Showing posts with label සමාජයීය. Show all posts
Showing posts with label සමාජයීය. Show all posts
ශශී

පසු ගියදා පිල්ලේ මහත්මියගේ සම්ප්‍රාප්තියක් සමඟ රජයේ මැති ඇමති වරුන්ද තරමක් කලබලයට පත් වූහ ... ඒ අතරින් මර්වින් සිල්වා ඇමති තුමා ප්‍රධානය..... පිල්ලේ ට කරන ලද විවාහ යෝජනාවද, ඊට ප්‍රතිචාරද වශයෙන් තැන් තැන් වල ගතු කීම් ද වැඩි විය.
                              ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සොයා බලා අපූරු යෝජනාවක් කළේ, තැන් තැන් වල කට කථා පැතිර යාම වැළැක්වීමටය. එනම් ඇමති තුමාට සහ පිල්ලේ මහත්මියට ප්‍රසිද්ධ වේදිකාවක හිටිවන කවි මඩුවක් පවත්වන ලෙසය..... එහිදී දෙපාර්ශ්වයටම ඇති චෝදනා, නිදහසට කරුණු ඉදිරිපත් කළ යුත්තේ කවියෙනි....
              මෙම අවස්ථාවට ජනාධිපති තුමා,පක්ශ විපක්ශ මන්ත්‍රී වරුන්, ජ්‍යෝතිශ්‍ය වේදීන්, මාධ්ය වේදීන් රැසක් සහභාගී විය... එම අවස්ථාවට සහභාගී වීමට මටද අවස්ථාවක් ලැබුනු අතර, සිත නිවන තැන පාඨකයන් වෙනුවෙන් මේ ගෙන එන්නේ එහි අවස්ථා කීපයකි......
( මා යන විට කවි මඩුව ආරම්භ වී සෑහෙන වේලවක් ගත වී තිබිණි )

වේදිකාවේ දෙපස පුටු දෙකක දෙදෙනා වාඩි වී සිටියී. ඇමති තුමා නැඟිට කවියක් අරඹයි.

ඇමති තුමා :- 
මානව හිමිකම් ලේකම් නව නීදන්   පිල්ලේ
කවියක් කියන්නට අවසර සුදු කෙල්ලේ
ඉඟ සුඟ සැලෙන හැටි  මගෙ ඇස් දෙක නළලේ
දැන් ආවොත් බඳිනවා අම්මා පල්ලේ

පිල්ලේ:-
සුළු වරදකට අර සමුර්ධි නිළදරුවා
ගහකට බැඳ මානව හිමිකම් කැඩුවා
වයසට ගියත් මදනය මර්වින් සිළුවා
හොඳ ගහකට  (ජනාධිපති තුමා දෙසට හැරී, ඇමතිතුමා දෙසට අත දිගු කොට ) බැඳ තියපන් මේ එළුවා

සභාවේ තදින් සිනා සහ විසිල් හඬ ඇසේ.....

ඇමති තුමා :- 
නු හිමිකම් ෆයිල් අතර කල වයසත් ගෙවුනේ
ඔපීසියල් ටුවර් වලට දින සති කල් යැවුනේ
කසාදයක් කර ගන්නට නැතිවද හිත ළඳුනේ
කේන්දරේ ගැලපේදැයි බලපන් බං ( සුමනදාස අබේගුණවර්ධන   මහතා දෙසට හැරී ) සුමනේ

පිල්ලේ :- (ළජ්ජා සහගත සිනහවකින් මුව සරසාගෙන )
බිලි පූජා වළකන්නට ආ මර්වින් සිල්වා
දැක මා හදවත ගැහෙන්නෙ ඔහු හින්දයි සිතුවා
රට දැය සුරකින්නට ආ මේ නිර්භය විරුවා
බැඳ ගන්නට මම කැමතීයී, එළිච්චියක් කීවා

( සභාවේ හූ හඬ, විසිල් සහ තදින් අත්පොලසන් නාදය ඇසේ )

ඇමති තුමා :-
පමා වැඩීයී, පමා වැඩීයී ඔබ මට මුණ ගැහුනේ
පෙර හමු වූවා නම් මම නුඹ බැඳ ගමි ලඳුනේ
ප්‍රමිතියකට කොළු පැටියෙක් හදන්න මම නැහුනේ
මතු සංසාරෙක හරි අපි බැඳගමු සිත් තොසිනේ

( දැඩි නිහඬතාවයක් සභාව තුළ රජයයි )
මොහොතකට පසු පිල්ලේ මහත්මිය නැඟිට සිටීයී.

පිල්ලේ :-
දම් පාටින් ළා සඳ බැස යනු දුටුවා
ඇසුරින් මිදී යන්නට මට සිත් නැතිවා
එනමුදු යා යුතුයි එය වළකනු බැරුවා
භවයෙන් භවේ උපදිමු අපි  ජිනීවා

..අවසාන පදයත් සමඟම හින්දි චිත්‍රපටියක මෙන් සියල්ලෝම එක විට නැඟී අත්පොළසන් දෙයි...... ඉකි බිඳින හඬ සමඟ මුසුවූ මතුවූ අත් පොළසන් නාදය අවසන් වනවාත් සමඟම ජනාධිපතිතුමා පැමින තරඟ කරුවන් දෙදෙනා මාරුවෙන් මාරුවට වැළඳ ගන්නා ලදි.
ශශී

1994 - 95 පමණ කාලයේ එවකට මා 4 ,5 වසර ශිස්‍යයෙකුව සිටියදී අප පාසලේ උදය රැස්වීමේදී ජාතික ගීතය හා පාසල් ගීය ගායනා කළා මතකය. තවද සඳුදා දිනවලදී හා ප්‍රධාන රැස්වීම් වලදී " ලෝකෙන් උතුම් රට ලංකාවයි" ගීතය ගායනා කළ බවද මතකය......
                  දීපාල් සිල්වා ගායනා කරන " මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ" ගීතය එදා තිබුනා නම් එවැනි විශේෂ අවස්ථාවන් අරභයා ගායනා කළයුතු නිවැරදිව ගීතය එය බව මගේ වැටහීමයි....



                   ජාතික ගීතය හා පාසල් ගීතය ගායන කිරීමෙන් පසුම මෙම ගීතය ගායනා කළ හැකි අතර, ඉන්පසු විදුහල්පති තුමා විසින් හෝ විනය බාර ටීචර් විසින්, මෙම ගීතයට අනුව අප කුඩා කළ සිටම නිවැරදි කර ගත යුතු කරුණු පිළිබඳ මොළ සේදීමකට ලක් කළ හැකිය....
            මේ කරුණ මට පසක් වූයේ ලෝකයේ ජීවත් වීමට සුදුසම රටක් ලෙස සැලකෙන රටක ජීවත් වන මා නැන්දනියක් කී කතාවක් නිසාය..දෙවන ලෝක යුද්ධයෙන් පසු අදාළ රට ගොඩ නැඟීමට සුදුසුම ක්‍රියා මාර්ගය කුමක්දැයි යන ගැටළුවේදී බලධාරීන් ගනු ලැබුවේ අපූරු ක්‍රියා මාර්ගයකි....එනම්
"ලෝකයේ අනිකුත් රටවල් වලට සපේක්ශව අප රට ඇත්තේ පහළම තැනය... අප විනාශ වී ඇත...අපි අළුතින් පටන් ගත යුතුය... ඒ සඳහා වෙහෙස වී වැඩ කළ යුතුය.... දියුණු රටවල් ආසන්නයට ඒමට වත් අප කැපවීමෙන් වැඩ කළ යුතුය"
 යන සංකල්පය රට වැසියන්ගේ මොළයට පොම්ප කරවන ලදි.... ඔවුහු තමන්ගේ දුර්වලතා හඳුනාගෙන, නිහතමානීව ඒවා පිළිගෙන රට දියුණු කිරීමට කටයුතු කළහ... අද ඒ රට ජීවත් වීමට සුදුසුම රටවල් අතරින් මුල් ස්ථාන තුනෙහි පසු වෙයි....අපේ රටේ තත්වය මෙයට සාපේක්ශව කෙසේදැයි සිතීම ඔබට බාරය.
                        පාසල් සමය අවසන් ව වැඩිවියට පත් උනු පසු ද දීපාල් සිල්වා දේශපාලනයට ඉතාම සුදුස්සකු බව කීප විටකදීම මට ප්‍රත්‍යක්ශ වී තිබේ.. නිමල් සිරිපාලද සිල්වා මහතාටත්  වඩා වැඩි බඩ ගෙඩියකින්ද, මර්වින් සිල්වා මහතාටත් වඩා වැඩි උගත්කමකින්ද, නලින්ද සිල්වා මහතාටත් වඩා වැඩි ප්‍රායෝගිය දැක්මකින්ද හෙබි දීපාල් සිල්වා මහතා දේශපාලනයට ආවොත් බාර දිය යුතු අමාත්‍යාංශය කුමක්ද යන්න මට ඇති ගැටළුවයි.....
                     වරක් මා කල්පනා කළේ ඔහුට බාර දිය යුතු ධීවර හෝ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය බවයි.....එනම් ඔහුගේ පහත සඳහන් යෝජනා සහ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසාය.

"රට වට කර සාගරයයි 
එහි සම්පත් ආකරයයි
පිටින් මාළු රටට ගේනවා ඕයි....

රට මැද තනි වෙල් යායයි
බැලුවම හරි සිරියාවයි
නැවෙන් ගෙනත් හාල් බානවා ඕයි...."

        රජයේ සේවකයන් නම් වැඩි දෙනෙක් ඔහුට ප්‍රවාහන අමාත්‍යංශය හෝ දුම්‍රිය සාමාන්‍යාධිකාරී තනතුර දෙනවාට එක හෙළා කැමති වෙනවාට සැක නැත.... 

"බලන බලන මිනිහා අතේ බැඳලා ඔරලෝසු ඇතේ
ටයිම් එකට කිසිම වැඩක් නැහැ ඕයි........"

මෙවැනි දැක්මක් සහිත පුද්ගලයෙක් ප්‍රවාහන බලධාරියෙකු වීම එක අතකින් ධීවර හෝ වැවිලි ක්ශේස්ත්‍රයට වඩා ඵලදායක බව සමහරු කියති....

            ඉහත සියළු සිතුවිලි දුරිභූත වී, දීපාල් සිල්වානන් රටේ ජනපති විය යුතු යන සිතුවිල්ල සිතට නැඟෙන්නේ ජන හද හඳුනන මානව හිතවාදී පුද්ගලයෙකු බැවිනි...ප්‍රසංග වේදීකාවේදී උහුගේ ගනුදෙණුව පොශ් පැලැන්තිය නොව මූදු රස්සාකාරුවන්, මේසන් බාස්, වඩුබාස්, කුලී කරුවන්, කම්කරුවන් යනාදී බිම් මට්ටමේ ජනතාවය.... ඔවුන් ගේ හද ගැස්ම හේ හොඳින් හඳුනයි.. 

"නැති බැරි අඟ හිඟ කම් මැද
බිය සැක ලඟ දුක් විඳ විඳ
පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි...."

"නිස්සා සුදුස්සා යටකොට 
පුස්සො දෙනවා වැඩ යමරෙට...
සෙතක් වෙයිද එහෙම රටකට ඕයි" 

යන්නෙන් ඔහු ප්‍රතිඥා දෙන්නේ සුදුස්සාට සුදුසු තැන දෙන බවය....
                  තවද "ආනන්ද භවන් එකට වැටී තෝසෙ ගිලිනවා" යන ගීතය හරහා තමන් ටිල්වින් සිල්වාටත් වඩා ජාතිවාදය පිටුදකින අයෙකැයි ලෝකයට ප්‍රත්‍යක්ශ කරවයි. 
                මේ සියළු සිල්වා වරුන් අභිභවා ගියද, දුමින්ද සිල්වා අභිභවවීමට තරම් ශක්තියක් දීපාල් සිල්වාට නැතැයි අයෙක්ට තර්ක කල හැකිය... නමුත් 

" පුන්සඳ පායල ඇති රෑක
ගඟ ලඟ ඇති පොඩි අතු ගේක
නැති කර ගන්නට දුක ශෝක 
හැමදාමත් කරනවා මේක..."

     යන ගීතය හරහා තමා දුමින්ද පරදන හැටි පාරම් බාන්නේ නිහතමානීවය. දුමින්දට වඩා දේශප්‍රේමීව නිර්ධන පංතියට සේවය කිරීම ඔහුගේ අරමුණය.

" සිය රට අප දේ
සිරි සැප ගෙන දේ 
ගහන අයයි මේවා දන්නේ
මත් පැන් වගෙ නෑ
වැඩි වියදම් නෑ
පොඩි මුදලයි මේකට යන්නේ....."

 මෙනයින් බලන කළ රටට සේවය කිරීම සඳහා මෙතුමාට වඩාත්ම යෝග්‍ය තනතුර වන්නේ ජනාධිපති උපදේශක තනතුරයි. ඉඳින් හොරුන්, මැරයින්, ස්ත්‍රී දූශකයින්, කුඩු කාරයින්, සට්ටෑඹියන් තුරන් වී මෙවැනි ජනතාවාදී නායකයින් අදාළ තනතුරු සඳහා පත් වේයැයි ද බලාපොරොත්තු වෙමු. 
ශශී

ඉස්සර අපි පොඩි කාලෙ අපි බලපු ටෙලි නාට්ටියි දැන් තියෙන ටෙලි නාට්ටියී බලපුවහම අහසට පොළොව වගේ..... දැන්නම් මම සාමාන්‍යයෙන් නාට්ටි බලන්නෙම නෑ...... එකම ස්ක්‍රිප්ට් එක නළු නිලියො වෙනස් කරලා වගේ මටනම් හැඟෙන්නෙ... හැබැයි ඒ කාලෙ, ඒ කියන්නෙ අපේ ළමා කාලෙ....මීට අවුරුදු 10 කට 15 කට විතර කළින් තිර ගත වෙච්චි පුදුම ලස්සන නාට්ටි ගොඩක් තිබුනා...
                      ඒ වගේම තමා ජනප්‍රිය වෙච්චි නාට්ටියක තේමා ගීතය ,නැත්නම් තේමා වාදනය නාට්ටියටත් වඩා හොඳින් අපිට මතක තියෙනවා...... උදාහරණයක් විදිහට මම අද අන්තර්ජාලයෙ සැරිසරද්දි මම කාලයක් හොය හොයා හිටපු මේ මියුසික් එක මට හම්බ උනා.....


            තව මේ වගෙම " දේවතාවන් සිතන දේවල් ", "මලක් උනේ ඇයි නුඹ මට ", "ඉටි පහනක්දෝ මා" ,අන්දර වැට තේමා ගීතය, කෝපි කඩේ තේමා වාදනය, ඉන්ගම්මාරුව තේමා වාදනය....කොච්චර කාලයක් ගියත් අමතක වෙන්නෙ නැති වෙයි...
        අපි 5, 6 වසරෙදි ගියා යුද්ධය පසුබිම් වෙච්චි කථාවක් "මානව වාරණ" ඒකෙ තේමා ගීතය උනේ " සාපයක්දෝ දෙවියන්ගේ, පාපයක්දෝ මිනිසුන්ගේ" කියන ගීතය....
         තව ඒ කාලෙ තිබුනා දුර්ගාන්තය, පිටගම්කාරයෝ, දුන්හිඳ අද්දර ,වනවදුලේ වසන්තය වගේ ලස්සන නාට්ටි.. තේමා වාදනයක් මතක නැතත් පවුලේ ඔක්කොම දෙනා එකට ඉඳගෙන රස විඳපු ලස්සන නාට්ටි...
          සුසීමා, රතු රෝස , ළා හිරු දහසක් එතකොට ඉඳි ආප්ප කථාව, නිරානන්දය . මේවට පසුබිම් උනේ ඇත්තටම පොළොවෙ පය ගහලා ඉන්න මිනිසුන්ගෙ ජීවිතේ... අද ටෙලි නාට්ටි බහුතරයකින් මටනම් පේන්නෙ පට්ට හීන ලෝක වල ජීවත් වෙන මිනිසුන්.....
                                     ආයෙත් ඒ වගේ ලස්සන නිර්මාණ එන එකක් නැද්ද?  නැත්නම් ටෙලි නාට්ටියක තියෙන ගුණාත්මක බව කාලයට සාපේක්ශද ?
ශශී

පහුගිය සතියේ හැන්දෑ වරුවක වැඩ නිම වී නිවෙස බලා යාමට අදාළ බස් රථය ගැනෙම පිණිස බස් නැවතුම් පොළට දිව ගියෙමි. සෙල්සියස් අංශක 34 කට  පමන උශ්ණත්වයක්ද, මහන්සියද  සමඟින් බස් රථය තුළට ගොඩ වදින විට දිව්‍ය ලෝකයේ ගියාක් මෙන් සිසිලසක් ගතට දැනුනි. සෙනඟ සෑහෙන ප්‍රමානයක් සිටි බස් රථය තුළට ඒ වන විටත් රියදුරු ඇතුළු වී සිටියේය. මමද රියදුරු අසුන ළඟම සිටගෙන සිටියෙමි. මොහොතකින් දොරවල් වසා ගමන ආරම්භ කරන්නට විය. ගමන ආරම්භ කළ පසු පළමු නැවතුම ඇත්තේ කිලෝමීටර තුනකට එහාය.
                   නිල් පැහැති අත් කොට කමිසයකින්, කලු කලිසමකින්, කලු සපත්තු කුට්ටමකින් සහ කලු ටයි පටියකින් සැරසී සිටින රියදුරු අව් කන්ණාඩි පැලැඳ සිටීයී. බස් රථය අයත් සමාගමේ නිල ලාංචනය  "A C T V"යනුවෙන් සාක්කුවේ මුද්‍රණය වී ඇත. දකුණු පසින් ඇති බොත්තම් දොරවල් වැසීමට සහ විවුර්ත කිරීමටය. හිසට ඉහළින් කැමරා කීපයක් වෙයි. ඒ දොරවල් වල පා පුවරු නිරීක්ශණය කරන කැමරාය. විශාල පැති කණ්නාඩි වලට අමතරව විශාල උත්තල කණ්නාඩියක් කැමරා අසළින්ම ඇත. 
                      බසය ඔටෝ ගියර් වර්ගයේ ද්විත්ව බස් රථයකි. 

එන්ජිම පිහිටා ඇත්තේ පසුපසය. බසය පණ ගන්වා ගියරය දමා ඉදිරියට ඇදෙන තුරුම කිසිදු ශබ්දයක්  පිට නොවෙයි. රියදුරු තැන තමන්ගේ ආසනයේ වාඩි වූ පසු  (ආසනයට වඩා කාමරය කීවොත් නිවැරදිය. එයට ඇතුළු වූ පසුව වසා ගැනීමට දොරක් ඇති අතර , ආවරණය කිරීමට තිර රෙදිද ඇත )  
ගුවන් නියමුවෙකු මෙන් දිස් වෙයි. ශීත කාලයට හීටර් යන්ත්‍රද, ගිම්හානයට වයුසමීකරණ යන්ත්‍රද එහි ඇත. ( මුළු බස් රථයටම මේවා සවිකර ඇත. නමුත් කිසි දිනෙක ක්‍රියා විරහිත නොවන යන්ත්‍ර ඇත්තේ රියදුරු තැන අසළය ) 
                     අත් සුක්කානම මත තබා ගත් පසු නැවත ඉන් ඉවත් කර ගැනීමක් නැත. බස් රථය හැරවීමේදී තමන්ගේ කුටියේ ඇති  කැමරා සහ කණ්නාඩි දෙස පමණක් බලයි. කිසි විටෙක බෙල්ල හරවන්නේද නැත. ඔහුගේ කලිසමේ ඇති යතුරු කැරැල්ලේ B M W වර්ගයේ වාහනයක යතුරක්ද අමුණා ඇති බැවින් B M W කාරයක හිමිකරුවෙකැයි සිතිය හැකිය.  මෙවැනි බොහෝ රියදුරන් රාජකාරියට වාර්ථා කිරීමට පැමිනෙන්නේ තමන්ගේ පෞද්ගලික වාහනයෙනි. බස් ගාල් කරන ස්ථාන වල  බස් රියදුරන් සඳහා වෙනම වාහන පාර්ක් ඇත. 
       පැයට කිලෝමීටර් 70 ක වේගයෙන් බස් රථය ගමනේ යෙදෙන බව ඩිජිටල් මීටරයේ සටහන් වෙයි. තවද වේගය අඩු වැඩි වෙන ස්ථාන වල ඔටෝ ගියරය D4 - D3 - D2 වශයෙන් වෙනස් වෙයි. 
                                 මා පාසල් යන අවධියේ එකට සිටි මිතුරෙක් මට හදිසියෙන්ම සිහිපත් වෙයි. ඔහුගේ පියා වෘත්තියෙන් පෞද්ගලික බස් රියදුරෙකි. වැඩ නිම වී නිවෙසට පැමිණෙන පියා ගේ තතු ඔහු ඒ දිනවල පැවසුවත් තේරුම් ගැනීමට හරි හැටි මට නොහැකි විය. තම පියාගේ වම් අත සෑම දිනකම තම මව විසින් තෙල් ගා අත ගාන බව ඔහු කීප වරක් අප සමඟ කී බව මා මතකයේ ඇත. 
                       මේ අපේ රටේ රියදුරන්ගේ සැබෑ තත්වයයි.ගියර් දැමීමට රියදුරන් විඳින දුක, බස් රථය හැරවීමට සුක්කානම කැරකැවීම යකඩයක නවන්නාක් මෙන් ශක්තිය වැයවෙන ක්‍රියාවකි. බෙල්ල සියක් වාරයකට වඩා වමටත් දකුණටත් හැරවීමට සිදු වෙයි. මා පාසල යන අවධියේ බස් රථ ධාවනය කළ රියදුරන් චිත්‍රයක් මෙන්  මා ඉදියේ මැවී පෙනෙයි. නිතරම බුලත් විටක් හපමින්, බුලත් විඩ කටේ පැත්තක රඳවාගෙන බස් රථයේ සෙනඟ ඉදිරියට ගැනීමට වෑයම් කරන අන්දම මා ඉදිරියේ මැවෙයි. ඔවුන්ගේ මුහුණු වල ඇට කටු පවා මතු වී තිබුනු හැටි හොඳ හැටි මතකය. ඔවුන් තවමත් රියදුරු රැකියාවේ යෙදෙනවා විය හැකියී. 
               රටවල් දෙකක නමුත් එකම වෘත්තියක ඉරණම දෙවිදිහකි. වම් පස ඇති සැහැල්ලු වාහන ගමන් කරන තීරුවේ "බී එම් ඩබ්ලියු, බෙන්(ට්)ස්, ඇල්ෆා රෝමියෝ ද, ඉඳහිට පෝර්ශ් ද පවනට බඳු වේගයෙන් ධාවනය වෙයි. ඒ වාහන සමඟ තරඟ වැදීමට මගේ " Made In Sri Lanka" හදවතේ එන්ජින් කැපෑසිටිය ප්‍රමාණවත් නොවන බව වටහා ගත්තෙමි.
ශශී
මම ඉතාම ආදරය කරන රටක් තියෙනවාය. මගේ මූණු පොතේ මිතුරන්ගෙන් තුනෙන් දෙකක්ම ඒ රටේ ඇත්තන්ය. මම ඔවුන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ලොකු උවමනාවක් තිබුනේය. මට ඒ රටේ භාශාවද ටිකක් පුළුවන්ය. පහුගිය දවසක මූණුපොතේ කරක් ගහද්දි මේ රටේ ඇත්තන්ගේ නියම වැඩක් මම දැක්කේය. ලයික් කර සෙයාර් කරන පුරුද්ද මේ රටේ ඇත්තන් අතරත් ජනප්‍රියය. ආඩම්බර නම් සෙයාර් කරන්න යයි කියමින් ඔවුන් මේ සෙයාර් කරන්නේ ලෝකයේ පළමු අකුණු සන්නායකය නිපදවා ඇත්තේ තමන්ගේ මුතුන් මිත්තන් බවය. ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ දස්කම මමත් ලයික් කර සෙයාර් කෙරුවේය. ඒත් මූණු පොතේ කට්ටිය එක එක කොමෙන්ටු දැම්මෝය. සමහරු ඒ බොරු යැයි කීවෝය. සමහරු ඒ ඇත්ත යයි කීවෝය. සමහරෙක් මෙසේද කීවෝය. 
"හෙණ ගහන්නේ පව්කාරයන්ටය. පව් කාරයන් ඒ උගුලෙන් ගැලවෙන්ට ක්‍රමයක් සෙව්වෝය. අවසානයේ අකුණු සන්නායකය බිහි උනේය". 
ඇතමෙක් මෙසේ කිව්වේය. 
"සුද්දාට හෙණ ගසන්නේ නැත. හෙණ ගැසුවා නම් බොලාට කලින් උන් ඕක හොයා ගන්නවාය."
මෙසේ කී දෙදෙනාම දේශද්‍රෝහීන් යයි මම සිතුවේය. අවසානයේ එක දේශප්‍රේමියෙක් ඇත්ත කථාව හෙළිදරව් කෙරුවේය.

"දිනක් මේ කියන රට බැලීමට සුද්දෙක් පැමිණියේය. මේ සුද්දා වතු සුද්දෙක්ය . එනම් ඇපල් , දොඩම්, මිදි යනාදී වතු රාශියක උරුම කරුවෙක් විය. මේ සුද්දා මේ කියන රටේ ඇවිදිමින් සිටියදී අර අකුණු සන්නායකය දුටුවේය. මෙපමණ කලක් තමාගේ වතු වල තිබෙන ගස් වල පළතුරු බිම වැටී නරක් වී යාමේ අවධානමට පිළියමක් හොයමින් සිටි සුද්දාට නියම අදහසක් පහළ විය.




 එනම් මෙය කෙක්කක් වශයෙන් භාවිතා කල හැකිය යන්නය. 
නැවත ගම රට ගිය සුද්දා මේ කියන රටේ අකුණු සන්නායකයේ ආකෘතියට යකඩෙන් කෙක්කක් හැදුවේය.... ඒ ගස් වැල් වල ඵල දරන වැසි වැටෙන අප්‍රියෙල් මාසයය. කෙක්ක සාදා ගහකට හේත්තු කර තේ එකක් බොමින් හිටි සුද්දාට, වැස්සත් සමඟ ඇදී ආ අකුණක් මේ කෙක්ක ට පතිත වී පොළොවට ඇද ගනු දකින්නට ලැබුනේය. ( මේ කියන දිනවල කළ කී දේ නිසා සුද්දන්ටත් හෙණ පතිත වීමට පටන් ගත් අවධියය ) වතු හිමි සුද්දා ඉක්මනින්  අදාළ අංශ දැනුවත් කළේය. පරීක්ශණ කණ්ඩායම් පැමිණියෝය. ඒ අනුව අදාළ රටෙන් හොරා ගන්නා ලද තාක්ශණයෙන් සුද්දන් ප්‍රථම වරට අකුණු සන්නායකයක් නිපදෙව්වෝය." 
                      මෙය සිද්ධ උනේ ගොඩාක් කාලෙකට කලින්ය... මේ කියන පුංචි රටට ආදරේ මම නිතරම එහි පුවත්පත් කියවන්නේය. මේ දවස් වල ඒ රටට ගොඩාක් වැස්සද වැටෙන්නේය.... වැස්සත් සමඟ එන හෙණ ගෙඩි වලින් හැකිතාක් ප්‍රවේශම් වන්න යනුවෙන් එහි පෝර්ති ද පළ වන්නේය..මේ තාස්සණය හොරකම් කරගත් සුද්දන්ගේ රටේ එහෙම පෝර්ති පළ වෙනවාදැයි මම නොදන්නේය.


                                  *****************************************



එකෝමත් එක රටක වංශවත් පවුලක් හිටියේය. මේ පවුල බොහෝම සතුටෙන්, බොහෝම ආඩම්බරයෙන් සැහෙන කාලයක් ජීවත් වුනෝය. ඔහොම ටික කාලයක් යද්දි පියා මිය ගියේය..මේ පවුලේ දීග යන වයසේ ගෑණු ළමයෙක් ද සිටියාය. තාත්තාගේ මරණයෙන් පසු මේ පවුලට මිළ මුදල් , පෙර විඳි සැප සම්පත් හිඟ වන්නට ද විය.  අතේ සතේ නැතත් හිතේ රැස්පොට් බැස්සේද නැත. 
                                        ඊට ගෙවල් දෙක තුනකට එහා කොල්ලෙක්ද සිටියේය. ඒ කොල්ලා බෝට්ටුවක නැඟී හොරෙන් ඉතාලි ගොස් නැවත ගම රට පැමිණ සිටියේය. සල්ලි යහමින් නැතත් ඉන්ට හිටින්ට ගෙයක් දොරක් හදාගෙන තිබුනේය. දවසක් මේ කොල්ලාට  මේ කියන තරුණිය ව මඟදි මුණ ගැසුනාය. දෙන්නා නෙත් කොණෙන් සිනා සෙන්නට පටන් ගත්තෝය. ක්‍රමක්ක්‍රමයෙන් එය ආදරයකටද පෙරළුනේය.
                                         ටික කාලයක් ගත වූයේය. මේ සම්බන්ධය ගෙදරට ආරංචි වූයේය. ආරංචිය ලත් සැණින් තරුණියගේ අම්මා සාරිය කරට ගත්තාය. කෙල්ලට බැණ, තරවටු කොට කොල්ලාගේ ගෙදරට ද ගියාය. කොල්ලාගේ ගෙදර ඇත්තන් බියෙන් වෙව්ලන්නට වන්නෝය. අපිට උඹලා ගැලපෙනවාදැයි අසුවාය. ප්‍රේම කථාව එතනින් අවසන් වූවේය. තරුණිය ඇඬූ කඳුළෙන් කාලය ගත කළාය. කොල්ලාද ටික කාලයකින් වෙනතක් බලා ගත්තේය.
                      එහෙමත් ටික කාලයක් ගත වූයේය. අම්මා වංශවත් පවුලකින් දුවට මනමාලයෙක් සෙව්වාය. තකට තක පොරක් සෙට් වූයේය. මනමාලයාගේ  වංශයද බොහොම උසස්ය. නමුත් දැන් බැහැගෙන යන කලාවය. අන්තිමේ මේ මඟුල සිදු වුනේය.
                             ඔහොම කල්ප කාලාන්තරයක් ගෙවී ගියේය. අම්මාට දියණිය බලන්නට යන්නට සිතක් පහළ උනාය. අසවල් දිනයේ තමන් එන බව කියා අම්මා දුවට ටෙස් මැසේජ් එකක් යැව්වාය. ඒ බිල නොගෙවීම නිසා දුරකථා ක්‍රියා විරහිත කර තිබීම නිසායමේ කියන දවස උදා විය. උදැහැනැක්කෙන් මෑණියන් වැට පැන එනු දුව දැක්කාය. විගසින් කුස්සිය වෙත දිව ගිය ඈ ෆ්‍රයින් පෑන් එකක් ලිප තබා ගෑස් පත්තු කළාය. තෙල් ටිකක්ද දැම්මාය. ලී හැන්දන් අතට ගෙන තෙල් ටික කලවම් කරන්නට වූවාය. රත් වෙන තෙල් සුවඳට මන් මත් වූ මෑණියන් කෙළින්ම කුස්සියේ දොර අසළට ආවාය. ඇවිත් තෙල් සුවඳට ඉව ඇල්ලුවාය.  "අද ස්පෙසල් ෆ්‍රයිඩ් චිකන් ද, බිස්ටේක් ද, ස්පගෙති කර්බොනාරා  ද" කියමින් දුවගෙන් ඇසුවාය. "නෑ අම්මේ අපි මේ ටිකේම කෑවෙ වංසෙ කබල් ගාල.... මම මේ අම්මටත් ටිකක් දෙන්න වංසෙ කබල් ගානවා" කියමින් හිස් තාච්චිය පෙන්නුවාය. කාරණය අවබෝධ කර ගත් මමී සැණෙන් ඩිසැපියර් වූවාය.

                   ***************************************************

මේ කථන්දර දෙකේ කිසිදු සම්බන්ධතාවයක් නැත්තේය. 

ශශී

අන්තිමේ වසර දෙකකට පසු ලංකාවට යන දවස උදා විය. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් වෙනිස් සිට කටාර් දක්වාද, කටාර් සිට කටුනායක දක්වාද පැමිණිය යුතුය. කටාර් තෙක්ම  නිදි රහිත ගමනක් එන්නට සිදු වූයේ ඉන්දියානු ජාතික ගුවන් සේවිකාවක් නිසාය. දින දෙකක් නිදි වැරීමට සිදු වීම නිසා තරමක නිදි මත ගතියක් දැනුන නමුත් මව් බිමට පය තැබීමේ ප්‍රීතිය නිසා නින්දක් නො එන බව දැන ගෙන උන්නෙමි...
            කල්පයක් තරම් වූ වෙලාවකට පසුව ඒ උත්තරීතර නිමේශය උදා විය. ගුවන් යානය බිම පතිත වනවත් සමඟම ඔල්වරසන් දෙමින් පිටවෙන දොරටු කරා පැමිණියෙමු........
අනතුරුව.......
පළමු දැක්මෙන්ම හිත උතුරා ගලා හැලෙන ප්‍රීති ප්‍රමෝදයක් නළියන්නට විය. එනම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළදාරීන් දැකීමෙනි. වෙන වතාවල මෙන් නොව මොවුන් මුහුණ නිරන්තරයෙන් සිනහවකින් සරසාගෙන සිටිති. ගිය වතාවේ මෙන් මැලවුනු ,නිදිමත මූණු ඔවුන්ට නොවීය. කාර්‍යක්ශම නිළදාරීන් වූ ඔවුන් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද පැසසුමට ලක් විය... වැලිගම බලා යන ඉතාලි ජාතික සංචාරකයන් කිහිප දෙනෙකු මා සමඟ පැවසුවේ මෙතරම් සුහද ශීලී, කාර්‍යක්ශම නිළදාරීන් පිරිසක් තමන් කිසි කලෙක දැක නොමැති බවයි....ආඩම්බරය පිරුණු පපුවකින් එළියට පැමිනියෙමි....තීරු බදු රහිත කඩ සාප්පු වල සේවකයන් ඉතාම විනීතව සුහදශීලිව සිනාසෙති. වචනයක් හෝ කතා නොකරති...ඔවුන්ගේ පෙනුම ගෞරවාන්විතය. ගුවන් තොටුපොලේ හැම සේවකයෙකුගේම පපුවෙහි නම සහ තමන් කතා කරන භාශා පිළිබඳව කෙටි සටහනක් ඇත. සිංහල කතා නොකරන පුද්ගලයන්ට තමන් කිසියම් විමසීමක් කළ යුත්තේ කුමන සේවකයාගෙන්ද යන්න ගැටළුවක් නැත. සියළුව සේවකයන් සිනහවකින් මුව සරසාගෙන ඇත.
                        මා රැගෙන යාමට තාත්තා එන බව අම්මා පෙර දින පැවසුවාය. ගුවන් තොටුපොලෙන් එළියට පැමිණ තාත්තා ඇද්දැයි විමසිලිමත්ව බැලීමි. දුර ඈත කොණේ තාත්තාගෙ රුව සටහන් විය.. විගසින් මා දෙසට පැමිණ මා වැළඳගෙන තාත්තා යමු යැයි හිසින් සන් කළ විට, (තාත්තා වෙනදා මෙන් අපේ ඥාති සොහොයුරෙකුගේ වාහනයෙන් එන්නට ඇත). මම වාහනය කොහෙදැයි තාත්තාගෙන් විමසුවෙමි. "පුතේ මම අද ආවෙ පාරෙ බස් එකේ" 

 අධික විඩාව නිසා බසයක ගමන්  කළ නොහැකි තත්වයක සිටි මගේ ඔරොප්පු මුහුණ තාත්තා දකින්නට ඇත. තරහින් මා දෙසට හැරුණු තාත්තා " උඹ ඒරොප්පෙ ඉඳලා ආවට කමක් නෑ පුතෝ.. හැබැයි අපේ දේවල් වලට ඔච වඩෝනවා හෙම නෙමේ... එළියට ගිහින් බලපන්කො දැන් මෙව්වයෙ තියෙන ඒවා"

හෙමින් හෙමින් බස් නැවතුම් පොළට පිය මැන්නෙමු. අප මෙන් සෑහෙන පිරිසක්ද, විදේශීය සංචාරයන් කිහිප දෙනෙක්ද එහි විය..
බසය එන වෙලාව ලෙස පෙරවරු 9.45 සටහන් වී තිබිනි....තත්පරයක් හෝ අප්‍රමාදව බස් රිය එහි පැමිණියේය. පුදුමයකි. නවතම වර්ගයේ බස් රථයක් වූ මෙහි මැදින් සොකට්ටුවක් ඇත. බස් රථ දෙකක් එකට අමුණා ඇති සෙයක් දිස් වෙයි. බස් රථයට ගොඩවන්නට ඇත්තේ ඉදිපස දොරටුව සහ පසු පස දොරටු දෙක පමණය. බැසීමට භාවිතා කරන්නේ මැද දොරවල් දෙකය. 

තාත්තා සාකුවෙන් ගත් කාර්ඩ් පත් දෙකක් එහි ඇති විදුලි උපකරණයට ළං කල විට කොළ පාට බල්බයක් දැල්විණි.විස්තරය තාත්තා මට පහදන්නට විය. " දැන් ටිකට් තමයි මේ. මේවා ගන්න ඕනෙ කඩවල් වලින්. කොන්දොස්තරලා දැන් නෑ බස් වල. මේ ලංගම බස් එකක්.. දොරවල් හතරටම කැමරා හයි කරලා තියෙන්නෙ.. ඩ්‍රයිවර් කැමරාවලින් බලලා තමා දොරවල් වහලා එහෙම යන්න පටන් ගන්නෙ. කට්ටියම ටිකට් ගැහුවද කියලා ඩ්‍රයිවර් ට පේනවා කැමරා වලින්"
                                හිමින් සැරේ අවට සිසාරා බැලුවෙමි. ගුවන් තොටුපොළ සඳහා භාවිත කෙරෙන බස් රථ වල ගමන් මළු බහා ලීම පිණිස වෙනම රාක්ක තනා ඇත. බසය සම්පූර්ණයෙන් වායුසමීකරණය කර ඇත. රියදුරු තැන වෙතට හෙමින් කිට්ටු කළෙමි... නිල් පාට කමිසයකින් සැරසී, ටයි පටියක් පැළඳ, ලංගම ලාංචනය පපුවේ පැළඳ, සංග්ලාස් ද පැළඳගෙන ඇත. ඔහුටම වෙන් වූ කුටියක් පරිද්දෙන් ඔහුගේ ආසනය දොරකින් ආවරණය කර ඇත... රියදුරු තැන සමඟ කතා කිරීම සම්පූර්ණයෙන් තහනම් යැයි සඳහන් දැන්වීමක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ඉතාලි, ප්‍රංශ සහ ජර්මන් වලින් අලවා ඇත.
                           වෙනදා පැයෙන් යන ගමන අද විනාඩි 30 න් යාමට හැකි ය. අතර මඟ බස් බොහොමයක් මේ වර්ගයේ බස්ය.. ලංගම බස් සුදු පැහැයෙනුත්, පෞද්ගලික බස් නිල් පැහැයෙනුත් වර්ණ ගන්වා තිබිණි. බසය නවත්වන්නේ අදාල නැවතුම් පොළවල්වල පමණය. පිටත් වන්නේ සියළු දෙනාම ගොඩ වී දොර හතරම  වසා ඇත්නම් පමණි. මාර්ග වල තත්වයද බෙහෙවින් වෙනස්ය. මෙවැනි බර වාහන යා යුත්තේ පාරේ වම් කෙළවරේය.. බර  අඩු වාහන දෙවෙනි තීරුවේ ගමන් කරයි. මාර්ගය දෙකට බෙදෙන පරිදි යකට වැටක් තනා ඇති අතර එහි නිශ්චිත දුර ප්‍රමාණකින් දුර ප්‍රමාණයකට දැවැන්ත කොහොඹ ගස් සිටුවා ඇත. කිසිවෙකුටත් පාර හරහා ගමන්  කළ නොහැකිය... එක දිසාවකට මන් තීරු දෙකකි. පාරවල් දෙපසත් යකඩ වැටවල් සිටුවා ඇත්තේ පයින් ගමන් කරන්නන් හට සහ බයිසිකල් කරුවන් හට මහා මාර්ගයට පැමිණිය හැකි නොවෙන පරිද්දෙනි.  ඔවුන් සඳහා වෙනම මන් තීරුවක් යකඩ වැටට එපිටින් තනවා ඇත.. ඊටත් එපිටින් ඇත්තේ එක පෙළට සිටවූ ගස් පෙළකි...එළියට බැසීමට අවකාශ නොලැබුනත් මේ ක්‍රමවත් නගර සැලසුම නිසා අධික රස්නය බෙහෙවින් අඩු වී ඇති බවක් දිස් වෙයි....මා යුරෝපයේ සිටියදී නිතරම අසන්නට ලැබුණු අපේ පුංචි රටේ සංවර්ධනය හිතට මහත් අස්වැසිල්ලක් විය. මා සතුටු වූ ප්‍රධානම කරුණ නම් මාර්ග වල කිසිම හෝර්න් හඬක් නොඇසෙන්නට වීමය. ත්‍රීවීල් කරුවන්ද, මෝටර් සයිකලද නිහඬව, දෙවෙනි මං තීරුවේ ගමන් කරයි. 
තුටු සිතින් නිවසට පැමිණියෙමි...... 
                 පසු දිනම යහළුවෙක් සමඟ නගරයට ගමන් කිරීම මගේ අරමුණ විය. ඒ  රටේ සංවර්ධනය සියැසින් ම දැක බලා ගැනීමටයි.... පාරවල්ද ඉතා පිරිසිදුය. සිගරට් කොට , බුළත් කෙළ නැත...නිශ්චිත දුර ප්‍රමාණයකින් දුර ප්‍රමාණයකට කුණු කසල බැහර කරලීම පිණිස විශල භාජන තනා ඇත.... ඒවායේ කුණු දැමිය යුත්තේ ප්ලාස්ටික් , කඩදාසි. සහ වෙනත් අපද්‍රව්ය ලෙස වෙන වෙනමය. පසුව ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා ගෙන යයි.  මහපාරේ ඇවිද යමින් සිටියදී පාරේ විරුද්ධ පැත්තේ සිටි පාසැල් මිතුරෙක් දුටුවෙමි... කලකින් දකින්නට ලැබූන් මිතුරා ගැන ලබැඳි දයාවෙන් මා ක්ශණයෙන් පාර හරහා පැන්නෙමි...එසැණින් 1600 cc පොලිස් මෝටර් සයිකලයක් මා අසළ නැවතුනි. ප්‍රසන්න පෙනුමකින් යුත් පොලිස් නිළදාරීන්ගේ මුහුණෙහි මනා පෞරුශත්වයක් ඇත. පරණ කාකි නිළ ඇඳුම වෙනුවට සුදු සහ නිල් පැහැයෙන් යුත් නිළ ඇඳුමක් ඇඟලා ගෙන සිටිති. බූට් පැළඳ ඇත. හිසට යුද හමුදාව පළඳින බෙරස් වර්ගයේ තොප්පි දමා අව් කණ්ණාඩි පැළඳ ඇත. රැවුල් මනාව කපා ඇත. බඩ නැත. කොන්ද කෙළින්ය. වැරදි තැනකින් පාර මාරු වූ මට 1000 ක දඩ කොළයක් දී තැපැල් කන්තෝරුවට ගෙවන ලෙස අණ කර සුහද සිනහවකින් සංග්‍රහ කර යන්නට හැරුණි. දඩ මුදල ගෙවීමට තැපැල් කන්තෝරුව තුළට පැමිණි මා පුදුමයට පත් කරමින් එහිද වෙනස්කම් රාශියක් සිදුවී තිබිණි. මෙහි ඇතුළු වන දොරටුව අසළම ඩිස්ප්ලේ එකක් ඇත. එහි විවිද කාර්යයන් සඳහා  A,B,C,D,යනුවෙන් කොටස් හතරකට බෙදා තිබිණි. 

A= බිලපත්, දඩ මුදල් ගෙවීම
B= ලියාපදිංචි ලියුම්/ පාර්සල්
C= කූරියර් සේවා
D=සාමාන්‍ය තැපැල් සේවා.

 මම  A අකුර සහිත බොත්තම ඔබා අදාළ අංකයක් ලබා ගතිමි. තමන්ගේ වාරය එනතෙක් වාඩි වී සිටීමට පාරිභෝගිකයන්ට පුටු තබා ඇත. සඟර , පුවත්පත් පසෙකින් තබා ඇත. බොහොමයක් දෙනා එක්කෝ පොතක් කියවති. නැත්නම් පුවත්පත් බලති. මිනිසුන්ද වෙනදාට වඩා වෙනස් වී ඇති සෙයක් හැඟෙයි.. ගැහැණුන් මහත නැත. පිරිමින්ගේ බඩ නැත. කහින්නේ, හොටු සූරනේද නැත. පෝලිම් පනින්නේ නැත.... ආචාර ශීලීය. කලක පටන් නිවැරදි ක්‍රමවේදයන්ට හුරුවූ මිනිස් කොට්ඨාශයක් පරිද්දෙන් ඔවුන් මට දිස් වෙයි..
     තැපැල් කන්තෝරුව තුළ සේවකයන් කිහිප දෙනෙක් කාර්යක්ශමව වැඩෙහි  යෙදී සිටිති. කවුන්ටර 6 ක් ඇත. මඳ වෙලාවකට පසුව  මගේ අංකය කවුන්ටර් අංක 5 හේ සටහන්  විය. එහි සිටි තරුණිය මුව පුරා සුනහවකින් මා පිලිගෙන අදාළ කාරනාවෙහි යුහුසුළුව යෙදෙන්නට විය. එය නිම වී මා ආපසු ඒමට හැරෙනවාත් සමඟම "සුබ දවසක්" යනුවෙන් ආචාර ද කලාය.
                                පාරේ මඳ දුරක් ඇවිදගෙන එද්දී පාරේ අලුත්වැඩියාවක නියුතු සේවකයෙක් දුටුවෙමු. රේඩියම් සහිත නිළ ඇඳුමක් පැළඳ, විශාල ප්‍රමාණයේ හෙඩ් ෆෝන් දමා, හෙල්මට් පැළඳ අදාළ ස්ථානය වර්ග අඩි 25 ක පමණ ප්‍රමානයකින් වට කොට ඔහු තම වැඩෙහි යෙදී සිටීයී....මෙය පාරේ ඇති වූ කුඩා ඉරිතැල්මක් අලුත්වැඩියා කරන අයුරු යැයි ද, දියුණු රටවල මෙන් දැන් මෙහිදීත් කුඩා වැඩකදි වුවත් අරක්ශාව පිළිබඳ ප්‍රථමයෙන් සළකිලිමත් වෙන බවද මගේ මිතුරා පැවසීය. ඔහු අසළම සිටි ටයි පැළඳ ගත්, සේවකයා සමඟ කුළුපගව සිනාසෙන වැදගත් පෙනුමකින් යුත් මහතෙකු මගේ අවධානයට ලක් විය..මගේ හැඟීම් තේරුම් ගත් මිතුරා ඒ " ප්‍රාදේශීය සභා සභාපති බවත්, දහවල් විවේකයේ මෙය නිරීක්ශණය කිරීමට පැමිණ ඇති බවත් කීවේය.
අවසානයේ මිතුරා ගෙන් සමුගත් මා නිවෙස වෙත පැමිණියෙමි.. හෙට දිනයේද ටවුමට යාමට මට අවශ්‍ය බවත් පාන්දරින්ම මා අවදි කරන ලෙසත් නිදි ඇඳේ සිටම අම්මාට කීවෙමි. ඒ නැවතත් යුරෝපයට යාමට තිබුණු ටිකට් පත අවලංගු කිරීමටය. මෙහි සිදු වූ වෙනස් කම් සහ සංවර්ධනය නිසා මම දිගටම ලංකාවේම නවතින බවත්, මා බලාපොරොත්තුවෙන් සිටි සංචාරක කර්මාන්තයේ , මගේ සුදුසුකම් වලට අනුව රැකියාවක් කරන බවත් අසා සිටි අම්මා හෙමින් කඳුළු පිසලන්නට විය. අම්මාට අනුව සුදුස්සාට සුදුසු තැන දෙන මෙවන් රටක් අහළ ගම් හතකවත් නැත. මා ගත් තීරණය හිස අතගා ස්ථීර කළ අම්මා අවසානයේ 
" සර් කැන් යූ ප්ලීස් ටේක් යුව සීට් ඉන් කරෙක්ට් පොසිශන්. වී ආ රෙඩි ටු ලෑන්ඩින්" 
යනුවෙන් කීවාය.




ශශී

ඉන්ටර්නෙට් එකේ මේ දවස් වල මාලිංගය ව පීචං කරන කෙරිල්ල දැක්කොත් ඒකා ආයෙ සිලෝන් ටීම් එකට ගහයිද කියලා සැකයි...පව් 
පව් කිව්වෙ මාලිංගයට හෙම නෙමේ.. මට නම් ගොඩාක් පව් කියලා හිතුනෙ ජනතාව... ඉන්ටනෙට් පාවිච්චි කරන ජනතාවගෙන් 95% ක් විතර හිතාගෙන ඉඳලා තියෙන්නෙ ටීම් එකේ උන් සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් කියලා .....උන්ට පව්.. ටීම් එකේ උන් රටට ආදරෙන් උන්ගෙ රස්සාව කරන එක ඇත්ත.. රට දිනවන්න ෆුල් ට්‍රයි එක දෙන එකත් ඇත්ත..... ඒත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්නෙ නෑ....
                           මිනිස්සුන්ගෙ ගොඩාක් හිත රිදෙන්න හේතුවක් තමයි ඔය විදිහට හිතාගෙන ඉඳල තියෙන එක. 
    මේ මාර්තු මාසෙ .. 1996 මාර්තු මාසෙ ලංකාව වල්ඩ් කප් එක දිනලා අවුරුදු 17 ක් වෙන්න ඇවිත්.....මට මතකයි ඒ දවස අද වගේ... මම 6 වසරෙ . කවදාවත් ගෙදර සුරුවම් කූඩුවට පහනක් පත්තු නොකරපු අපේ තාත්තා පළවෙනි වතාවට මේ මැච් එක කොහොම හරි දිනන්න කියලා දෙයියො ඉස්සරහ පහනක් පත්තු කළා. අද මාලිංගයට බනින මිනිස්සුයි, එදා අපේ තාත්තයි දෙගොල්ලොම අහිංසක ක්‍රිකට් ලෝලියො.... මැච් එකක් දින්නොත්  ෆේස්බුක් ඇවිත් දේශ්ප්‍රේමී සටන් පාඨ කිය කිය ෆොටෝ ශෙයා කරන්න, ලෝකෙට පේන්න උන්ට චියර් කරන්න තරම් හැකියාවක් නැති අපේ තාත්තලා වගේ මිනිස්සු , කුලී වැඩ කරන මිනිස්සු, මාළු අල්ලන මිනිස්සු, කළු ගල් තලන මිනිස්සු ඒ ගොල්ලන්ගෙ සතුට සමරන්නෙ රතිඤ්ඤයක් පත්තු කරලා, ගෙදරට චයිනීස් බත් එකක් ගෙනල්ලා....ඒ දුප්පත් මිනිස්සු දන්නෙ මාලිංගයලා මාසෙට ලක්ශ 40 ක් නැතුව රිකට් ගහන්න බෑ කියනවා කියලා විතරයි...දවසකට රුපියල් 400 ක් අමාරුවෙන් හම්බ කරන ගොඩක් දුප්පත් එවුන් ලක්ශ 40 ට ඊරිශියා නොකරන එවුන් බව මම අත්දැකීමන් දන්නවා.... 
       මාලිංගයට පක්ශව කථා කරම එවුන්ගෙ විරෝදය කෙලින්ම එල්ලෙ වෙන්නෙ මාධ්‍යයට ...... දේශපාලකයො ජඩ වැඩ කරන කොට මෙවුන් හිටියෙ කොහේද ?... උන් හොරකන් කරන කොට කට වහගෙන හිටිය උන් දැන් මාලිංගයගෙ වචනයක් අල්ලගෙන ඌව පට්ට ගහනවා කියනවා.... ඇත්ත තමයි බං..... ඔය දේශපාලනේ හින්දම තමා මාලිංගයගෙ වචන වලින් අපේ උන් නැට්ටටම හිත් රිද්දගන්නෙ... ඒ කියන්නෙ අද වෙනකොට රටේ මිනිස්සුන්ගෙන 100% කටම දේශපාලනය තිත්ත වෙලා... රටේ තියෙන ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා, මිරිකිලා උන් සතුටක් හොයා ගෙන, රට වෙනුවෙන් කියලා සතුටු වෙන එකම දේ තමා ක්‍රිකට්.. දේශපාලකයා සහ ක්‍රිකට් ක්‍රිඩකයා කියන්නෙ ජනතාවගෙ පැත්තෙන් බැලුවහම යකෙකුයි දෙවියෙකුයි වගේ... ඉතින් දේශපාලකයා කියන එකා කරන කියන කිසිම දෙයකින් ජනතාව තමන්ගෙ හිත රිද්දගන්නෙ නැති තරමට ජනතාව හිත් ගල් කරගෙන..... ඒත් මේ වගේ ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙහෙම  දෙයක් කිව්වොත් මිනිස්සු පුදුම විදිහට කඩා වැටෙනවා... ඒකයි බං දේශපාලකයන් කරන වැරදි වලත් වැඩිය මේ වැරැද්ද මිනිස්සුන්ට පේන්නෙ......
ගමෙන් ඇවිල්ලා වැඩ පෙන්නලා, මිනිස්සු හිතාගෙන උන්නු ඒ දුප්පත් පන්තියෙ ක්‍රීඩකයා සුණු විසුණු වෙලා ගිය එක මිනිස්සුන්ට මාර හිතට අමාරුයි
මිනිස්සු හිතාගෙන උන්නු පීඩිත පන්තියෙ ක්‍රීඩකයෙක් වෙනුවට ධනවාදී ක්‍රීඩකයෙක් නිර්මාණය වෙනවා...
අර බඩ මහත , රට කන , තමන් ගැන විතරක්ම හිතන දේශ්පාලකයොයි මුන්ගෙයි වෙනසක් නෑ කියලා මිනිස්සු බය වෙනවා.. ඒ බයටයි මිනිස්සු මෙච්චර කෑ ගහන්නෙ  ...මිනිස්සුන්ට ඕනෙ , මිනිස්සු බලාපොරොත්ටු වෙන්නෙ හැමදාම අර පීඩිත පන්තියෙ ක්‍රීඩකයා... එතකොට පොඩි හැඟීමක් ත්යෙනවා මූ අපේ එකෙක් කියන එක...
සති දෙකක් යනකන් උන්ගෙ ෆෑන් පේජ් වල කුණුහරුපෙන් බනිනවා, ලයික්, කොමෙන්ටු දාන්නෙ නෑ.. මැච් බලන්න යන කට්ටිය අඩු වෙනවා.....
 ඊට පස්සෙ ආයෙත් ටිකෙන් ටික අපේ මිනිස්සුන්ට මේ දේවල් අමතක වෙලා යනවා... මාලිංගයලා හොඳට ක්‍රිකට් ගහයි.අපේ උන් චීයර් දායි.. ෆේස් බුක්වල "ප්‍රවුඩ් ටු බී අ ශ්‍රී ලාංකන්" කියලා ෆොටෝස් ශෙයා කරයි, මැච් බලන්න සෙනඟත් ඉඳීයී, දුප්පත් මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයි.....චයිනීස් බත් කයි......බලද්දි දෙපැත්ත තුන් පැත්තම සාධාරණයි........හොඳම දේ බං රට වෙනුවෙන් තමන් කරන දේ කරනවා මිසක් , අනුන් රට වෙනුවෙන් මොනද කරන්නෙ කියලා හොයන එක නෙමේ.
ශශී


ජේසු තුමාගෙ ගෝලයො දෙළොස් දෙනා ගෙන් එයාව පාවල දීපු ගෝල බාලයා තමා ජුදාස් කියන්නෙ. ජේසු තුමා ව අත් අඩංගුවට ගන්න මාන බල බල හිටපු අධිරාජ්‍යවාදීන්ට වැටහෙනවා ජේසුගෙ ළඟම අනුගාමිකයෙක්ව බිලි බාගන්නෙ නැතුව මේ වැඩේ කරන්න හම්බෙන්නෙ නෑ කියලා. රිදී කාසි 30 ක ඇමක් දීල බිලි බාගන්නෙ පසු පෙළ ගෝලයෙක් වෙච්චි ජුදාස් ව. හරි කථාවෙ අවසානය තමා ජුදාස් ගෙ මාර්ගයෙන් ජේසුව අත් අඩංගුවට ගන්න සතුරු පාර්ශ්වයට ඉඩ ලැබීම. ඊට පස්සෙ ජේසු තුමා මරණයට පත් කිරීම.   මේ මරණයට වග කියන්න ඕනෙ ජුදාස්. ජුදාස් ව හංවඩු ගැහෙනවා කතෝලික සභාව ඇතුලෙදි. කොටින්ම එදා පටන් ම අද දක්වාම පාවල දීමක් කරන මිනිහෙක්ට දෙන සර්ව නාමය විදිහට "ජුදාස්" කියන නම භාවිතා කරනවා. ඒ විතරක් නෙමේ ජුදාස් ගෙ චරිතය ඉතිහාසයෙන් මකල දානවා. එදා පටන් අද දක්වාම අනිත් ගෝලයන් එකොලොස් දෙනා වෙනුවෙන් පල්ලි හැදෙද්දි, ඒ ගෝලයින්ගෙ නම් මිනිස්සුන්ට නම් තියන්න යොදා ගද්දි ජුදාස් කියන නම හිතා මතාම අයින් කරනවා. ඒත් ජේසු තුමා පාවල දෙන්න කලින් මේ ජුදාස්, ජේසු තුමා ළඟින්ම ඉඳගෙන එයාට පැවරුණු කාර්‍යයන් ඉශ්ට සිද්ධ කරපු අනිත් ගෝලයො වගේම මනුස්සයෙක්.          හරි රස්සාවෙන් ධීවරයො උනු මේ මනුස්සයින්ට අඟ හිඟ කම් නම් ඇති පදමට තියෙන්නෙ ඇති. ඉතින් අත මිට හිඟ කම හිංඳම මුහුදු රස්සා යාමෙන් විතරක් ජීවිතේ ගැට ගහ ගන්න බැරුව උන්නු ජුදාස් මේ ගැටේට අහු වෙනවා.  රිදී කාසි තිහ අරන් ජුදාස් මොකද කළේ. ඒකෙන් හොඳ ඉඩමක් මිළදී ගත්තා.සමහර විට තමන්ගෙ දුවගෙ දෑවද්දට දෙන්න එහෙමත් නැත්නම් පුතෙක් ගෙ ඉගෙනීමට වියදම් කරන්න වෙන්න ඇති. ඒත් මේ තමන් ලොකු වරදක් කළේ කියල තේරුම් අරගෙන ජුදාස් ගොඩාක් දුක් වෙනවා. ඒ දේ කොච්චර හිතට වද දෙනවද කියනවනම් මිනිහා තමන් ගත්තු ඉඩමෙම එල්ලිලා මැරෙනවා.      පොඩි කාලෙ උපදේසෙ පන්තියෙ ටීචර්, ජුදාස් ජේසුව පාවල දුන්නු හැටි උගන්නන්ද්දි ජුදාස්ට තුහ් නොදකින් කිව්ව මම තව ටිකක් ලොකු වෙලා මේ සංසිද්ධිය කියවද්දි හිතේ ඇති කර ගන්නෙ වීරත්වයක්. ජුදාස් කියන්නෙ වීරයෙක්. වැරදි කා අතිනුත් වෙන්න පුළුවන්. ඒත් තමන් කරපු වැරැද්දට පසුතැවිලි වෙලා ජීවිතේ නසා ගන්න එක.  පපුව පැලිල මැරෙන්න තරම් ඒ වැරැද්ද පපුවට ගත්තු ජුදාස් අහිංසක වීරයෙක්.           
                          තවත් දෙයක්. ජේසු තුමා ව අත් අඩංගුවට ගත්තු වෙලාව ඒ සතුරු පාර්ශ්වයෙ හිටපු ගැහැණියක් ජේසුගෙ ප්‍රධානම ගෝලය උනු පේදුරු ව අඳුන ගන්නවා. ඒ කාන්තාව කියනවා මෙයත් ජේසුස් එක්කලා එකට හිටියා කියලා. පේදුරු කියනවා "නෑ" කියල. තුන් පාරක්ම පේදුරු කියනවා මම ජේසුස් ව අඳුනන්නෙ නෑ කියලා. ජේසුගෙ මරණයෙන් පස්සෙ සභාව ගොඩ නඟන්නෙ පේදුරු මත. "පේදුරු නම් ලත් පර්වතය මෙන්න. මෙය පිට මගේ සභාව ගොඩ නඟන්නෙමි" ජේසු තුමා එක තැනක ප්‍රකාශ කලා. එහෙව් පේදුරුත් අන්තිමට ජේසු තුමා ව අඳුනන්නෙ නෑ කියනවා. ඒත් පේදුරු නමින් පසුව බැසිලිකා, දේවස්ථාන ගොඩ නඟනවා. පේදුරුගෙ නම මිනිස්සුන්ට නම් තියද්දි පාවිච්චි කරනවා. ඒත් පේදුරු තමන් මේ කලේ වරදක් බව දැනගෙන පසුතැවිලි වෙලා කලේ අඬපු එක.     
                                            අද කාලෙ  ලක්ශ 30 ක් දෙනවා කිව්වොත් (උඹලටවත්, මටවත් නෙමේ )  මුහුදු රස්සා කාරයෙකුට, කුලී වැඩ කරන කෙනෙකුට, කොහු බත් වේලෙන කෙනෙකුට, අව් කාශ්ඨකේ සිමෙන්ති අනන මිනිහෙක්ට. ඒ මනුස්සයො තමන්ගෙ ආගම උනත් අත ඇරල යන්න ලැහැස්ති වෙයි නේ. ඒකනෙ ඔය බලෙන් ආගම් වලට බඳව ගන්නවා කියල  ගොඩාක් අය කෑ ගහන්නෙ. සල්ලි වලට දුප්පත් මිනිහෙක් තමන්ගෙ ආගම වෙනස් කළහම. මොකද ආගමෙන් කන්න බොන්න දෙන්නෙ නැහැනෙ. අත්තානම් උපමං කත්වා කියලා බුදු හාමුදුරුවො දේශණා  කරලා තියෙන්නෙ,(තමාට උපමා කොට හිතන්න )  අපිටත් පුළුවන්ද ඒ මිනිස්සුන්ට උපමා කරල හිතන්න?    එහෙම බැලුවහම අපි ඔක්කොමලා ජුදාස් ලා. අපි ඔක්කොමලා පේදුරුලා. හැබැයි ඉන්න සමාජ තත්වය ඉහලයි නම් අපේ වැරදි වලින් අපිට නිදහස් වෙන්න ලේසියී. හැබෑයි අපි ඉන්නෙ පහළ සමජ මට්ටමක නම් , දුප්පත් නම් සමාජයෙන් ඒ වැරැද්ද වහන්න හම්බෙන්නෙ නෑ...... ජේසුව අඳුනන්නෙ නෑ කියලා පස්සෙ  ඒ වැරැද්ද තෙරුම් අරගෙන අඬපු පේදුරුට වඩා, තමන් කරපු වැරැද්දට පසුතැවිලි වෙලා එල්ලිලා මැරුණු ජුදාස් මට සුද්දවන්තයෙක් වෙන්නෙ අන්න ඒකයි.

ශශී

ඔන්න මේක අවුරුදු දෙදහකට විතර කලින්, ආදි පරං කාලෙ වෙච්චි සීන් එකක් හරිද? ඒ කාලෙ හිටියලු මනුස්සයෙක් නම  ජේසුස් ලු. කොණ්ඩෙ ටිකක් දිගට වවලා, රැවුල එහෙම වවලා, මානව හිතවාදය ගැන කථා කරන මේ මනුස්සයා එදා රටේ තිබ්බ අසාධාරණය බොහෝම විවේචනය කරපු කෙනෙක්ලු. ඒ විතරක් නෙමේ. තමන් ගෙ දර්ශණයෙන් හොඳ නරක මිනිස්සුන්ට අවබෝද කරල දීල තැන තැන ගිහින් දේශණා එහෙම කරගෙන පාඩුවෙ ජීවත් උනාලු මේ මනුස්සයා.
                     ඉතින් මෙයාගෙ වැඩ පිළිවෙලට, දර්ශණයට කැමති වෙච්චි මිනිස්සු ගොඩාක් මෙයාව අනුගමනය කරන්න පටන් ගත්තලු. කට්ටිය ටිකෙන් ටික වැඩි වෙද්දි මෙයාගෙ අත් උදව්වට, ලිපි ලේඛන වල වැඩ වලට, බොඩි ගාඩ් කමට එහෙම කියලා තව දොළොස් දෙනෙක් වත් පස්සෙ බඳවා ගත්තලු.
        ඒ විතරක් යැ. සමාජයේ හොඳ වැඩක් කරන්න පටන් ගන්න කොට අපි කාටත් වෙනවා වගේම හතුරො ටිකකුත් මෙයාට හිටියලු... ඒ තමයි මෙයා විවේචනය කරන, අසාධාරණ වැඩ කරන, දේශපාලකයො.. මිනිස්සුන්ගෙන් මුදල් ගරන හොර බිස්නස් කාරයො. කුඩු මුදලාලිලා ඒ වගේ අය.
        දවසක් මේ මනුස්සයා තමන්ගෙ අනුගාමිකයන්ට දේශණයක් එහෙම තියලා එද්දි, ඈතින් ඇහෙනවලු ගෑනු කෙනෙක්ව ඉස්සරහට තල්ලු කර ගෙන කෑ ගගහ, කුණු හරුප කිය කිය, තවත් එක එක පිස්සු කෙළ කෙළ එන සෙට් එකක්.
          හරි, මේ කට්ටිය ජේසුස් ගෙ ළඟටම ආවලු. සෙට් එකේ කොහොම හරි හිටියලු වැදගත් විදිහට ඇඳ පැළඳගත්තු මිනිස්සු දහයක් ,පහලොවක් විතර. ඉස්සරහින්ම එනවලු හොඳටම ටයි කෝට් එහෙම දාගත්තු ටිකක් පණ්ඩිත පහේ ඩයල් එකක්. මිනිහා පටන් ගත්තලු කථාව.
"ස්වාමිනී"
"මේ ගෑනි"
               ආ තවත් එකක්. දැන් ජේසු ගෙ පිටිපස්සෙන් හිටියලු දේශණාව අහන්න ආපු සෙනඟ. දකුණු ඇත පැත්තෙන් අර බොඩි ගාඩ් ල දෙළොස් දෙනාලු. මේ කට්ටිය ඉන්නෙ ජේසුස් ගෙ වම් ඇත පැත්තෙලු.
     ඉතින් ජේසුස් ගෙ චීෆ් බොඩි ගාඩ් වෙච්චි පේදුරුට වැඩේ පට ගාල මීටර් උනාලු.
 "මේ නම් ටක්කෙටම ලෝයර් කෙනෙක්ය. මේ පිටිපස්සෙන් ඉන්නෙ  මේ ලෝයර් කාරයාව සල්ලි දීල අ අරගෙන මේ ප්ලෑන් එක ගහපු දේශපාළුවො, කුඩු මුදලාලිල සෙට් එකය. මෙයිට කලින් කී පාරක් නම් මේ මිනිස්සු ටික එකතු වෙලා ජේසුස් ට වැඩේ දෙන්න හැදුවද? ජේසුස් ගෙ වටේ ඉන්න මිනිස්සු හිංඳා අතින් පයින් වත්, නාඳුනන තුවක්කු කාරයන්ටවත් ජේසුස් ට ගේමක් දෙන්න හම්බුනේ නැහැ.  ඒක හිංඳා මේ ඇවිත් තියෙන්නෙ අතින් පයින් බැරිනම්  මොළෙන් ගේමක් දීල ජේසුස් ට වැඩේ දෙන්න ය"..
මෙන්න මේ ටික පේදුරු ට නිකන් ලාව්ට වගේ මීටර් වේගෙන එද්දි අර මිනිහා කෑ ගහපු කෑ ගැහිල්ලට පේදුරු ආයෙ පියවි ලෝකෙට ආවලු.
"ස්වාමිනී"
" මේ ගෑනි"
" වේස කමේ යද්දි අපේ අතටම අහු උනා. සමාජයේ යහ පැවැත්ම පිණිස මෙවැනි ගැහැණුන් ගල් ගසා මැරිය යුතු බවට නීතියේ සඳහන් වෙනවා ස්වාමිනී"
" මේ ගැහැණියට ගල් ගසා මරා දමන්න අපට ඉඩ දෙන්න"
                      පේදුරු ගෙ සැකේ හරියටම හරි ලු. අද නම් බඩු බනිස් ම තමා කියල පේදුරුට හිතුනලු. හේතුව මේකයි. මුන් ටික ලෝයර් කෙනෙක්ව ඉස්සරහට දාගෙන ලෝ පොයින්ට් එහෙම අරගෙන අද ඇවිල්ලා තියෙන්නෙ. ජේසුස් කිව්වොත් හරි ගල් ගහල මරල දාපල්ලා කියලා මුන් කියයි මෙච්චර මේ සමාජය ගැන කතා කරන මේ මිනිහා, මනුස්සයෙක් මරන්න තීන්දුව දුන්න කියලා. ගල් ගහන්න එපා කිව්වොත් රටේ නීතියට අභියෝග කලා කියල නීතිය ඉස්සරහට ගෙනියයි.. පස්සෙන් ඉන්න අනුගාමිකයො සෙට් එකත් මෙලෝපන් දෙයක් හිතා ගන්න බැරුව ඉන්නවලු. මොකද ඉතින් මේ වගේ බලවත්තු එක්ක අඬ දබර කරගෙන පස්සෙන් පහු සුදු වෑන් වලින් යන්න කවුද කැමති වෙන්නෙ..
           ඉතින් මේ කාල ගෝට්ටිය දිහා විනාඩියක් බලාගෙන හිටපු, කවදත් කලබල නැති චරිතයක් වෙච්චි ජේසුස් කට්ටියට කථා කරලා මෙන්න මෙහෙම කිව්වලු.
"හරි ඔයාල කට්ටිය ගෙන් ජීවිතේට බ්ලූ ෆිල්ම් එකක් බලපු නැති, අඩු ගානෙ බ්ලූ ෆොටෝ එකක් වත් බලලා නැති, ගෑනියක් දිහා බලලා අඩේ අන්න මරු ගෙඩිය, මරු කෑල්ල, කොහොමද කඳ මචං කියලා හිතෙන් වත් නොකිව්ව කෙනෙක් ඉන්නවනම් පළවෙනි ගල ගහන්න කියලා."

උපතින්ම කලාකාරයෙක් වෙච්චි ජේසුස් බිම ඉඳගෙන ඇඟිල්ලෙන් කාශ්ඨක වැළි පොළොවෙ මෙන්න මේ නිසඳැස ලිව්වලු.


"පව් කාරියක් වී ඉපදීම ද පවෙක.
පව් කාරයෙන් ගෙන් සැදුනු දේශයක.....

විනිසුරන් ඉදිරියේ යම් දිනෙක
පව් කාරයන් වෙමු අපි සැවොම එක ලෙසට....

අයුක්තිය ඉරා සුන් කොට
යුක්තිය සදන්නෙමි නුඹලාට..... "


ඔන්න ඕක ලියලා ඉවර වෙලා ජේසුස් නැඟිටලා බැලුවලු. තමන්ගෙ බොඩි ගාඩ් ලයි පිටිපස්සෙ හිටපු අනුගාමිකයොයි අර ගෑනු කෙනයි විතරලු ඉන්නෙ. අර පිම්පි සෙට් එක ආගි අතක් නැහැලු.  ජේසුස් ගැහැනු කෙනාගෙන් ඇහුවලු.

"කවුරුත් ඔබට වරද තැබුවේ නැද්ද"

"නැත ස්වාමිනී"

"මමත් ඔබට වරද නොතබමි. යන්න මින් පසු පව් නොකරන්න වග බලා ගන්න"

ජේසුස් මේ වැරැද්දට දඬුවම් දුන්නෙ නෑ වගේම සමාව දුන්න කියලත් නෑ. හැබැයි ඒ වරද අමතක කරලා ආයෙත් සාමාන්‍ය විදිහට ඒ ගෑනු මනුස්සයට සමාජයේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබලා දුන්නා..



ප. ලි - පිම්පි වරුන් යනු ඉන්ටනැශනල් විකිපෙඩීයා වට අනුව ගැහැණුන් බිල්ලට දී  තම වාසීන්  සලස ගන්නන් වන අතර ශ්‍රී ලාංකීය විකිපෙඩියාවට අනුව ඊට අමතරව ගොසිප් සයිට් වල නිළියන්ට සහ ගායිකාවන්ට කුණු හරුප කොමෙන්ට් දමන්නන් ද, අන්තර් ජාලයේ ෆේක් ප්‍රොෆයිල් වලින් ඔවුන්ට මඩ ගසන්නන්ද ඇතුළත් වේ.


ශශී

අපි ජීවිතේ ගෙවන්න සිද්ධ වෙන විවිධ අවස්ථාවන් අනුව විවිධ සමාජ කණ්ඩායම් වලට සමාජගත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කවුරුත් දන්න කියන විශ්ව විද්‍යාල උප සංස්කෘතිය බිහි වෙලා තියෙන්නෙ, අන්න ඒ වගේ ලංකාවෙ සමාජය තුළ විවිධ රැකියා, වෘත්තීන්, සිසුන් අතරත් යම් තරමකට උප සංස්කෘතීන් බිහි වෙලා තියෙනවා.
            මම මෙතනදි කියන්න යන්නෙ ශ්‍රී ලාංකිකයන් සමාජ ගත වෙච්චි ඉතාලිය කියන ඒකකයෙදි ගොඩනැඟිලා තියෙන උප සංස්කෘතිය ගැන කරුණු කාරණා ටිකක්.
                 හොඳයි, ඉතාලියෙදි කවුරු හරි ඔයගෙන් ඇහුවොත් කොල තියෙනවද කියලා උඩ බිම බලන්න එපා. ඒ අහන්නෙ නීත්‍යානූකූලව රැඳී සිටින්න බලපත්‍රය තියෙනවද කියලා. අනවසරයෙන් රැඳී සිටින අයට තමා කොල නැති කස්ටිය කියලා කියන්නෙ.
                    මුලින්ම ජොබ් එකක් කරන්න පටන් ගද්දි කියන්නෙ ජොබ් එහෙකට නඟිනවා කියලා. ඒ වගේම අස් වෙනවා නම් කියන්නෙ ජොබ් එකෙන් බහිනවා කියලා. ඒ විතරක් නෙමේ. ජොබ් එක පටන් ගන්න වෙලාවට. ඉවර කරන වෙලාවටත් නඟිනවා, බහිනවා කියල කියනවා. මම ජොබ් එකට නඟින්නෙ උදේ 9 ට. බහින්නෙ හවස 5 ට. තේරුනාද කට්ටියට?                      
                      එතකොට කාමරයක් පිරිසිඳු කරනවට කියන්නෙ කාමර ගහනවා කියලා. වීදුරු පිරිසිඳු කරනවට වීදුරු ගහනවා කියලා. එහෙම කිව්වා කියලා පොල්ලක් එහෙම අරගෙන වීදුරු වලට ගහන්න එහෙම එපා. කාමර පිරිසිඳු කරන එකට තව කියනවා කාමර කරනවා කියලා. ඒ කියන්නෙ ඉතාලි බාශාවෙන් ආපු වචනෙ ඒ විදිහටම සිංහලට පරිවර්ථනය කරලා. (ෆාරෙ ඌනා කාමෙරා ) මෙතනදි ෆාරෙ කියන්නෙ කරනවා කියන තේරුම. "ෆාරෙ ඌනා කාමෙරා" කිව්වොත් ඒ කාමරයක් පිරිසිඳු කරනවා කියන එක. අපේ අය කෙළින්ම කාමරයක් කරනවා කියලා පරිවර්ථනය කරලා තියෙනවා.
                ගොඩක් අය ස්ථීර රැකියාවක් වෙනුවට කරන්නෙ පාර්ට් ටයිම්. දවසෙ පැය 10 ක් 12 ක් විතර වැඩ කරන මේ අය පැය දෙකක් මෙතන, පැයක් අතන, පැය තුනක් තවත් තැනක. සමහරු කන්නෙත් මහ පාරෙදි, අන්න ඒ වගේ. මේවට කියන්නෙ පාර්ට් ටයිම් කෑලි. මාත් ඉස්සර හරිහමන් ජොබ් එකක් නැති කාලෙ උදේ පොඩි ජොබ් එහෙකුයි. දවල්ට පැයක විතර පොඩි පාර්ට් ටයිම් එහෙකුයි කලා. මේකට යද්දි මඟදි හම්බ වෙනවා ලංකාවෙ අන්කල් කෙනෙක් ටිකක් කට සද්ද. විනාඩියක් විතර කථා කරලා යනවා. ටික දවසකින් මට ෆුල් ටයිම් ජොබ් එකක් හම්බුනාම අර පාර්ට් ටයිම් එක නතර කලා. මේ ළඟදි දවසක අර අන්කල් හම්බෙලා ඇහුවා. " පුතා දැන් අර පාර්ට් ටයිම් කෑල්ල ගහන්නෙ නැද්ද"කියලා. පස්සෙයි වැඩේ මීටර් උනේ. සමහරු ජිම් වල, ඔපිස් වල, බෙහෙත් සාප්පු වල එහෙම පාර්ට් ටයිම් ජොබ් කරනවා. මේවට කියනවා ජිම් එක ගහනවා, ඔපිස් එක ගහනවා කියලත්. ආ කියන්න අමතක උනා බත් උයනවටත් කියනවනෙ බත් ගහනවා කියලා.
                      අපේ අය මෙහෙ වචනත් අපිට ගැලපෙන විදිහට හදාගෙන තියෙනවා. "APPUNTAMENTO" (අපුන්තමේන්තො ) කියන්නෙ අපොයින්මන්ට් කියන එක. ගොඩක් වචන පටන් ගන්නෙ "අ" අකුරෙන් නම් ඒක සද්ද කරන විදිහ ඇහිල ප්‍රනවුන්ස් කරන්න ගියහම ඉබේම "අ" යන්න ලොප් වෙනවා. ඉතිං ඒ ඇහෙන විදිහයි අපේ ක්‍රමෙයි එකතු කරලා කට්ටිය මේ වචනෙ හදාගත්තා "පුන්තමේන්තුව" කියලා. ඒ වගේම "හීටර්" වලට කියන"රිස්කල්දමේන්තො" කියන වචනෙ "රිස්කල්දමේන්තුව" උනා. කොටින්ම මඟීන් ප්‍රවාහනය කරන දුම් බෝට්ටුව "වපොරෙත්තො" "වපොරෙත්තුව" උනා. ඒ වගේ "න්තො", "ත්තො" කියන අකුරු වලින් ඉවර වෙන වචන ගොඩක් අපේ විදිහට හදාගෙන තියෙන්නෙ. මම ජීවත් වෙන නගරයේ තියෙනවා "ෆින්කන්තියේරි" කියලා ලොකු නැව් හදන ෆැක්ට්‍රි එකක්. අපේ අය අකුරු ලොප් කරලා, විසන්ධි කරලා එහෙම අපේ ක්‍රමේට හදා ගත්ත "පිංකන්තේරිය" කියලා.              
                       අපිට මේ වගේ යුරෝපා රටවල් වලදි ආශ්‍රය කරන්න හම්බ වෙනවා අපේ අහළ පහළ ආසියානුවන්. චීන්නු, පාකිස්ථාන්, පිලිපීන්, බංග්ලාදේශ වගේ අය. ඒ අයටත් අපේ අය පහසුවට නම් හදාගෙන ඉන්නෙ. චීන්නුන්ට චව්වො, පාකිස්ථාන් අයට පක්කො, පිලිපීන් අයට පිල්ලො, බංග්ලදේශ් අයට තෙල්ලො ඔය වගේ නම්. මේවා අපහාසෙට කියන ඒවා නෙමේ ඉතිං. හඳුනා ගැනීමේ පහසුවට.
                       ඔය වගේ තව ගොඩාක් තියෙනවා. මතක් උනොත් ආයෙ ලියන්නම්. මෙන්න මේ සිංදුව අහන්න්කො. මේකෙත් තියෙනවා උප සංස්කෘතියෙ වචන දෙකක් තුනක්. අහල බලන්නකො.

"සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සිහින විලේ බඹර රැඟුම් පානා
පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින් මුතුකුඩ ඉහළන්න අපට ඕනා
හිතේ සවිය ගතේ දිරිය අපිට තියෙන එකම විරිය වීලා"



http://www.youtube.com/watch?v=fiYDNlCU2Js                     
ශශී

2009 මැයි මාසෙ 19 වෙනිදා. ඒ දවස ශ්‍රී ලාංකිකයින්ට කවදාවත් අමතක වෙන්නෙ නැති දවසක්. අවුරුදු 30 ක් පුරාවට අපේ රටට වින කරපු යුද්ධය ඉවර වෙලා නිදහසේ  හුස්ම ගන්න පුළුවන් කියන සිතුවිල්ල හදවතට දැනුන ඒ දවස කොහොම අමතක වෙන්නද?
      ඒත් මම මේ ලියන්න යන්නෙ යුද්ධය ගැන නෙමේ. ආදර කථාවක් ගැන. යුද්ධය පිටුපස තිබුණු ආදර කතා අතරින් සුවිශේශීම ආදර කථාවක් ගැන. මාතෘකාව දැක්කහම ගොඩක් අය ඒ කථාව දන්නවත් ඇති.
 හොඳයි, කාලයකට ඉහත 90 දශකයේ පමණ කොටුව පොලිස් ස්ථානයේ සේවය කළා දෙමළ ජාතික පොලිස් නිළදාරියෙක්. එතන සිංහල අය වගේම දෙමළ අයත් ගොඩාක් සේවයේ යෙදිලා හිටියා. මේ තරුණ නිළදාරියා කාලයක් යද්දි ආදරයෙන් බැඳෙනවා එතන සේවය කරන සිංහල ජාතික පොලිස් නිළදාරිණියක් එක්ක. ඒ වෙනකොට යුද්දයේ ගිණි දැල් බිහිසුණු ලෙස මුළු රටම වෙලා ගෙන තිබුනා. උතුරේ තමන්ගෙ ජාතියට වෙන කෙණෙහිළිකම්, දකුණේ තමන්ගෙ ජාතිකයන්ට මුහුණ දෙන්න වෙන කෙණෙහිළිකම් දකින මේ පොලිස් නිළදාරියා බොහෝම හිතේ දුකෙන් තමයි තමන්ගෙ රාජ කාරිය කරන්නෙ. ජාතිවාදී ගිණිදැල් බොහොම උත්සන්න උණු අවස්ථාවක මොහු තමන්ගෙ රස්සාවට ආයුබෝවන් කියලා යනවා උතුරට. ඒ තමන්ගෙ ජාතිය වෙනුවෙන් අරගලයක් කරන්න හිතාගෙන. තමන්ගෙ සිංහල ජාතික පෙම්වතිය ට කරුණු පහදල දීල ගියත්, ටික කාලයකින් හැමදේටම වඩා වටින තමන්ගෙ ආදරය හොයාගෙන මේ සිංහල කෙල්ල උතුරට යනවා...මේ කථාව අපේ සිංහල ගීත රචකයෙක් මෙන්න මෙහෙම ලියනවා.

 "සිංහල සිංදු කියන
 නළලේ තිලක තියෙන කිරිල්ලී
 තුඩින් හදවතක් අරගෙන
 ගිණිගත් තල් අරඹට ආවදෝ ඉගිල්ලී"

තමන් වගේ අන්‍ය ජාතිකයෙක් සමඟ විවාහ වීම මල් පොකුරක් වෙනුවට කටු පොකුරක් අතට ගත්තා හා සමාන බව මේ දෙමළ තරුණයා නොදන්නවා නොවෙයි. ඔහුගේ හැඟීම් අපේ ගීත රචකයා පද රචනය කරනවා මේ වගේ..

" දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශි වී
 ගිණි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්තු මනාළී
මධු සමේ මධුර මල් අතරේ පිපී වැනුන සුරූපී"

        දැන් යුද්දයේ දරුණුම කාල පරිච්ඡේදයක්. තමන්ගෙ ජාතිය වෙනුවෙන් හඬ නඟන අරගල කරන පිරිසක් ඉන්නවා. පොත් පෑන් අමතක කරලා, තමන්ගෙ වෙනත් රැකියාවල් වලට සමුදීලා තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පිරිසක් ඉන්නවා. තමන්ගෙ අයිතිය වෙනුවෙන් දිවා රෑ හඬන මේ පිරිස ගැන අපේ ගීත රචකයා මෙහෙම ලියනවා.

" ගිණි අවිත් එක්ක පෙමින් බැඳුණු විහඟ සෙනඟ හඬාවී"

මෙතන දි මෙම පිරිස විහඟුන් යනුවෙන් හඳුන්වන්නෙ ඇයි කියන එක ගැන මට පොඩි ප්‍රශ්ණයක් තිබුනා. එතනදි මොවුන් ත්‍රස්ථවාදීන් ලෙස නොව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කැරලිකාරයක් පමණක් බව හඳුන්වන්නට යෙදුනු වචනයක් විය හැකීයී.. ඊටත් වඩා සිංහලයින් සිතා ගෙන සිටින විදිහට ඔවුන් නපුරු මිනිසුන් නොවේයැයි කීමට මෙයා භාවිතා කළා විය හැකියී. ඒත් මේ දේවල් කොහොමද සිංහල මිනිස්සු අතරට ගෙනියන්නෙ. ඒකට ආයුධයක් විදිහට තමන්ගෙ සිංහල ජාතික බිරිඳව යොදා ගත හැකි වේයැයි මේ දෙමළ නිළදාරියා සිතූ වාර අනන්තයයි. අපේ ගීත රචකයා ඒක ලියන්නෙ මෙන්නෙ මෙහෙම

"ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය ප්‍රියාවී"

නමුත් ඇයට ඒ සඳහා බලපෑමක් නැහැ... ආදරය තෝරා ගන්නාවද නැද්ද කියන කාරණය ගැන ඇයට තවමත් නිදසේ තීරණයක් ගන්න පුළුවන්. අර තරුණ දෙමළ නිළධාරියාගෙ කෝණයෙන් අපේ ගීත රචකයා ගීතයේ අවසාන පද වැළ මෙන්න මෙහෙම සටහන් කරනවා.

"ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී"

ගුණදාස කපුගේ මහත්මා ගායනා කරන මේ ගීතයේ පද රචකයා ඇත්තටම කවුද කියලා මම දන්නෙ නෑ. මේ ගීතය ගායනා කිරීම නිසා කපුගේ මහතාට ගොඩාක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න පවා සිදු උනා.  
                         යුද්ධය අවසන් දවසේ එක පෙලට මැරී වැටී සිටි ප්‍රබල ත්‍රස්ථවාදී නායකයන් කිහිප දීනෙකුගේ සිරුරු රූපවාහිනි තිරයේ සටහන් වුණු මොහොත මට අද වගේ මතකයි. ටික වෙලාවකින් මම ආදරය කරපු ඒ සොඳුරු ත්‍රස්ථවාදියාගෙ සිරුර රූපවාහිනී තිරයේ දිස් උනා. ඒ නඩේසන්. අනිත් ත්‍රස්ථාවාදීන් ගේ මරණය  හා යුද්ධය සහමුලින්ම ඉවර වීම පිළිබඳව ඒ මොහොතේ මා විඳවමින් සිටි සතුට අතරින් සිහින් දුකක් ගලාගෙන ගියා.
    නඩේසන් කියන්නෙ එල් ටී ටී ඊ යට ත්‍රස්ථවාදය වෙනුවට ජන අරගලයක මුහුණුවරක් දෙන්න උත්සාහ කරපු නායකයෙක්. බොහොමයක් නායකයන්ගෙ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා එය ත්‍රස්ථවාදී සංවිධානයක් උනා. අදටත් ගොඩක් පිට රටවල් වල අය දන්නෙ එල් ටී ටී ඊ ය යනු කැරලිකරුවන් පිරිසක් බවයි. ඒ නිසාම තමා අපේ රටට මෙච්චර බලපෑමක් එන්නෙ. මමත් හදවතට එකඟව ත්‍රස්ථවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන එල් ටී ටී ඊ යට විරුද්ධව යුරෝපෙදි උද්ගෝශණ වලට පවා සහභාගී වූ අයෙක්. නමුත් නඩේසන් මගේ ප්‍රියතම , මම ආදරය කරන චරිතයක් වී තිබුනා. අවසානයේ තමන්ගෙ සංවිධානය ත්‍රස්ථවාදී මුහුණුවරක් ගැනීම ගැන නඩේසන් දුකින් සිටි බවද සඳහන් වෙනවා. එල් ටී ටී ඊ සංවිධානයේ පොලිස්පති ලෙස නඩේසන් කටයුතු කළ අතර නඩේසන් ගේ සිංහල ජාතික බිරිඳ එහි කාන්තා පොලිස්පති ලෙස කටයුතු කළ බවද වාර්ථා උනා.

ශශී

නිවන් සුව විඳින ස්ථානය යනුවෙන් දක්වා ඇති පුවරුවකි. එයට ඇතුළු වන ගේට්ටු 3, 4 ක්ද ඇත. ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්, කලාකරුවන්, ප්‍රභූන් නිවන් විඳීම සඳහා ඇතුළු වන ගේට්ටුව අසල දන්නා කියන මුහුණු දෙක තුනක් තිබුනු බැවින් ඒ පැත්තට ගමන් කළෙමි. හදිසියේම ඒ ගේට්ටුවෙන් නිවන් සුව ලබන පිණිස ඇතුළු වීමට සුද්දෙක් ඇවිත් බව ආරංචි වීමත් සමඟම කට්ටිය උන් තැන් වලින් නැඟී සිටින්නට විය. බහුතරයක් ඉන්දියන් කාරයන්, චීන්නුන්, ජපනුන්, භූතාන කාරයන්, නේපාල කාරයන් සිටින මේ ගේට්ටුවෙන් සාමන්‍යයෙන් නිවන් සුව විඳින්නට එන්නේ බෞද්ධයන් බැවින් මෙයින් සුද්දෙක් ඇතුළු වීම නිල් අහසේ හෙණ ගහනවා වැනි විරළ සිදුවීමකි.                     කොහොමත් නිවන් සුව විඳින ඇතුලට ගන්නේ සති දෙකකට සැරයක් බැවින් කට්ටිය කට්ට කාගෙන බලා සිටිය යුතුය. ගන්න දවසෙ උනත් කට්ටිය පෝලිම් වී සිටියත් කාට කාට මුලින් ඇතුළට ය හැකි වේදැයි දන්නේ දෙයියන් පමණය.හදිසියේ සීනුව නාද විය. කට්ටිය ඇතුළට ගන්න වෙලාව පැමිණ ඇත. සති දෙක තුනක් කට්ට කාගෙන හිටපු ජෝ අභේව්ක්‍රම මහතා ද, කේ ජයතිලක මහතාද දාඩිය පිසිමින් ගේට්ටුවට ළං වෙන්නට විය..හදිසියේම යකඩ කටින් මුලින්ම ඇතුළට යන්නාගේ නම නිවේදනය වන්නට විය. "ස්ටීව් ජොබ්ස්"මෙය නම් අරුමයකි. සති දෙකක් ගේට්ටුව ලඟ රස්තියාදු වෙමින් හිටපු අපේ දෙදෙනා මේ වෙන අසාධාරණය කුමක් දැයි කල්පනා කරමින් ඉද්දීම ඉන්දියන් කාරයන්ගේ චියර් එක මැද්දේත්, චීන්නුන්ගේ රැවුම් ගෙරවුම් මැදත් "ස්ටීව් ජොබ්ස්" ආරක්ශකයන් දෙදෙනෙකු ද සමඟින් ඉදිරියට එන්නට විය.. සියළු දෙනාටම ආචාර කරමින් ඉදිරියට පැමිණි ස්ටීව් ගේට්ටුව අසළම උන් අපේ දෙදෙනා දැක ශ්‍රී ලංකාවේ නේදැයි මහත් භය භක්තියෙන් යුතුව විමසීය.අපේ දෙදෙනා ඔව් යනුවෙන් පවසන කොටම ස්ටීව් විසින් ඔවුන් දෙදෙනා බදාගෙන, තමන් ලංකාවට බෙහෙවින් ආදරේ බවත්, ලංකාවෙ මිනිස්සුන්ට තමන් ඉතාම ආදරේ බවත් කඳුළු සල සල පවසන්න්නේය. තමන්ට ආයෙ ඉපදෙන්න චාන්ස් එකක් ආවොත් තමා ඉපදිය යුත්තේ ලංකාවේ පමණක් බවද ඔහු ස්ථීර අධිශ්ඨානයෙන් යුතුව කියා සිටියේය. "මම මැරුණහම මට නිවන් සුව පතපු පැතිල්ල හින්ද මම අද මේ ගේට්ටුවෙන් මුලින් යන්නෙ.. ලංකාව නැත්තන් මාත් පැය ගානක් මහ පාරෙ, නොදැකපු මට මෙහෙම විශ් කොරානම් තමුන්ට කොහොම නිවන් පතන්න ඇත්දැයි ආවේගශීලීව පැවසුවේ හරියට ජේවීපී රැස්වීමක කතිකයෙක් වගේය. ආරක්ශකයන් දෙදෙනා විසින් ඔහුව ඇතුලට කැඳවා ගෙන යන තෙක්ම "ශ්‍රී ලංකාවට ජය වේවා" යනුවෙන් ඝෝරනාඩු කරන්නටද විය.මෙයින් පසු අපේ දෙදෙනා එතැන සිටිය බොහොමයක් ඉන්දියන් කාරයන්ගේ ඊර්ශියාවට බඳුන් වූ අතර ජපනුන් ගේ සුභ පැතීම්, ලංකාව ගැන කරන වර්ණනා වලට සවන් දීමටද සිදු විය. මේ සිදුවීමෙන් මොහොතකට පසු තවත් අමුත්තෙක් අපේ දෙදෙනාට ලං වෙන්නට විය. බැලින්නම් ඒ ටයි අන්කල් ය.. මේ සිද්දිය කෙටියෙන් ටයි අන්කල්ට විග්‍රහ කළ කේ ජයතිලක මහතා කට්ටියට ඇතුළට යාමට තව කාලන්තරයක් බලා සිටීමට සිදු වෙන බව දන්නා නිසා අසල ගසක් මුළට ගොස් සිංදුවක් වත් කියමුයැයි දෙදෙනාට යෝජනා කරන්නට විය.....සෑහෙන කට්ටක් කාපු නිසා මුලින්ම බිම වාඩි වූ ජෝ අභේවික්‍රම මහතා ගීතයකට මුල පුරන්නට විය."ස්ටීව් ජොබ්" හට නිවන් පතන්නැතිඇපල් නැති උනුත් ලංකාවේනිවන් විඳින්නට විශ් මඳි වෙන්නැති ඒකයි අපි මේ මහ පාරේ"

ශශී

නින්ද එන්නෙත් නෑ....මුළු රෑම.... හිත හැදෙන එක එක දේවල් ෆේස්බුක් ස්ටේටස් වලට දාලා හිත හදා ගන්න හැදුවත් හිත හදා ගන්න බෑ...ඒවා දැකලා මම ඉන්නෙ ෆිට් එකේ කියලා කට්ටිය හිතුවට හදවත පිච්චෙන තරම දන්නෙ මම විතරයි...
         ඇයි දෙයියනේ මෙහෙම උනේ?
                අපි ලෝක කුසලානය ගන්න කොච්චර කට්ටක් කෑවද? අන්තිම මොහොත වෙනකන් තියාගෙන උන්නු බලාපොරොත්තු ගොන්න......කොහොම උනත් කප් එක අපිට අහිමි උනා.
ඒ දැනෙන හිත් වේදනාව හරියටම ආදරයක් නැති උනා වගේ.
              මතුපිටින් කොච්චර ෆිට් එකේ ඉන්නවා කියල පෙන්නන්න හැදුවට බෑ. හදවත වාවන්නෙ නෑ..අමතක කරන්න බෑ. තනි වෙච්චි ගමන්ම ඒ වේදනාව ආයෙත් උඩට එනවා. හිත හයිය කරගෙන නිදා ගන්න හැදුවත් නින්ද යන්නෙත් නෑ. ඒක ගැනම එක එක දේවල් ලිය ලිය ස්ටේටස් අප්ඩේට් කර කර හිත රවට්ට ගන්නවා.. හරියටම ආදරේ වගේමයි.
                    ආදරේ කරද්දි අපිට මූණ දෙන්න වෙන අභියෝග, බාධක වගේ, ක්වාට(ර්‍) ෆයිනල් වලින් එතකොට සෙමි ෆයිනල් වලින් දිනලා (ඒවා දිනන්නෙ නැතුව මුලින්ම කැපුනා නම් හිතේ මෙච්චර දුකක් නෑ) බලාපොරොත්තුව ලඟටම ඇවිල්ලා එකපාරටම ඒක සුන් වෙන එක පුදුමාකාර වේදනයි.
          පරණ සුන්දර මතක සටහන් ඒ කියන්නෙ අපි ඉන්දියාවට මීට කලින් ගහපුවා බල බල හිත හදා ගන්නවා.
   ඔන්ලයින් හිටියත් ඕෆ්ලයින් දාගෙනම ඉන්නවා මිසක් කා එක්කවත් කතා කරන්නවත් හිතේ හයියක් නෑ. වෙන වැඩක් කරන්න හිත දෙන්නෙත් නෑ....ඒ විතරක් නෙමේ ඒ ගැන කවිත් ලියවෙනවා....
         සමහර වෙලාවට මෙදාපාර එක නැති උනේ හොඳකට වෙන්නැති. ඊලඟ එක නම් කොහොම හරි හිමි කරගන්නවා,  කරගන්නවාමයි..ඒත් වැඩියෙන්ම හිතට දුක ගව් ගානක් දුර ඉන්න වෙන එකෙකුට මේක හිමිවෙන්නෙ නැතුව ලඟම ඉන්න එකාට මගෙන් අහිමි වෙච්චි එක ලැබුනු එකයි.
                      ''පාළු මඳ නළට ළං වෙලා නින්ද මා කරා එන්නෙ නෑ
                       හදවතින් දැවි දැවී රැය පුරා නිදි දෙව් ලොවට  ළං වෙන්න බෑ
                       නුඹ මතකයෙන් ගිලිහෙනා තත්පරයක් ඇත්තෙ නෑ
                       නුඹව මට නොලැබෙනා ලොවක ජීවත් වෙන්න බෑ''


ශශී
මෙදා සීත                     කාලය 
එන පොට               භයංකාරය 
හකුළුවාගෙන අත              පය 
නිදන්නට නම් තවත් බැරි     විය

On කළ හැකිය            හීටරය 
එවිට කැරකෙයි             මීටරය 
Gas බිළද සිහි                විය 
Purse එකටත් අබම   සරණය

අනේ වැඩි වෙන ගෙවල්  කුලිය 
ජලය, විදුලිය කුණුද එක්    විය 
මෙතුන් බිල් නම් ශෝක ජනකය 
Internet නම්   සතුටුජනකය

Pasta නම්             කුජීතය 
Pizza ත් දැන්        චාටර් ය 
හෝ මාගෙ            තත්වය 
එන්ට එන්ටම      සෝචනීයය

මවුපියන්                සිහිවිය 
දෑස කඳුලින් බර           විය
ගැලුවෙ උණු           කඳුළුය
වැටුනු හිම කැටද දිය     වි


ශශී
ආයෙත් සීත කාලෙ ඇවිත්
ඊට පස්සෙ වසන්ත කාලෙ එනවා
ආයෙත් ගස් වල කොළ හැදෙනවා
මල් පිපෙනවා
ඊට පස්සෙ රස්නෙ කාලෙ එනවා
ඊට පස්සෙ හේමන්තෙ
ගස් වල කොළ හැලෙනවා
මල් පර වෙනවා
සීත කාලෙ අයෙත් පටන් ගන්නවා....
ජීවන චක්කරේ......



ඒ විදිහට අවුරුදු පිටින් ගෙවිලා යනවා
අපි හැමදාමත් අනාගතේ කිය කිය
නොදැකපු දවසක් ගැන හිත හිතා
ඔහේ ජීවත් වෙනවා.
යුරෝ, පවුම්, පා(ර්)ට් ටයිම්
සීත, රස්නෙ, හිම එක්කම
අපේ තාරුණ්‍යයත්
ඔහේ ගෙවිලා යනවා.....