්ලෙ කියන්නෙ ඩී එච් එල් කියන අකුරු වලට ඉතාලි භාශාවෙන් කියන හැටියී... ආවට ස්තුතීයී හරී :)


  8. ItalyDilan Says:

    තව වචන බොහෝ තියේ මචෝ


  9. ශශී Says:

    හප්පා බර කන්දරාවක් තියෙනවා ඩිලා . උඹත් ලිපියකින්ම කියපන් ඒ ගැන :)


Post a Comment