ඉස්සර අපි පොඩි කාලෙ අපි බලපු ටෙලි නාට්ටියි දැන් තියෙන ටෙලි නාට්ටියී බලපුවහම අහසට පොළොව වගේ..... දැන්නම් මම සාමාන්‍යයෙන් නාට්ටි බලන්නෙම නෑ...... එකම ස්ක්‍රිප්ට් එක නළු නිලියො වෙනස් කරලා වගේ මටනම් හැඟෙන්නෙ... හැබැයි ඒ කාලෙ, ඒ කියන්නෙ අපේ ළමා කාලෙ....මීට අවුරුදු 10 කට 15 කට විතර කළින් තිර ගත වෙච්චි පුදුම ලස්සන නාට්ටි ගොඩක් තිබුනා...
ඒ වගේම තමා ජනප්‍රිය වෙච්චි නාට්ටියක තේමා ගීතය ,නැත්නම් තේමා වාදනය නාට්ටියටත් වඩා හොඳින් අපිට මතක තියෙනවා...... උදාහරණයක් විදිහට මම අද අන්තර්ජාලයෙ සැරිසරද්දි මම කාලයක් හොය හොයා හිටපු මේ මියුසික් එක මට හම්බ උනා.....
තව මේ වගෙම " දේවතාවන් සිතන දේවල් ", "මලක් උනේ ඇයි නුඹ මට ", "ඉටි පහනක්දෝ මා" ,අන්දර වැට තේමා ගීතය, කෝපි කඩේ තේමා වාදනය, ඉන්ගම්මාරුව තේමා වාදනය....කොච්චර කාලයක් ගියත් අමතක වෙන්නෙ නැති වෙයි...
අපි 5, 6 වසරෙදි ගියා යුද්ධය පසුබිම් වෙච්චි කථාවක් "මානව වාරණ" ඒකෙ තේමා ගීතය උනේ " සාපයක්දෝ දෙවියන්ගේ, පාපයක්දෝ මිනිසුන්ගේ" කියන ගීතය....
තව ඒ කාලෙ තිබුනා දුර්ගාන්තය, පිටගම්කාරයෝ, දුන්හිඳ අද්දර ,වනවදුලේ වසන්තය වගේ ලස්සන නාට්ටි.. තේමා වාදනයක් මතක නැතත් පවුලේ ඔක්කොම දෙනා එකට ඉඳගෙන රස විඳපු ලස්සන නාට්ටි...
සුසීමා, රතු රෝස , ළා හිරු දහසක් එතකොට ඉඳි ආප්ප කථාව, නිරානන්දය . මේවට පසුබිම් උනේ ඇත්තටම පොළොවෙ පය ගහලා ඉන්න මිනිසුන්ගෙ ජීවිතේ... අද ටෙලි නාට්ටි බහුතරයකින් මටනම් පේන්නෙ පට්ට හීන ලෝක වල ජීවත් වෙන මිනිසුන්.....
ආයෙත් ඒ වගේ ලස්සන නිර්මාණ එන එකක් නැද්ද? නැත්නම් ටෙලි නාට්ටියක තියෙන ගුණාත්මක බව කාලයට සාපේක්ශද ?


