මම ඉතාම ආදරය කරන රටක් තියෙනවාය. මගේ මූණු පොතේ මිතුරන්ගෙන් තුනෙන් දෙකක්ම ඒ රටේ ඇත්තන්ය. මම ඔවුන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ලොකු උවමනාවක් තිබුනේය. මට ඒ රටේ භාශාවද ටිකක් පුළුවන්ය. පහුගිය දවසක මූණුපොතේ කරක් ගහද්දි මේ රටේ ඇත්තන්ගේ නියම වැඩක් මම දැක්කේය. ලයික් කර සෙයාර් කරන පුරුද්ද මේ රටේ ඇත්තන් අතරත් ජනප්‍රියය. ආඩම්බර නම් සෙයාර් කරන්න යයි කියමින් ඔවුන් මේ සෙයාර් කරන්නේ ලෝකයේ පළමු අකුණු සන්නායකය නිපදවා ඇත්තේ තමන්ගේ මුතුන් මිත්තන් බවය. ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ දස්කම මමත් ලයික් කර සෙයාර් කෙරුවේය. ඒත් මූණු පොතේ කට්ටිය එක එක කොමෙන්ටු දැම්මෝය. සමහරු ඒ බොරු යැයි කීවෝය. සමහරු ඒ ඇත්ත යයි කීවෝය. සමහරෙක් මෙසේද කීවෝය.
"හෙණ ගහන්නේ පව්කාරයන්ටය. පව් කාරයන් ඒ උගුලෙන් ගැලවෙන්ට ක්‍රමයක් සෙව්වෝය. අවසානයේ අකුණු සන්නායකය බිහි උනේය".
ඇතමෙක් මෙසේ කිව්වේය.
"සුද්දාට හෙණ ගසන්නේ නැත. හෙණ ගැසුවා නම් බොලාට කලින් උන් ඕක හොයා ගන්නවාය."
මෙසේ කී දෙදෙනාම දේශද්‍රෝහීන් යයි මම සිතුවේය. අවසානයේ එක දේශප්‍රේමියෙක් ඇත්ත කථාව හෙළිදරව් කෙරුවේය.
"දිනක් මේ කියන රට බැලීමට සුද්දෙක් පැමිණියේය. මේ සුද්දා වතු සුද්දෙක්ය . එනම් ඇපල් , දොඩම්, මිදි යනාදී වතු රාශියක උරුම කරුවෙක් විය. මේ සුද්දා මේ කියන රටේ ඇවිදිමින් සිටියදී අර අකුණු සන්නායකය දුටුවේය. මෙපමණ කලක් තමාගේ වතු වල තිබෙන ගස් වල පළතුරු බිම වැටී නරක් වී යාමේ අවධානමට පිළියමක් හොයමින් සිටි සුද්දාට නියම අදහසක් පහළ විය.
එනම් මෙය කෙක්කක් වශයෙන් භාවිතා කල හැකිය යන්නය.
නැවත ගම රට ගිය සුද්දා මේ කියන රටේ අකුණු සන්නායකයේ ආකෘතියට යකඩෙන් කෙක්කක් හැදුවේය.... ඒ ගස් වැල් වල ඵල දරන වැසි වැටෙන අප්‍රියෙල් මාසයය. කෙක්ක සාදා ගහකට හේත්තු කර තේ එකක් බොමින් හිටි සුද්දාට, වැස්සත් සමඟ ඇදී ආ අකුණක් මේ කෙක්ක ට පතිත වී පොළොවට ඇද ගනු දකින්නට ලැබුනේය. ( මේ කියන දිනවල කළ කී දේ නිසා සුද්දන්ටත් හෙණ පතිත වීමට පටන් ගත් අවධියය ) වතු හිමි සුද්දා ඉක්මනින් අදාළ අංශ දැනුවත් කළේය. පරීක්ශණ කණ්ඩායම් පැමිණියෝය. ඒ අනුව අදාළ රටෙන් හොරා ගන්නා ලද තාක්ශණයෙන් සුද්දන් ප්‍රථම වරට අකුණු සන්නායකයක් නිපදෙව්වෝය."
මෙය සිද්ධ උනේ ගොඩාක් කාලෙකට කලින්ය... මේ කියන පුංචි රටට ආදරේ මම නිතරම එහි පුවත්පත් කියවන්නේය. මේ දවස් වල ඒ රටට ගොඩාක් වැස්සද වැටෙන්නේය.... වැස්සත් සමඟ එන හෙණ ගෙඩි වලින් හැකිතාක් ප්‍රවේශම් වන්න යනුවෙන් එහි පෝර්ති ද පළ වන්නේය..මේ තාස්සණය හොරකම් කරගත් සුද්දන්ගේ රටේ එහෙම පෝර්ති පළ වෙනවාදැයි මම නොදන්නේය.
*****************************************
එකෝමත් එක රටක වංශවත් පවුලක් හිටියේය. මේ පවුල බොහෝම සතුටෙන්, බොහෝම ආඩම්බරයෙන් සැහෙන කාලයක් ජීවත් වුනෝය. ඔහොම ටික කාලයක් යද්දි පියා මිය ගියේය..මේ පවුලේ දීග යන වයසේ ගෑණු ළමයෙක් ද සිටියාය. තාත්තාගේ මරණයෙන් පසු මේ පවුලට මිළ මුදල් , පෙර විඳි සැප සම්පත් හිඟ වන්නට ද විය. අතේ සතේ නැතත් හිතේ රැස්පොට් බැස්සේද නැත.
ඊට ගෙවල් දෙක තුනකට එහා කොල්ලෙක්ද සිටියේය. ඒ කොල්ලා බෝට්ටුවක නැඟී හොරෙන් ඉතාලි ගොස් නැවත ගම රට පැමිණ සිටියේය. සල්ලි යහමින් නැතත් ඉන්ට හිටින්ට ගෙයක් දොරක් හදාගෙන තිබුනේය. දවසක් මේ කොල්ලාට මේ කියන තරුණිය ව මඟදි මුණ ගැසුනාය. දෙන්නා නෙත් කොණෙන් සිනා සෙන්නට පටන් ගත්තෝය. ක්‍රමක්ක්‍රමයෙන් එය ආදරයකටද පෙරළුනේය.
ටික කාලයක් ගත වූයේය. මේ සම්බන්ධය ගෙදරට ආරංචි වූයේය. ආරංචිය ලත් සැණින් තරුණියගේ අම්මා සාරිය කරට ගත්තාය. කෙල්ලට බැණ, තරවටු කොට කොල්ලාගේ ගෙදරට ද ගියාය. කොල්ලාගේ ගෙදර ඇත්තන් බියෙන් වෙව්ලන්නට වන්නෝය. අපිට උඹලා ගැලපෙනවාදැයි අසුවාය. ප්‍රේම කථාව එතනින් අවසන් වූවේය. තරුණිය ඇඬූ කඳුළෙන් කාලය ගත කළාය. කොල්ලාද ටික කාලයකින් වෙනතක් බලා ගත්තේය.
එහෙමත් ටික කාලයක් ගත වූයේය. අම්මා වංශවත් පවුලකින් දුවට මනමාලයෙක් සෙව්වාය. තකට තක පොරක් සෙට් වූයේය. මනමාලයාගේ වංශයද බොහොම උසස්ය. නමුත් දැන් බැහැගෙන යන කලාවය. අන්තිමේ මේ මඟුල සිදු වුනේය.
ඔහොම කල්ප කාලාන්තරයක් ගෙවී ගියේය. අම්මාට දියණිය බලන්නට යන්නට සිතක් පහළ උනාය. අසවල් දිනයේ තමන් එන බව කියා අම්මා දුවට ටෙස් මැසේජ් එකක් යැව්වාය. ඒ බිල නොගෙවීම නිසා දුරකථා ක්‍රියා විරහිත කර තිබීම නිසාය. මේ කියන දවස උදා විය. උදැහැනැක්කෙන් මෑණියන් වැට පැන එනු දුව දැක්කාය. විගසින් කුස්සිය වෙත දිව ගිය ඈ ෆ්‍රයින් පෑන් එකක් ලිප තබා ගෑස් පත්තු කළාය. තෙල් ටිකක්ද දැම්මාය. ලී හැන්දන් අතට ගෙන තෙල් ටික කලවම් කරන්නට වූවාය. රත් වෙන තෙල් සුවඳට මන් මත් වූ මෑණියන් කෙළින්ම කුස්සියේ දොර අසළට ආවාය. ඇවිත් තෙල් සුවඳට ඉව ඇල්ලුවාය. "අද ස්පෙසල් ෆ්‍රයිඩ් චිකන් ද, බිස්ටේක් ද, ස්පගෙති කර්බොනාරා ද" කියමින් දුවගෙන් ඇසුවාය. "නෑ අම්මේ අපි මේ ටිකේම කෑවෙ වංසෙ කබල් ගාල.... මම මේ අම්මටත් ටිකක් දෙන්න වංසෙ කබල් ගානවා" කියමින් හිස් තාච්චිය පෙන්නුවාය. කාරණය අවබෝධ කර ගත් මමී සැණෙන් ඩිසැපියර් වූවාය.
***************************************************
මේ කථන්දර දෙකේ කිසිදු සම්බන්ධතාවයක් නැත්තේය.

ඇත්තටම කතා දෙකේ සම්බන්දයක් නැද්ද
දැන් ඔය දෙවෙනි කතාව මොකද්ද,
මගේ අම්මා ගේ උසස්පෙල පන්තියේ වංශපාල නම් කොල්ලෙක් සිටියාලු. ඔහු ගේ අන්වර්ථ නාමය වී අතේතේ වංශේ කබල් ගානවා යන්නයි!
පළවෙනි කතාව ගැන නම් හිතාගන්න පුලුවන් :D