Showing posts with label ලතින් ඇමෙරිකන්. Show all posts
Showing posts with label ලතින් ඇමෙරිකන්. Show all posts
ශශී

කැරොල් කියලා කියන්නෙ කතෝලික ආගමේ නත්තල් කාලය ආශ්‍රිතව (සමහර රටවල පාස්කු කාලය ආශ්‍රිතවද ) ගායන කරන , නැටුම් සමඟින් ගායනා කරන විශේශිත ගීත වලට... කැරොල් සංස්කෘතිය ඇවිත් තියෙන්නෙ ප්‍රංශෙන් කියලයි ඉතිහාසය කියන්නෙ... ප්‍රංශය සහ අනෙකුත් ලතින් රටවල් වල මුල් කාලයේ ප්‍රචලිත උනත්  , වර්තමානයේ මුළු ලෝකය පුරාම මෙය ප්‍රසිද්ධයි.... 
            නත්තල් කාලයේ අපේ රටේ කතෝලිකයන් බහුලව වාසයන කරන ප්‍රදේශ වල , ඒ විතරක් නෙමේ සියළුම කතෝලික පල්ලි ආශ්‍රිතව කැරොල් ගායන කරන් ආකරය දැක ගන්න පුළුවන්.
             මා සමඟ එකට වැඩ කරපු වෙනිසියුලානු ජාතිකයෙක්, ඒ ගොල්ලන්ගෙ රටේ සම්ප්‍රධායානුකූල කැරොල් ගීතයක් මට අහන්නට සැලැස්වුවා. වෙනිසියුලාව ලතින් අමෙරිකානු රටක් නිසා එහි භාවිත වෙන්නෙ ස්පාඤ්ඤ බාශාවයි. (ලතින් ඇමෙරිකානු ස්පාඤ්ඤ ) රස විඳලා බලන්න ස්පාඤ්ඤ භාශාවෙ මියුරු සංගීත්වත් බව.

1) මේ තියෙන්නෙ ඒ ගීතයේ මුල් ගායනය.


2) මේ තියෙන්නෙ ඒ ගීතයම තවත් නාද රටාවකට.


3) මෙන්න අපිට ගැලපෙන වර්ශන් එක. 



ශශී
මාතෘකාව දැක්කහම කට්ටියට හිතෙනව ඇති සිත නිවන තැන ළඟක ඉඳං නටන්න යන නැටුම මොකක්ද කියලා කවි, නිසඳැස් ලියල පටන් ගත්තු සිත නිවන තැන දැන් දැන් වීඩියෝ පෙන්නලා ශේප් වෙන්න යනවද කියලත් කට්ටිය හිතන්න පුලුවන්....තරහ අවසර...ඉස්සරහට ඉතින් හිමීට කවි ලියමුකො .....මේක මම දාන්න හිතුවෙ මම මීට කලින් දාපු වීඩියෝ එක බලල ගොඩක් අය තව වීඩියෝ තියෙනවනම් දාන්න කියලා මගෙන් ඉල්ලුවා .....ඒ වගේම මූණු පොතේ රසික පිටුවෙනුත් කට්ටිය ඉල්ලල තිබ්බා සංගීතය විතරක්ම නෙමේ නැටුමක් වගේ තියෙන එකක් තියෙන්නම් පෙන්නන්න කියලා.... ඒත් ඉතින් මේක නැටුමක් කිව්වට නැටුමක්ම නෙමෙයි...ඔය ගොල්ලො බලන්නකො මුලින්ම....මේක බලලා අපේ කට්ටිය කියන්න පුලුවන් මේවනම් නැටුම්ද අපිනෙ නියම නැටුම් නැටුවෙ කියලා..කොහොම හරි කමක් නෑ....රස විඳලා බලන්නකො




ශශී
ඔන්න මම අද ගෙනාවා පොඩි වීඩියෝ එකක් ..ඇත්තටම සිත නිවන සංගීතය මුසු වෙච්චි වීඩියෝ එකක්...සමහරු කිව්වනෙ මෙතෙන්ට ආපුවහම සිත නිවෙනවා නෙමේ සිත පත්තු වෙනවා කියලා....ඒක හිංදා ඔන්න මෙගන් සිත නිවෙන දෙයක්.....මේක ඇත්තටම මම වීඩියෝ කෙල්...කොලිටි එක නම් ටිකක් අඩු ඇති ..... මෙග මොබයිල් එකෙන් තමයි රෙකෝඩ් කෙල්...ඔයගොල්ලො රසවිඳල බලන්නකො මුලින්ම .......







මේක ඇවිල්ලා ඉතාලියෙ වෙනිස් නගෙරයේ වාර්ශිකව පවත්වන කාර්නිවල් එකේදි තමයි මම දැක්කෙ....මේ ඉන්නෙ පේරු රෙට් කට්ටිය.... එයාල රතු ඉන්දියන් අය විදිහට ඇඳෙගන තමංගෙ ජන සංගීතය ලෝකෙට පෙන්නන හැටි.....