ශශී
සඳවතියෙ නුඹ මා සිත් අහස සනහලා
පෑයූ දා ඉඳන් මුළු හදවතම ලෙඩ වෙලා.
රෑ අහසෙ මං...තරු කැටයක්ව පායලා
ළංවෙන්න බැරි සඳ රැස් වලට පෙම් කලා.

දන්නවද? මම ඉන්නෙ හීනේක තනි වෙලා
නෙතු වලට නින්ද නෑ... නුඹ ගැනම හිත හිතා.
අහිමි බව දැන දැනම මං නුඹට ළං වෙලා
බැඳපු බැමි බිඳලන්න හිතෙනව මට නුඹ නිසා.

ඇල ඉවුරෙ ඇවිද යමු අතින් අත පටලවා
තනි වෙන්න අවසරද? නුඹ ළඟම රෑ පුරා.
තරු කුමුදුනියන්ට හොරෙන් හිමි හිමිහිට ළං වෙලා
සම්මතේ බිඳ ළමුද තොල් වලට තොල් තියා.