සමනලුන් වල් වැදුනු ගංදෑල ළඟ තනිව
අතීතය සිහි කරමි නෙත් දෙකත් පියාගෙන
නියඟයක් ඇවිත් ගඟ සිඳී ගිය විලස
ඔබ වෙන්ව ගිය දවස මතකයි මට අද සේම.....
සුදු පට මල් කඩන් නුඹේ හිස දවටන්න
නුඹෙ සිහින් නළලතත් ඇත්තමයි සිපගන්න
අත්ල මත අත් තබා හෙමින් මට මුමුණන්න
ඔය දුඹුරු ඇස් අගින් රහසකුත් පවසන්න....
උරහිසට තුරුළු වී උණුසුමට මෙග ළගට
අපි අපේ නොවුනොතින් ඇත්තමයි මියැදෙන්න
පපුතුරේ අත් තබා නුඹත් මට දිවුරන්න
මුමුණාපු ඒ මොහොත සත්තකින් අමතකද?.......
නුඹෙ සියක් මතකයන් ගං දියේ හංගෙගන
සිටියත් ගං ඉවුර වියළී ඇත සිත් ඉවුර
හදවතම දව දවා නුඹෙන් මට ශේශ වුන
මතකයට සමුදෙන්න ඉතින් මට අවසරද?....
ලස්සන නිර්මාණ්යක් මචන්...කීප් ඉට් අප්.. :)
තෑන්ක්ස් මචං....උඹලෙග් උදව්වත් අමතක කරන්නෙ නෑ.......
බඩුම තමා
සංවේදී තරම්ම සංවේදී !
උදාර -ඇයි උදාර බඩුම තමා කිව්වෙ........
sudheeranish- ස්තූතීයි සුදීර අයියෙ.....
ane wachana ne ae tharamatama superb shashi ia
thanku thanku.......:D
Adharaya ekata thawa aluth post ekak onei
@ anony - aniwa liyamu :D
elatama kiyawanna maga balanna sitimi...:D
very beautiful poem.